
( කුෂාන් ජයවර්ධන)
නිධානයකින් ලබා ගත් පුරාවස්තු බව පවසන රන්පැහැති බුද්ධ ප්‍රථීමාවක් ඇතුළු භාණ්ඩ කිහිපයක් අලෙවිය සඳහා සූදානමින් රැගෙන යමින් සිටි සැකකරුවකු එම භාණ්ඩ සමඟ අත්අඩංගුවට ගැනීමට ගිරානේගම පොලිසිය සමත්ව තිබේ.
ගිරානේගම පොලිස් ස්ථානාධීපතිවරයාට ලද තොරතුරක් මත ගිරානේගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ ක්ෂණීක මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබේ.
සැවඳ කවා සැකසූ විශේෂීත ඇසුරමක බහා සැකකරු මෙම බුද්ධ ප්‍රථීමාව ඇතුළු දෑ ප්‍රවාහනය කරමින් සිටි බව පොලිසිය කියයි .
සැකකරු සතුව තිබී සොයා ගන්නා ලද භාණ්ඩ අතර නිධානයකින් ලබා ගත් බව කියන රන් පැහැති බුදු පිළිමයක්, පෙති 24කින් යුත් රන් පැහැති නෙළුම් මලක් සහ රන්පැහැති බෝ පත්‍රයක් ද වෙයි.
නිධානයකින් ලබා ගත් බව කියන මෙම රන් පැහැති බුද්ධ ප්‍රථීමාව ඇතුලු දෑ සන්තකයේ තබාගෙන සිටියදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති සැකකරු අත්අඩංගුවට ගත් සැකකරු ආඬියාගල, හල්මිල්ලවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.
ගිරානේගම පොලිස් ස්ථානාධීපති පොලිස් පරීක්ෂක එන්.බී.ඒ.එස්.බී.නිශ්ශංක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධීපති උප පොලිස් පරීක්ෂක චන්ද්‍රෙස්න මහතා ප්‍රමුඛ පොලිස් සැරයන්වරුන් වන 3252-බංඩාර, 14355-සංජීව හා පොලිස් කොස්තාපල් 73390-රත්නසේකර ඇතුලු නිලධාරීන් පිරිසක් අදාළ මෙහෙයුම සිදුකර සැකකරු හා නඩු භාණ්ඩ අත්අඩංගුවට ගෙන තිබිණ.
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
පුරාවස්තු ළඟ තබාගත් අයෙක් පොලිස් දැලේ