IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


පුරාවස්තු ආඥාපනත සංශෝධනය වෙයි

(අංජුල මහික වීරරත්න)

පුරාවස්තු ආඥාපනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ පුරාවස්තු සහ ශ්‍රී ලංකාව තුළ ඇති ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක වැදගත්කමක් ඇති ස්ථාන හා ගොඩනැගිලි සංරක්ෂණය කිරීම සඳහා 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත සම්මත කර ඇත. එකී ආඥාපනත අවසන් වරට සංශෝධනය කරනු ලැබ ඇත්තේ 1998 වර්ෂයේදී වන අතර, මේ වන විට පුරා වස්තු ආරක්ෂා කර ගැනීම සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අභියෝග ගණනාවකට මුහුණ දෙමින් සිටී. එබැවින්, වර්තමාන අවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි සහ විශේෂයෙන්ම පුරාවස්තු විනාශය, පුරාවස්තු සොරකම, අනවසර කැණීම් සහ පුරාවස්තු අපනයනය වැලැක්වීමට කඩිනමින් පියවර ගැනීම සඳහා නව නීතිරීති ඇතුළත් කරමින් අදාළ ආඥාපනත සංශෝධනය කිරීමේ අවශ්‍යතාව පැන නැඟී ඇත.

ඒ අනුව, අදාළ ක්ෂේත්‍රයේ විද්වතුන්, පුරාවිද්‍යාඥයින්, පුරාවිද්‍යා නිලධාරින් සහ සමාජ ක්‍රියාකාරකයින් සමඟ වැඩමුළු සහ සාකච්ඡා පැවැත්වීම මඟින් හඳුනා ගෙන ඇති සංශෝධන ඇතුළත් කරමින් 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනතසංශෝධනය කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමතකරන ලදී.

 



අදහස් (0)

පුරාවස්තු ආඥාපනත සංශෝධනය වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 335 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2147 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1622 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site