IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පුරාවස්තු 777ක් පසුගිය වසර තුනේදී උස්සලා

(සුජිත් හේවාජුලිගේ )

ඉතා වටිනා පුරාවස්තු 777 ක් පසුගිය වසර තුනේදී (2021 - 2019) සොරකම් කර  හෝ විනාශ කර හෝ ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ එහි අලුත්ම වාර්තාවක  සඳහන් වේ.

එම වාර්තාවට අනුව පුරාවස්තු වැඩිම ප්‍රමාණයක් විනාශ කර හෝ සොරකම් කර හෝ ඇත්තේ   පසුගිය 2021 වසරේදීය. එම සංඛ්‍යාව 383 කි.

මීට අමතරව 2020 වර්ෂයේදී  පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම් 121ක් වාර්තාවී තිබූ බව පවසන විගණන අංශ  2019 වර්ෂයේදී  පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම් 273ක් සිදුව ඇතැයිද   සඳහන් කළේය.

පුරාවස්තු සොරකම් හෝ විනාශ කිරීම්වල  වර්ධනයක් පෙනෙන්නට ඇති හෙයින් මේ  සිද්ධීන් වැලැක්වීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බව විගණන කාර්යාලය පුරාවිද්‍යා ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත.

මේ අතර පුරාවස්තු පනත උල්ලංඝනය කිරීමේ අවස්ථා 232කට අදාලව පසුගිය වසරේදී  අධිකරණයේ නඩු පවරා ඇතැයි  එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.

එම නඩුවලින් 122ක් අවසන් කර තිබූ අතර එමගින් දඩ වශයෙන් අය කරගෙන තිබූ මුදල රුපියල් හාර කෝටියකට  ආසන්නය.

ඒ තොරතුරු සඳහන් වන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ 2021 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන  වාර්තාවේය.



අදහස් (6)

පුරාවස්තු 777ක් පසුගිය වසර තුනේදී උස්සලා

ravin Saturday, 10 December 2022 10:44 AM

දේශපාලුවෝ හා හෙන්චයියන් කී දෙනෙක් ඔය කියන විනාශයට සම්බන්ධයිද කියන්නකෝ.

:       0       9

ranjith Saturday, 10 December 2022 02:41 PM

ජාතික කෞතුකාගාරයට වැඩේ දුන්නු කෙනා අනෙක් පුරාවස්තු ඉතුරු කරයිද? කරන අපරාධවලට හෙණ ගහන්න ඕනෑ..

:       0       10

ANURA ROME Saturday, 10 December 2022 04:01 PM

පුතාණෝගේ ගෙදර ටිකක් සෝදිසි කරලා බලන්න.. අතීතයේ ඉඳලා හොඳ ඵලපුරුද්දක් තියෙන්නේ..!

:       14       11

ගමේ එකාලාSaturday, 10 December 2022 06:46 PM

දූෂිත පවුල් පාලනේ අය එකාට එකා මහාපරිමාණයේ හොරු. රටම හොරාකාලා, නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරලා අන්තිමට ජනතාව මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කෙරුවා...

:       0       14

විපරමා Saturday, 10 December 2022 04:58 PM

කටුගෙයි වටිනා පුරාවස්තු ගිලපු බහිරවයාට ඕවත් වැඩද? උතුරෙන් වටිනා කියන සම්පත් මංකොල්ල කාපු, සුනාමියෙන් හොරාකාපු දූෂිත නායකයින් ඉන්න රටේ මොන කතාද?

:       0       13

fairoos Sunday, 11 December 2022 12:36 PM

ඔය එන්නේ නන්දසේනගේ කෙරුවාවල්... මොවුන්ට නම් සොබාදහමින් තමයි පඩිසන් ලැබෙන්නේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site