IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ

(ගයන් සූරියආරච්චි)

ඉරාන ජනාධිපති ඊබ්‍රහම් රයිසි මහතා ඇතුළු රාජ්‍ය දූත මණ්ඩලයට ආරක්ෂාව සැපයීම සදහා මාර්ග වසා තැබීම හේතුවෙන් අද  (24) රියැදුන් ඇතුළු මගීහු විශාල සංඛ්‍යාවක් දැඩි අපහසුතාවට පත්වූහ.

කටුනායක ගුවන්තොටපොළ සිට පෑලියගොඩ පිවිසුම දක්වා අධිවේගී මාර්ගය පස්වරු 12.00 සිට පස්වරු 1.00 දක්වා  එක් මංතීරුවක් පමණක් විවෘත කර තිබූ අතර අධිවේගී මාර්ගය භාවිත කරන රියැදුරන්ට විකල්ප මාර්ග භාවිත  කිරීමට සිදුවිය.

එමෙන්ම ඔරුගොඩවත්ත, දෙමටගොඩ, බොරැල්ල, ඩී.එස් සේනානායක මාවත, හෝටන් පෙදෙස, ග්‍රීන්පාත්, ආනන්ද කුමාරස්වාමිමාවත, ලිබර්ටි වටරවුම, ගාලු පාර, ගාලු මුවදොර, ලෝටස් පාර ඇතුළු මාර්ග වසා දැමීම හේතුවෙන් රියැදුරන් විකල්ප මාර්ග භාවිත කිරීම හේතුවෙන් සවස් වනතුරු විශාල වාහන තදබදයක් ද දක්නට ලැබිණි.

(ඡායා- නිමල කොඩිතුවක්කු )



අදහස් (1)

පාරවල් වැසෙයි:මගීහු අමාරුවේ

pakeer Wednesday, 24 April 2024 09:32 PM

හැම දේම කොළඹට ගේන එකේ ඵලවිපාක...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site