(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම නගරයේ සිපෙට්කෝ    ඉන්ධන පිරවුම් හලක කිව් .ආර් .කේතය නොමැතිව ඉන්ධන නිකුත් කළයි පවසමින් ඉන්ධන නිකුත් කිරීම අද (17) දහවල්  අත්හිටුවීමට තෙල් සංස්ථාවේ බලධාරියෙක් විසින් පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් පැය ගණනාවක් දිගු පෝලම් වල රැඳී සිටි පාරිභෝගයන් විශාල පිරිසක් දැඩි අපහසුතාවයට පත්විය.

මේ පිළිබඳ ඉන්ධන හලේ සේවකයන්ගෙන් විමසීමේදී අද දිනය පුරාම කිව් ආර් කේතය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවත් ඒ හේතුවෙන් පැමිණෙන පරිදි පාරිභෝගිකයන් වෙත ඉන්දන නිකුත් කළ බවත් පැවසීය