(විනීතා එම් ගමගේ)
මෙරට පැරණි මාර්ග පද්ධතිය සොයා පුළුල් පුරා විද්‍යා පර්යේෂණයක් සිදුකිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සැරසෙයි.
යටත් විජිතයක් වීමට පෙර පැවැති මාර්ග පද්ධතිය මේ වනවිට සම්පූර්ණයෙන්ම පාහේ වැසී ගොස් ඇතැයි ද එම මාර්ග පද්ධතිය සොයාගැනීම ඉතිහාසයේ බොහෝ වටිනා තොරතුරු රැසක් හෙළි කර ගැනීමට උපකාර වනු ඇතැයි ද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මාර්ග පද්ධතිය සොයා තිස්සමහාරාම සිට අනුරාධපුරය දක්වා යන බවත් එහි දී කණ්ඩායම් කිහිපයක් යොදවා ඔවුන් අතරමග දී හමුවන අන්දමින් මාර්ග සොයා යන වැඩපිළිවෙල දියත් කරන බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා ලංකාදීපයට පැවැසීය.
මෙහි මුල් පියවර ලෙස තිස්සමහාරාම සිට මහියංගනය ඔස්සේ පොලොන්නරුව හරහා අනුරාධපුර දක්වා මාර්ග සොයා යන්නට බලාපොරොත්තු වන බව හෙතෙම සදහන් කළේය.
සාමාන්‍යයෙන් වසරක පමණ කාලයක් මෙම ව්‍යාපෘතියට ගතවනු ඇතැයි ද මනතුංග මහතා කීය.
එය මුල් අදියර ලෙස ආරම්භ කර ඉන් පසු දිවයිනේ අනෙක් පළාත්වලත් එවැනි මාර්ග සොයා යන්නට සූදානම් බව කී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙම මාර්ග පද්ධතිය සොයා ගැනීමත් සමග ඉතිහාසයේ මෙතෙක් සොයා නොගත් පැතිකඩ රාශියක් හෙළිවනු ඇතැයි ද කීය.
විශේෂයෙන් එවකට පැවැති වෙළදාම සභ්‍යත්වය මෙන්ම සමාජ සම්බන්ධතා පිළිබදවද බොහෝ තොරතුරු හෙළි කරගත හැකි වනු ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
මේ වනවිටත් අතීත මාර්ග පද්ධතියේ නෂ්ඨාවශේෂ පවතින්නේ යැයි ද ගල්පාලම් වැනි නෂ්ඨාවශේෂ හදුනාගෙන ඇතැයි ද හෙතෙම වැඩිදුරටත් සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් එතකොට ඉන්න පදිංචි කරුවන්ට මොකද කරන්න යන්නේ?
හොයාගෙන තියෙන ටික රැකගන්න බැරි අය තව දේවල් හොයනවා.
හොයාගන්නේ වෙන මොකකටවත් නොවේ. ඒවා ආයේ හදන්න ඕනේ කියලා බොරු සංවර්ධනයක් පටන් ගන්න. එතකොට කාටවත් කරදර කරන්න බැහැ. මේවා ඉස්සර තිබ්බ ඒවා කිව්වාම කට වහගෙන ඉන්න වෙනවා.
පැරැණි තිබුණු දේවල් නම් අපේ අයියලා හොයාගනියි. නමුත් අලුතින් යමක් සොයාගන්න තමයි බැරි. පසුගිය දවස්වල එක අධ්‍යක්ෂවරයෙක් කොරෝනා ආපු හැටි හොයාගත්තා කියලා පත්තරේත් මූණ දාගෙන තිබුණේඒත් ලෙඩේට තවම කසායක්වත් හොයාගන්න බැරිවුණා එයාලට...
හොයාගත්තු ඒවා ඩෝසර් කරපුවා ආයේ හොයන්න යනවා. ලංකාවට අබ සරණයි.
සල්ලි කන මෝඩ වැඩ... ඇමතියෙකුගේ හරි සල්ලිකාරයෙකුගේ ඉඩම යටින් පාර තිබුණොත් ව්‍යාපෘතිය ඉවරයි. එහෙම නැතිනම් නිධන් තියෙනවා කියලා ඔත්තුවක්... ඒක හම්බ වුණාම ව්‍යාපෘතිය ඉවරයි. තව දෙයක් ඕක පිටින් දාලා සල්ලි තියෙන අය තමන්ගේ වතු හාරන්න ගනියි. දුප්පත් මිනිහෙක් ළිඳක් කපද්දී මොනවාහරි හම්බවුණොත් ඒ මිනිහාව හිරේත් දානවා.