
(යොහාන් භාසුර)
ජපානයේ ටෝකියෝහිදී දැන් පැවැත්වෙන පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් කොඩිතුවක්කු ‘එෆ් 64’ කාණ්ඩයේ (දණහිසට පහළින් එක් පාදයක් අහිමි හෝ ඊට සමාන ආබාධිත) හෙල්ල විසිකිරීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගැනීමට අද (30) පස්වරුවේ සමත් විය.
මෙහිදී සමිත මීටර 65.61 ක් විසිකරමින් සිය පෞද්ගලික ඉහළතම දස්කම් වාර්තා කිරීම කැපී පෙනුණි. මීට පෙර ඔහුගේ ඉහළතම දස්කම් ලෙස ඉන්දුනීසියාවේ ජකර්තා නුවරදී 2018 වසරේ පැවැති ආසියානු පැරා ක්‍රීඩා උළෙලේදී වාර්තා කළ මීටර 58.38 පැවතුණි.
31 හැවිරිදි සමිත දුලාන්, මාතර දෙනියාය ප්‍රදේශයේ උපත ලැබූවෙකි.
එම ඉසව්වේ රන් පදකක්ම ඉන්දීය ක්‍රීඩක සුමිට් සුමිට් (මීටර 68.55) සහ රිදී පදක්කම ඕස්ටේ්‍රලියානු ක්‍රීඩක බ්‍රයන් මයිකල් (මීටර 66.29) දිනාගැනීමට සමත් වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට තවත් ඔලිම්පික් පදක්කමක්... ඔබට සුබ පැතුම්...!!!
සුබ පැතුම්
දුක්කදායක සියලු පුවත් අතරේ සිතට දැනෙන සතුටුදායක තවත් පුවතක්. රටට ආඩම්බරයි
පැරා ඔලිම්පික් පදක්කමකින් මව්බිම අලංකාර කළ ඔබතුමාටත් මගේ උණුසුම් සුබපැතුම් පුදකරමි...!!!
යුද්දෙත් කරලා එ්කත් දිනවලා, රට රනින්, ලෝකඩෙනුත් සරසලා.. ඔයිට වැඩිය මොනවාද? බුදුසරණයි !
පුතේ නුබට අපගේ හදපිරි සුබපැතුම්...!!! අපගේ මාතෘභූමියට යහපතක්ම වේවා.....
නියමයි සමිත, අපිට හරිම ආඩම්බරයි.
ඔන්න කොල්ලෝ. සුභ පැතුම් දුලාන්!