IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


පාර්ලිමේන්තුවේ වැඩ ගැන පූජක සිසුන්ට උගන්වයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තු ක්‍රියාදාමය සහ සම්ප්‍රදායන් පිළිබඳව කලුතර “දහම් සෙවණ” දෙව් සත්හලේ පූජක සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

පාර්ලිමේන්තුවේ සභානායක ලේකම් ජනකාන්ත සිල්වා සහ පාර්ලිමේන්තුවේ අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා සහ අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) එම්. ජයලත් පෙරේරා යන මහත්වරු මෙම වැඩසටහනේ සම්පත්දායකයෝ වූහ.

පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය ඇතුළු කරුණු  පැහැදිලි කිරීම මෙහිදී සිදුවූ අතර පූජක සිසුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ගැටලු ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවිය .

අනාගත ආගමික නායකයන් ලෙස ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිය වගකීම් භාරගැනීමට නියමිත මෙම පූජක සිසුන්ට පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධය ප්‍රායෝගික දැනුම  සහිතව ලබා  දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ස්තුතිය පුදකරන බව මෙම අවස්ථාවට සහභාගී වූ දෙව්සත්හලේ මණ්ඩපාධිපති සිසිල් ජෝ පෙරේරා පියතුමා සඳහන් කළේය. 

දෙව්සත්හල නියෝජනය කරමින් නිමේශ් ද සිල්වා පියතුමා ද මෙම වැඩසටහනට එක්ව සිටියේය.

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුවේ මහජන සේවා අංශය විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබිණි.



අදහස් (2)

පාර්ලිමේන්තුවේ වැඩ ගැන පූජක සිසුන්ට උගන්වයි

පනසිළු Thursday, 17 July 2025 04:06 PM

ස්වර්ගයට යන්න ඒ දැණුමත් ඕනද?

:       9       4

maalaka Friday, 18 July 2025 05:58 AM

නෑ panasilu, මේ ලෝකේ නීති හදන තැන් ගැනත් හැමෝම (මෝඩයන් නොවන) අය දැන ගත යුතුයි.

:       2       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 123 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 40 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 740 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site