
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
වියදම් පාලනයේ දී මෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධව මූලික වගකීමක් පැවරෙන පාර්ලිමේන්තුව එම බලය නිසි ලෙස භාවිතා නොකිරීම රටේ වත්මන් මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (18)පැවසීය .
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65කට රන් සහ රිදී සම්මාන පිරිනැමීම වෙනුවෙන් අද (18) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති උත්සවය අමතමිනි.
මූල්‍ය කටයුතු සම්බන්ධව වැඩිම කමිටු ප්‍රමාණයක් පත්කර ඇති ලොව එකම පාර්ලිමේන්තුව වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට රටේ මූල්‍ය විනයක් ඇති කිරීම වෙනුවෙන් සුවිශේෂ කාර්යභාරයක් පැවරෙන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

2025 දෙසැම්බර් මස 18
482
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1049
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘‘පාර්ලිමේන්තුව බලය පාවිච්චි කර නෑ‘‘
පිංජනා Tuesday, 18 July 2023 06:41 PM
එතකොට පාර්ලිමේන්තු බලය පාවිච්චි කරලා මහ බැංකුව කොල්ල කන එක හරි නේද?
sena Tuesday, 18 July 2023 07:14 PM
පාර්ලිමේන්තුවට මුදල් සම්බන්ධ බලය පාවිච්චි කරන්නේ කොහොමද විධායකය මුදල් ඇමති කම තියාගෙන පිස්සු කෙලින කොට ?
Perera Wednesday, 19 July 2023 12:31 AM
ගොබෙල්ස් න්‍යාය .බොරුවක් දිගටම කියන කොට ඒකෙ ඇත්ත බවක් පෙනෙන්න ගන්නවා
chandima Wednesday, 19 July 2023 05:34 AM
බලය පෙන්නන්න ගිහින් ලබනපාර ටිකට් එකට කෙලවාගන්න ඕන නැහැනේ .එකයි එකයි කියද්දී දෙක නැත්නම් එකොළහයි කියලා දෙන දෙයක් කාලා උන්නම පස්සෙන් පහු දරු මල්ලන්ටත් රස්සාව තියනවා
Rata Perata Wednesday, 19 July 2023 12:04 PM
බලයට හිටපු අපතයින්ට දැන් සනීප ඇති... පාර්ලිමේන්තුවට ඇවිල්ලා මිස්ටර් බීන් වගේ පිස්සු නටනට දැන් ඒකෙ බලය ගැන කතා කරනවා. අපේ රටෙත් නායකයින්ගේ මානසික තත්වය අවුරුද්දකට සැරයක්වත් පරීක්ෂා කරන්න ඕනෑ...
කටා නායක Wednesday, 19 July 2023 01:11 PM
ගෙදර සෙකයුරිටි එක්ක එකතු වෙලා ගේ බිදපු හොරා කියනවා ගෙදර උන් ගේ ආරස්සා කලේ නැහැලු