(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 ප්‍රශ්නය අසන අවස්ථාවේ ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා සභාව විනාඩි පහකට කල් තබන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
ආර්ථිකය බංකොලොත් කළ පුද්ගලයන් රාජ්‍ය අනුග්‍රහය යටතේ තවමත් සුඛෝපභෝගී ජීවිත ගත කරමින් සිටින බවත් මහින්ද ,ගෝඨාභය ,බැසිල් ඇතුළු අය කළ ආර්ථිකය විනාශයේ පාඩුව ඔවුන්ගෙන් අය කර ගන්නවා දැයි විපක්ෂ නායකවරයා විමසීය.
ඒ අවස්ථාවේ දී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කෑ කෝ ගසමින් දැඩි විරෝධයක් පළ කළ අතර පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී සනත් නිශාන්ත මහතා ඇතුළු මන්ත්‍රීවරුන් විපක්ෂ නායකවරයා සිටි දෙසට පැමිණ විරෝධය පළ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වයක් ඇති විය.
අනතුරුව සභාව විනාඩි පහකට කල් තබන බව කතානායකවරයා නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd