(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු කමිටු වල සාමාජිකයන් ගණන දෙගුණයකටත් වඩා වැඩිවී ඇති බැවින් කාලය කළමණාකරණය කරගෙන පාර්ලිමේන්තු කටයුතු පවත්වාගෙන යා යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාර්ලිමේන්තුවේ කමිටුවල සාමාජිකත්වය දරණ මන්ත්‍රීවරුන් කමිටු රැස්වීම් අතරතුරදී පාර්ලිමේන්තුව සභා ගර්භයට පැමිණීමෙන් කමිටු පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති වන බව ද අමාත්‍යවරයා කීය.
රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සිය කතාව අතරතුරදී පාර්ලිමේන්තුවේ ඝණ පූර්ණය නොමැති බවට කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තුවේ රැස්වීම් තියෙන වෙලාවේ කමිටු කැඳවීමෙන් රැවුලයි, කැඳයි දෙකම නැතිවෙනවා. අවුරුදු 75 ක් රට පස්සට ගියේ ඔය වගේ සැලසුමක් නැතුව වැඩ කරපු නිසා තමයි ඇයි පාර්ලිමේන්තුවේ රැස්වීම් නැති දවස්වල කමිටු රැස්වෙන්න බැරිකමක් තිබේද? අන්තිමට නටපු තොවිලෙකුත් නැහැ.... බෙරේ පලුවකුත් නැහැ වගේ ලංකාව අගාධයකට වැටෙනවා.
සම්පූර්ණ ඇත්ත.
ඝන පූර්ණ උනාම මිනිස්සුන්ගේ ප්‍රශ්න විසදෙනවා ද? මේකාලා එදත් අදත් හෙටත් කතා කරන්නේ උන්ගේ ප්‍රශ්න ...