(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් අවදානම හේතුවෙන් පාර්ලිමේන්තුවේ මුලුතැන්ගෙය සහ එහි ආපන ශාලා සියල්ල අද සිට හදිසියේම වසා දමනු ලැබීය.
මේ හේතුවෙන් පාර්ලිමේන්තුවේ නිලධාරීන්ට සහ සේවකයන්ට කෑම පිටතින් ගෙන ඒමට තාවකාලිකව අවසර දුන් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
කෑම බීම පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන ඒමට පෙර ඒවා දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙසට ආරක්ෂක අංශවලට උපදෙස්දී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු සේවකයන් සහ මාධ්‍යවේදීන් ඇතුළු 275 දෙනෙකු පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට පෙරේදා (17)යොමු කෙරුණු අතර ඉන් සේවකයන් දොළොස් දෙනෙකුට කොවිඩ් ආසාදනයවී ඇතැයි එම පරීක්ෂණවලදී හඳුනා ගැනිණ.
ඒ පිරිසේ ආපනශාලා අංශයේ සේවකයන් කිහිප දෙනෙකුද සිටිතියි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තුව මීළඟට රැස්වීමට නියමිතව ඇත්තේ ලබන මස 6 වැනිදාය.
මේ අතර කොවිඩ් අවදානම් තත්වය සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ රාජකාරි කටයුතු සඳහා සේවකයන් ඉතා සීමිත වශයෙන් කැඳවීමට පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා තීරණය කර ඇත.
කොවිඩ් අවදානම හේතුවෙන් මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වූයේද පෙරේදා(17) දිනයේ පමණකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බත් පැකට් ගෙනැත් විකුන ගන්න හොඳ වෙලාව. මුල්ලකට වෙන්න.. දවසට 100 ක් වික්කත් රු.500 ගානෙ සති 2 ට.
ඕකේ ඉන්න එවුනුත් එක්ක දියවන්නාව හේදිලා පලයන්.
වහන රැල්ලට සපෝර්ට් එකටද වැහුවේ?
සැමදාම වහන්නවා නම් ගෙදරින් කෑම ගෙන එයි . මහජන මුදල් ඉතිරියි
ඒක තමයි පාර්ලිමේන්තුව මේ සතියෙ එක් දිනක් කිව්වේ
පාර්ලිමේන්තුවේ ඔය කොටස හැමදාම ස්ථිරවම වහල දාන්න. කෝටි ගණනක් රටට ඉතිරිවෙනවා.
අයියෝ අපේ මේ ආසාවෙන් බලන් ඉන්නේ 225 ටම බෝ වෙනකම් .අමාරුව දැනෙන්න
සදහටම වහලා දාන්න ඕනේ .ජනතාවගේ බදු මුදල් විශාල වශයෙන් කාලා දාන තැන .
අරුන් නම් ඕකෙන් කාලා නැහුනත් අපට කමක් නැහැ
මාරක වයිරසේ උනත් රටේ මිනිස්සුන්ට අති විශාල මුදලක් ඉතුරු කරලා දීපු එක අවස්ථාවක්. ඕක වහල දාන්න තියෙන්නේ. ඔය ඕනිනම් ප්ලේන්ටියක් වගේ දෙයක් ඔය හාදයන්ට දුන්නට කමක් නැහැ.
දූෂිත දේශපාලුවන්ට කොරෝනා හැදිලා චුත වෙනවනම් ඒකත් සෞභාග්‍යයේ දැක්ම කියලා සැනසෙන්න තිබුනා .
දැන් මාසෙකට ලක්ෂයක කෑම දීමනාවක් ඉල්ලයි. රනිල් හිටියා නම් දීලා...