(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ මන්ත්‍රීවරුන් සිවු දෙනකු ඝනපූර්ණය නැතැයි දැනුම්දීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු අද (9) දිනයේද අවස්ථා හතරකදී ඇණ හිටියේය.
කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා සභාවේ ඝනපූර්ණය නැතැයි දැනුම් දීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු ඊයේ (8) දිනයේද අවස්ථා පහකදී ඇණ හිටියේය.
සභාවේ ඝනපූර්ණය නැතැයි ඊයේ වරින්වර දැනුම් දෙනු ලැබුවේ විමල් වීරවංශ, ගෙවිඳු කුමාරතුංග, උදය ගම්මන්පිල සහ වාසුදේව නානායක්කාර යන මහත්වරුන් විසිනි.
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමට සහභාගිවීමට අවසර ලබා නොදෙන්නේ නම් ඉඩ ලැබෙන සෑම අවස්ථාවකදීම ඝන පූර්ණ ප්‍රශ්නය මතු කරන බව විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී පෙරේදා ප්‍රකාශ කළේය.
විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඝන පූර්ණ ප්‍රශ්නය මතු කරන්නේ එම තීරණය අනුවය.
මෙලෙස ඝන පූර්ණ ප්‍රශ්නය මතු කෙරුණු එක් අවස්ථාවක දී අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවේ වැදගත් විවාදයක් පැවැත්වෙන අවස්ථාවක මෙලෙස ඝන පූර්ණ ප්‍රශ්නය මතු කිරීම ගැන කණගාටුවන බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක සදහටම ගොලු කරලා තියන්න බැරිද? නිකන් මුදල් නාස්ති කරන තැනක් මිස රටට ප්‍රයෝජනවත් තැනක් නෙවෙයි...
අර පින් කාලකන්නියා චන්දයක් තියන්නේ නැති එකේ විපාක තමයි මේ