(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුදල් අමාත්‍යාංශය දෙවෙනි වතාවටත් ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තාවේ.
මේ අවස්ථාවේදී එම හිලව් දීමනාව ලබාදිය නොහැකි බව අමාත්‍යාංශ නිලධාරීන් දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු සේවකයන්ගේ නිවාඩු හිලව් දීමනාව මුල් අවස්ථාවේදී ප්‍රතික්ෂේප කෙරුණු විට පාර්ලිමේන්තු සේවකයන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී ඒ පිළිබඳව යළි කරුණු සළකා බලන ලෙස ඉල්ලීම් කර තිබිණි.
එම සේවකයන් මෙම ඉල්ලීම කරන ලද්දේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේදීය.
තමන් නිවාඩු ලබා නොගෙන කරන ලද සේවාව වෙනුවෙන් ලැබිය යුතු දීමනාව මෙසේ අහිමි කිරීම බලවත් අසාධාරණයක් බව පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවාඩු යනු අයිතිවාසිකමක් නොව වරප්රසාදයකි
නිවාඩු ගන්නේ නැතිව "L " බෝර්ඩ් කතානායකලා දෙන්නෙක්වම පුරුදු කරන එක ලේසි පහසු වැඩක්ද ? ඒ මදිවට තමන්ගේම කැන්ටිමේ, තමන්ට කන්නත් නැතිකොට !
ඕවා නොගෙව්වාට ජේවීපි පාක්ෂිකයෝ තිස්දාහකට රජයේ රැකියා දෙනවාලු. හැබැයි ලොක්කා කියන හින්දා ඒකත් පචයක්ද දන්නේ නෑ...
එහෙම නම් රජයේ සෑම සේවකයකුටම හිලව් නිවාඩු වලට ගෙවන්න...
පාර්ලිමේන්තු සේවකයින්ට වෙනත් රාජ්‍ය සේවකයින්ට නැති අයථා ලෙස නතු කරගත්තු වාසි රාශියක්ම තියෙනවා. ඉතා සුළු නොවටිනා මුදලක් පඩියෙන් කපලා ඉතා ඉහළ මිලක් ආහාර ලබා ගන්නවා. ඒකනිසා තමයි කෑම සඳහා විශාල පිරිවැයක් යන්නේ. කෝටි ගණනක් වියදම් යන්නේ, මුළු රටක් බදු සල්ලි සේවකයින්ට කන්න දෙනවා. දේශපාලකයෝ නොව මෙන්න මේ සේවකයින්ගේ සමස්ත පිරිවැය ගණනය කරලා බලන්න. දේශපාලකයින්ගේ කෑම වේලෙ මිල වැඩි කාලයට සේවකයින්ගේ කෑම වේලෙ මිල වැඩි කළේ නෑ. සේවකයෝ විශාල ගණනක්, තුට්ටුවක් ගෙවලා නිකන් වගේ කෑම දිනපතා ගන්න නිසා තම පාර්ලිමේන්තුව පවත්වන්න අති විශාල පිරිවැයක් යන්නේ. මෙව්වා තමයි හැදෙන්න ඕනෑ... තැන්, රාජ්‍ය වියදම් අඩු කරගන්න.