
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරියත් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මන්ත්‍රී විශ්‍රාම වැටුප ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදීය.
මන්ත්‍රීවරයා මෙසේද ප්‍රකාශ කළේය.
පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න අයින් කළා. දැන් මහ ලේකම්වරියත් එළවන්න කුමන්ත්‍රණයක් යනවා. චමින්ද කුලරත්න මහතා ගැන පවත්වන මූලික පරීක්ෂණයේ අවසාන ඡේදයේ නිර්දේශවලට අමතරව පිළිගත් ක්‍රමවේදයට පටහැනිව චමින්ද කුලරත්න මහතා පත් කිරීම ගැන සහ එමගින් රජයට පාඩු කිරීම ගැන කේ ඒ රෝහණදීර තාවකාලිකව දැනට දරන තනතුරින් ඉවත් කර ඇය සම්බන්ධයෙන් විනය පරීක්ෂණ කළ යුතු බව සඳහන් වෙනවා.
අාණ්ඩුව එක පැත්තකින් නීතිපතිට අත තියෙනවා. තවත් පැත්තකින් විගණකාධිපතිට අත තියෙනවා. දැන් පාර්ලිමේන්තුවටත් අත තියලා. රට මෙහෙයවන්න හදන්නේ පැලවත්තට ඕන විදියටද. කතානායක පුටුවට එන්නෙ පැලවත්තට ඕන විදිහට වැඩ කරන්නද. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන. ස්වාධීන ආයතන වලට අත තියලා. හැම තැනටම අතගහනවා. අපි මේවට ඉඩ දෙන්නේ නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd