(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ පානදුර සුමිත් පොතුපිටිය)
ආරක්ෂක නිලධාරීන් අත්දෙක අල්ලාගෙන සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු පිරිසකගේ ප්‍රහාරයට ලක් වූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගත ව ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි
මෙලෙස රෝහල් ගතව ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ පානදුර දිග්ගල හිටපු සංවිධායකවරයෙකු මෙන්ම අපේක්ෂකයෙකු වන විශ්වනාත් ද අල්විස් නැමැති 42 දෙදරු පියෙකි
පහර කෑ පුද්ගලයා අද සවස් වරුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා සමග බණ්ඩාරගම කඹුරුගොඩ ප්‍රදේශයේ අවමඟුල් නිවසක ට පැමිණ තිබූ බව පොලිසිය කියයි
මද වේලාවක දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ පිරිසක් එම අවමඟුල් නිවසට පැමිණ ඇති අතර පහර කෑ පුද්ගලයා ඔහු සමග පැමිණි හිටපු පාර්ලිමේන්තු කටයුතු ලේකම් වරයා සමග නිවස කරා යාම සඳහා යතුරුපැදියෙන් පැමිණ ඇතැයි පොලිසිය කියයි
මද වේලාවකදී බණ්ඩාරගම කැස්බෑව මාර්ගයට පැමිණිර ඔවුන් බණ්ඩාරගම දෙසට යාම සඳහා මද දුරක් පැමිණීමේදී
සුඛෝපභෝගී ජීප් රථයෙන් පැමිණ තිබූ මන්ත්‍රීවරයා යතුරු පැදිය නවතන ලෙස පවසා පහර කෑ අය අසලට පැමිණ ඇති අතර ආරක්ෂක නිලධාරීන් දෙදෙනා අත්දෙක අල්ලාගෙන සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සහ තවත් පුද්ගලයන් කීප දෙනකු එක්ව ඔහුට පහර දුන් බවත් එම අවස්ථාවේදී මන්ත්‍රීවරයාගේ පා පහරක් ද යටි බඩ ප්‍රදේශයට එල්ල කළ බව ද කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ
පැමිණිල්ල සිදු කරමින් සිටිය දී පහර කෑ පුද්ගලයා ක්ලාන්තව බණ්ඩාරගම පොලිසියේ සුළු පැමිණිලි අංශයේ ඇද වැටුණු අතර වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සහ එම පුද්ගලයාගේ හිතවතුන් මූලික ප්‍රතිකාර ලබාදී 1990 සුවසැරිය ගිලන් රථයෙන් බණ්ඩාරගම දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත
පානදුර කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උපාලි මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර් සී රාජපක්ෂ ,සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සී.චාමින්ද මහත්වරු පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිලාවත් මන්ත්‍රීගෙ නම එහෙම නම් සඳහන් කරන්න එපා... පව්නෙ..
වාහනය සමග සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඉදිරි කටයුතු බාදාවකින් තොරව පවත්වාගැනීමට ඉහලින් සහය ලැබෙයිද කියලා ජනතාව බලන් ඉමු.
ඔන්න උන්ගේ කෙනෙක් ගේ වැඩක්, දැන් බලමු අපි හෙට දින පාර්ලිමේන්තුවේ මේ ගැන විශේෂ විවාදයක් තියල හැම පක්ෂෙම කට්ටිය මේගැන විරෝදය පළකරයි ද කියාල , රනිලුත් නිතිය තදින් ක්‍රියාත්මක කරන්න කියල පොලිසියට උපදෙස් දේවිද කියල
ජනිපෙ කියන්නෙ අර විමලයගෙ පක්‌ෂෙනේද? එහෙනම් අපරාදෙ මෙ අහිංන්සකයාට පහරදුන් එකට, විමලයටයි මුසාමිලයටයි නෙ ගහන්න තිබුනෙ.
පරීක්ෂණ කර කර ඉන්න... ගිහින්ප හර දුන්න අය අත්අඩංගුවට ගන්නවා. බයයි නේද...?
ගුටි කාපු මිනිහාගේ නම දානවා, ඇයි ගහපු මිනිහගේ නම දාන්න බැරි?
අම්මෝ දැන් අර මන්ත්‍රීව අල්ලලා හොඳ දඬුවමක් දෙයි.
මන්ත්‍රීගේ නම කියන්නකෝ...