(ආරියරත්න රණබාහු)
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාලින්ද දිසානායක මහතා අද (05) සවස කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඒ මහතා 61 වන වියේ පසුවූ ඒ මහතා දෙදරු පියෙකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ පොදු පෙරමුණ සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ යටතේ ඒ මහතා ඇමති කැබිනට් නොවන අමාත්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ලෙස තනතුරු රැසක් දරා තිබේ.
ඒ අනුව ඉඩම් සංවර්ධන හා සුළු අපනයන බෝග ඇමැති (2000 -2001) රජරට සහ ගංගානිම්න සංවර්ධන නියෝජ්‍ය ඇමැති (2004-2007) පොල් සංවර්ධන කැබිනට් නොවන අමාත්‍ය (2007-2010) වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය(2010-2015)
වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු වූ ඒ මහතා කුරුණෑගල මලියදේව සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලයෙහි ආදී ශිෂ්‍යයකු වන අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිධාරියෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවේගයෙන් දැනුම් දීමයි... ඊළඟට පාර්ලිමේන්තුවට එන්නේ කුරුණෑගල ප්‍රසිද්ධ වෛද්‍ය චරිතයක් නේද?
සත්‍ය මෙයයි. මෙයට සැවොම මුහුණ දෙන්න වෙනවා. ඉපදෙන සියලුම සත්වයන් මිය යනවා. මේ කෙටි කලට ධනයට බලයට ගිජු වී වල්මත් වෙන්නේ කිමද?
එතුමාට නිවන් සැප ලැබේවා! එතුමා මොරටුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා ඩිප්ලෝමාධාරියෙකි.
පළමුව සංවේගය පලකරමි.. එමෙන්ම ඔය ටික හැමෝටම වෙන බව දැනගෙන රටට ජනතාවට සේවයක් කරන්න. සදාකල් ඔබගේ නාමය ජනතා සිත් සතන් තුල රැඳේවී...
බලය ලබා කෙටි කලකින් මහජන මුදල් ගසා කා මාළිගා හදන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ඉන්නා ලංකාවේ සාලින්ද මහත්මා මිය යන තුරුම වාසය කළේ ඉතා පැරණි තම මහගෙදර ය. ඇතුගල මුදුනේ බුද්ධ ප්‍රතිමාව ගොඩ නැගීමට අවසර ගැනීමට ඒ මහතා කළ අරගලය කුරුණෑගල අපි දනිමු. ජනතාව නොකඩවා එතුමන් පාර්ලිමේන්තුවට යැව්වේ එතුමාගේ හදවත හොඳින් දන්නා නිසාය. එතුමාට නිවන්සුව පතමි.
ජීවත් වෙලා ඉද්දී මොන වැඩේ කළත් මැරුණම ගුණ කථන වයන එක අපේ රටේ මෝඩයනගේ පුරුද්දක්නේ. හරි හෝ වැරදි වේවා, අපිට නම් ඔය කෝකත් එකයි.