(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ කොරෝනා පොකුර හැදුවේ කතානායක යැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා චෝදනා කරයි .
කතානායක කාර්යාලය ඇතුළු පාර්ලිමේන්තුවේ කාර්යාල කීපයකින් කොරෝනා රෝගීන් පිරිසක් හමුවුණු අවස්ථාවේදී පාර්ලිමේන්තුව කල් දමන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කතානායකවරයාගෙන් කිහිප වරක්ම ඉල්ලා සිටියත් ඔහු එම ඉල්ලීමට ඇහුම්කන් නොදුන් බවද විපක්ෂයේ ප්‍රධාන සංවිධායක වරයා ප්‍රකාශ කළේය.
ඔවුනට අවශ්‍ය වූයේ මරණ මතින් හෝ කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට යයිද ඔහු පැවසුවේය.
මන්ත්‍රීවරුන් දවසින් දවස ආසාදිතයන් බවට පත්වෙමින් සිටින බවද ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමනම් මේකට මුකුත් කියන්න යන්නැ
ඔව් ඔව්, එතකොට කොරෝනා අස්සේ රටේ අනිත් මිනිස්සු වැඩ කළාට කමක් නැහැ.. පුද්ගලික අංශයේ පවා මිනිස්සු මෙච්චර රිස්ක් එකක් තියාගෙන වැඩ.. මේ අයට හැදෙයි කියලා පාර්ලිමේන්තුව වහන එක තමයි මුලින්ම කරන්න ඕනේ... හරි නම් කියන්න තිබ්බේ රටේ අනිත් මිනිස්සුන්ට ආදර්ශයක් දෙන්න අපි හැමදාම පාර්ලිමේන්තුව රැස් කරමු කියන්න. එන්නත විදගන්නේ නැහැ අපි කියාගෙන දඟලුවේ ඕක කරගන්න නේද?
කථානායකතුමනි, ඔබතුමාට 33 කෝටියක් දේව ආරක්ෂාව ලැබෙන්න ඕනෑ.. කතාව ඇත්ත නම්...
මම හිතන්නේ නෑ එතුමාගේ චෝදනාවට සමස්ත ජනතාව එකඟවෙයි කියලා. වරාය නගරය චීනට ගියත්, ඔයකියන පොකුරෙන් එක එක්කෙනා ඉක්මණින්ම අඩුවෙලා යන එක රටට මහත් යහපතක් නිසා...
බොරුවෙන්ම ජීවත් වෙන්න එපා... සජිත් එහෙම හිතුවා නම් පිස්සෙක් වාගේ උද්ඝෝෂණ කරනවාද? එයාගේ අයටම නේද දැන් හැදිලා තියෙන්නේ...
මේ මනුස්සයා විකාර කියවනවා... හැම කෙනාටම මූලික සෞඛ්‍ය උපදෙස් පිළිපැදලා පරිස්සම් වෙන්න කියලා ඔය තරම් කියද්දීත් පරිස්සම් නොවුණු එකේ ප්‍රතිඵල තමයි ඔය..
කිරිඇල්ල කියන්නේ අප අකමැති දේශපාලකයෙක්. ඒත්, මේ කියනා කතාව හා චෝදනාව ගැන නිසි විභාගයක් කළ යුතුයි. ඒ මක්නිසාද යත්, මේ කතානායකවරයාගේ ක්‍රියා කලාපය ගැන ගැටළු තිබෙනා බැවිනි.
ඔබතුමන්ලා මාරුවෙන් මාරුවට චෝදනා කරගෙන කාලය නාස්ති කරන්න එපා. මුලදී ආණ්ඩුව ආදාහනයද, භූමදානයදැ යි තීරණය කර ගැනීම සඳහා අවුරුද්දක් නාස්ති කළා. අන් සියළු රටවල් දැනටම ඉඩදී කොරෝනාවෙන් මිදෙන ආකාරය සොයා ගත්තා. ඔබමාලා රටේ ප්‍රධාන විපක්ෂය හැටියට කොරෝනා වසංගතයෙන් රට වැසියන් බේරාගන්න සම්පූර්ණ ක්‍රමවේදයක් සකසා රටට ඉදිරිපත් කරන්න. ඵහි අඩුපාඩු නිවැරදි කරගෙන ක්‍රියාත්මක කිරීමට බලකරන්න...
මේවා බොළඳ තර්ක. කළ යුතු දේ නෙවේ මේ අය කරන්නේ කියවන්නේ...
මෙයාට දියවන්නාව පට්ටියේ "වාචාලයින්ගේ සංගමයේ සම සභාපති" කියන්නේ නිකමටද...?
විපක්ෂ නායක ඇතුළු මේ අයට ඕනේ ලෙඩේ පතුරලා හරි ගොඩ යන්නයි. දැන් ලෙඩේ හැදිලා තියෙන්නේ විපක්ෂේ අයට මිසක් ආණ්ඩුවේ අයට නොවෙයිනේ? උද්ඝෝෂණයට ගිය අයට තමයි හැදුනේ. එතැනින් තමයි විපක්ෂ පොකුර පටන් ගත්තේ...
ඇත්තටම මොවුන්ට ඡන්දය දෙන්න තරම් නූගත් මිනිස්සු ඉන්නවද කියලා පුදුමයි. එන්නත ගත්තේ නෑ මැරෙයි කියලා බයේ. ඒ වුණාට මෝඩ අනුගාමිකයන් රවට්ටන්න කිව්වා.. කාටත් දෙනකන් ගහන්නේ නෑ කියලා. එහෙම කියපු කෙනා ලක්ෂ ගණන් වියදම් කරලා පෞද්ගලික රෝහල්වල සැප විඳිනවා. ඒ ලක්ෂ ගානෙන් එන්නත් කීයක් ගන්න තිබුණද තව. ඒ මදිවට තව කීදෙනෙක්ට බෝකළාද? තමන් ආරක්ෂා වෙනවා වගේම පැතිරීම අඩු කරන්න එන්නත ගහන්නේ කියල්වත් දන්නේ නැද්ද? නැත්තන් හිතාමතාම රෝගය ව්‍යාප්ත කිරීමට සහාය වූවාද?
අපිනම් කියන්නේ මේ දෙගොල්ලන්ම එකයි කියලා. ඒත් බයියෝ වහල්ලු ඉන්නකම් රට හදන්න බැහැ.
ගිය වසරේ පාර්ලිමේන්තුව විසුරුවලා තියන කාලේ, ඒ කියන්නේ කොරෝනා පළමු රැල්ල කාලේ.. කොරෝනා පාලනයට තීන්දුගන්න පාර්ලිමේන්තුව නැවත කැඳවන්න කියපු කටින්ම කොරෝනා තුන්වන රැල්ලෙන් බේරෙන්න පාර්ලිමේන්තුව වහන්න කියන්න වෙච්චි එක කිරිඇල්ල මහතාට දෛවයේ සරදම් කරනවා වගේ තේරෙන්නේ...
මෙතන අදහස් දාලා තියෙන්නේ කවුද දන්නේ නැහැ... මේ රජය වෙනුවෙන්ද? කතානායක කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රධානියා, ආයතනවලත් කොරෝනා රෝගීන් ඉන්නවා නම් වහලා විෂබීජ හරණය කරලා නේද ගන්නේ...? මේ රටේ කට්ටියකට රටට මොනවා වුණත් තමන්ගේ පක්ෂයට බනිනවාට කැමති නැහැ. රට හැදෙයිද?
කතානායක හැසිරෙන වීදියේ අවුලක් නම් තියෙනවා. පක්ෂග්රාහී කියන්නේ ඒක උපරිමයෙන් තියන එක්කෙනා තමයි දැන් ඉන්නේ...
තුත්තිරි ගස්වල එල්ලෙන්න හදනවා පණ බේරාගන්න.
ඔහු කතානායකද?
එහෙම වෙලත් වැඩක් නෑනේ....
මෙහෙම ගියොත් විපක්ෂයේ අයගේ ගෙවල්වල කට්ටියට දරුවන් ඉපදුණත් කතානායක වගකිය යුතුයි කියාවි. තමුන්ගේ ක්‍රියාකාරම්වලට තමුන්ම වගකිව යුතු බව හැමදෙනාම දැනගතයුතු දෙයක්...
ඔය පොකුරු හදන හැමෝම හෙට අනිද්දාම එළිවෙයි. ඇමෙරිකාව, ඕස්ට්‍රේලියාව දැන් හොයන්න පටන් අරන් තියෙන්නේ කොරෝනා බොරුව ගැන..
ඕන ගොනෙකුට යුද්ධ කළ හැකි යැයි කියා තප්පුලෑ කෙනෙකුට ඕන ගොනෙකුට එසේ කොරෝනා බෝකල හැකියැයි කීම අරුමයක් නොවේ.
එතකොට අර ප්‍රේමදාස පොකුර...?