
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැන් සංග්‍රහයට පක්ෂ විපක්ෂ සියලුම මන්ත්‍රීවරුන් සහභාගී වීම විශේෂත්වයකි.
ජනාධිපතිවරයා එහිදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් සමඟ සුහදශීලීව කතාබස් කරනු දැක ගත හැකිවිය.
තේ පැන් සංග්‍රහයට විදේශීය තානාපතිවරුන් රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ද සහභාගිවූ අතර ජනාධිපතිවරයා ඔවුන් සමගද සුහදව කතාබහ කළේය.
පාර්ලිමේන්තු සමාරම්භ රැස්වීමේදී ජනාධිපතිවරයා ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභාව ලබන මස 03 වැනිදා දක්වා කල් තැබිණ. තේ පැන් සංග්‍රහය පැවැත්වුණේ ඉන් අනතුරුවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළින් ජූලි චංග්ට දුන්නු එක තරම් ලොකු නැහැ. ජෙබයියන්ට තරහ යයිද දන්නේ නෑ ඕවා කියලා...
අපිලට අරීම තන්තෝසයි... තන්තෝසයි..
ප්‍රශ්නේ ආගන්තුක සත්කාරයක් සහ මන්ත්‍රීවරුන්ට තානාපතිවරුන්ට ඇතුළු විදේශීය රාජ තාන්ත්‍රිකයන්ට සිදුකරන ලද සත්කාර සියල්ල බදු ගෙවන රටේ ජනතාවට දරන්න සිදුවීම. මේ ගොල්ලෝ ජනතාවගෙන් ඡන්දේ අරං ගිහිල්ලා ජනතාවගෙන්ම පලවෙනි දවසේ නොමිලේ පාටි දාන ඒක හරිද සහෝදරවරුණි මම වැරදි නම් කියන්න.
ජනතාවට තවම කිසිම සහනයක් නම් හම්බ වුණේ නෑ.
සමහර කුහකයින්ට සාම්ප්‍රදායික තේ පැන් සන්ග්‍රහය ගැන මහලොකුවට පේනවා. බොරු සෝබන, නාස්තිකාර වැඩ නොතිබීම ගැන වගේ වගක් නැහැ...!
ආණ්ඩුව පත් වෙචිචි ගමන් සහන බලාපොරොත්තු වන මොලේ උඩ ඉන්න අයත් ඉන්නවා. ආසියාවේ ආශ්චර්යය පෙන්වපු හැටිත් රටම දැක්කා...
සහෝදරයන්ට හරියට තරහ යනවනේ... කයිවාරුව හැර කළ වැඩක් කියන්න පුළුවන් නම්...!