තරිඳු ජයවර්ධන
පාර්ලිමේන්තුවේ ඇති වූ කළහකරී තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.
පොලිස් නිලධාරීන්ට පහර දීම, මිරිස් කුඩු ගැසීම සහ පොදු දේපොළවලට හානි කිරීම සම්බන්ධයෙන් එම විමර්ශනය පැවැත්වෙන බව දැනගන්නට ඇත.
මේ සම්බන්ධයෙන් දැනටමත් ප්‍රකාශ කිහිපයක් සටහන් කරගෙන ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
කතානායක කරු ජයසූරිය මහතාගේ අත්සනින් හොර ලිපියක් සාමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම ගැන විමර්ශන පවත්වන්නේ ද රහස් පොලිසියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුවීම කළ වැරදිකරුවන් සියලුදෙනාගේම ප්‍රජාඅයිතිය වසර 10ක් තහනම් කළයුතුය..
අනිවා මෙවැනි දේවල් පාර්ලිමේන්තුවේ සිදුවිය නොහැකිය . ජනතාව තීරණය කරන්න ඕන සුදුසු පුද්ගලයන් පමණක් පාර්ලිමේන්තුවට ගෙනෙන්න පක්ෂ බේදයකින් තොරව
එතකොට ලියුම් කඩන පිහි ගෙනාපුවා නැද්ද?
පාර්ලිමේන්තුවේ දේපල වලට හානි කල වීරයන්ව වහාම අත් අඩංගුවට ගන්න.
දැන් එතකොට, පාර්ලිමේන්තුව තුලට පිහි රැගෙන විත් මිනි මැරීමට තැත්කිරීමට පරීක්ෂණ නැත්ද?
පිහි ප්‍රදර්ශනය කරමින්, කුණුහරප කියමින්, රෙදි උස්සමින්, මිරිස්කුඩු ඉසිමින්, කෙල ගසමින්, පොත් සහ පුටු වලින් පහර දෙමින් හැසිරුණු දෙනාගේ පින්තුර දුටුවිට, හොඳින්ම අඳුනාගත හැකි දෙයක් නම් ඒවායේ යෙදුන අය එතරම් උගත්කමක් ඇති උදවිය නම් නොවන බව... කෙසේවෙතත් මේ කළහයේ කොතරම් පරීක්ෂණ තිබුණත්, මා සිතන්නේ නැහැ අවසානයේදී කිසි කෙනෙකුට දඬුවම් ලැබේය කියා... මක්නිසාද යත්, අද පක්ෂ නායකයින් පවා මේ හැසිරීම අනුමත කිරීමයි.
අර පොලිස් නිලධාරියට කම්මුලට ගැසූ තක්කඩියා වහාම අත්අඩංගුවට ගන්න...