දැනට රාජකාරියේ යෙදීසිටින බුද්ධි අංශ නිලධාරීන් පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට නොඑවන බවට ජනාධිපතිවරයා කළ ප්‍රකාශයත් සමග බුද්ධි අංශ නිලධාරීන් කැඳවීමේ ගැටලුවක් මතුවීම නිසා කාරක සභාවේ කටයුතු ඉදිරියට පවත්වාගෙනයෑම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබෙන බව එම කමිටු ආරංචිමාර්ගවලින් පැවැසේ.
කමිටුවේ සාමාජිකයන් කතානායක කරු ජයසූරිය මහතා හෙට පෙරවරුවේ හමුවී මේ පිළිබඳව දැනුම්දීමට බලාපොරොත්තු වන බව ඒ ආරංචිමාර්ග සඳහන් කරයි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ ඉදිරිපත් කෙරුණු සාක්ෂි මගින් අනාවරණය වූ තොරතුරු අනුව රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කැඳවීමට අවශ්‍ය වී ඇතත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයත් සමග මතුවී තිබෙන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් විශේෂ කාරක සභාව තවමත් ඒ ගැන ස්ථිර තීරණයක් ගෙන නැතැයි දැනගන්නට ඇත.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනත අනුව පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට ඕනෑම නිලධාරියකු කැඳවීමේ බලය තිබෙන බවත්, එසේ කැඳවා තිබියදී පැමිණීම මගහරින නිලධාරීන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්වත් කර දඬුවම් කිරීමේ හැකියාව ද ඊට තිබෙන බවත් කමිටු සාමාජිකයෝ කියති.
කෙසේ වෙතත් මේ පිළිබඳ අවසන් තීරණය කතානායකවරයා හමුවීමෙන් පසුව ගන්නා බවද ඒ සාමාජිකයෝ සඳහන් කරති.
ජනාධිපතිවරයාගේ තීරණයත් සමග කමිටුවට යනවාද, නැද්ද පිළිබඳව බුද්ධි අංශ නිලධාරීන් ද දෙගිඩියාවකට පත්ව සිටින බව දැනගන්නට ඇත.
පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන කරුණු සොයන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හිටපු ජාතික බුද්ධි ප්‍රධානි (CNI) සිසිර මෙන්ඩිස් හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඉකුත් දා එම කමිටු හමුවට කැඳවා ප්‍රශ්න කළේය. දැනට සක්‍රීය සේවයේ සිටින බුද්ධි අංශ නිලධාරීන් මින් ඉදිරියට කමිටුව හමුවට නොඑවන බවට ජනාධිපතිවරයා ප්‍රකාශයක් කළේ ඒ සිද්ධියෙන් අනතුරුවය.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මීළඟට රැස්වීමට නියමිතව ඇත්තේ හෙට (18) පස්වරු 2.00ටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති තුමා කටයුතු කරන්නේ සර්වබලධාරී කියලා හිතාගෙන. පාස්කු බෝම්බ ප්‍රහාරයන් ගැන ඇත්ත දැනගන්න ජනතාවට අයිතියක් තියෙනවා.
නරි නාටක වගකීම අන්තිමට අපිටම තමා බාර ගන්න වෙන්නෙ . අපෙ රටෙ කැත දේශපාලනය අරයට මෙයා බොලෙ පාස් කරනවා විතරයි කවදාවත් අැත්ත දැනගන්නට ලැබෙන්නෙ නැත. මැන්ටල් කෙස් ටික අයින් කිරීම අපගෙ වගකීමයි අවස්ථාව එන තුරු ඉවසීමෙන් බලා සිටිනවා හැර අපට කල හැකි දෙයක්ද නැත. රටකට ගිය කලක් යහපාලනය සංහිඳියාව දෝරෙ ගලනවා. ඒ වචන දෙක අපිට එපාම කලා .
250ක් මැරිලත් කිසිම ගානක් නැති හැටි.
බුද්ධි අංශ නිළධාරින් සහ රහස්‍ය බුද්ධි අංශ ක්‍රියා මුලු රටම දැනගන්න ඕන නෑ. ඒක මුලු ආරක්ෂක පද්ධතියටම තදබල ලෙස හානිකරනවා .මේක දේශපාලන විහිළුවක් කරගන්නේ නැතිව වගකීමකින් වැඩ කළ යුතුයි.
සේන, මෙච්චර විනාසයක් උනේ මොන අතපසුවීමක් නිසාද කියල හොයන්න එපාද? ඒක බුද්ධි අංශ නාමයෙන් වහලම තියන්න ඕනැ ද? ආයේ වෙන්ට තියෙන ඉඩක් ඇත්නම් එකට පිළියම් යොදන්න එපාද?
මේ දක්වා පැවති මේ කාරක සභා රැස්වීම්වලදී රටේ ආරක්ෂාවට හානි වෙන අන්දමින් කිසිම බුද්ධි තොරතුරු හෙළිවී නැත. දැනට හෙළිවී ඇති තොරතුරු අනුව ආරක්ෂාව බාර ඇමති හැටියට ජනාධිපති තමාගේ වගකීම ඉටු කරලා නැහැ. එක සත්‍ය. ඔතන හංගන්න මොකුත් නැහැ. එක එයාගේ නොහැකියාව හා දුර්වලකම මිස රටේ ආරක්ෂාවට තර්ජන හෝ බුද්ධි තොරතුරු පිට වෙන එකක්නොවේ. ජනාධිපතිගේ ක්‍රියාකලාපය නිසා තමයි රටේ ආරක්ෂාවට තර්ජන. ඒ නිසා පාර්ලිමේන්තුවට සහ කතානායකට තියන බලතල අනුව මේ කාරක සභාව අවසන් වනතුරු දිගටම පවත්වාගන යායුතුයි. දැන් හරි තේරුම් ගත යුතු මේ විධායක ධූරයේ බරපතලකම ගැන. මේ පාර්ලිමේන්තුවේ ඉන්න නීති විශාරදයකුත් ලියුම් කිහිපයක් යවෙලා තියන්න මේ කාරක සභාව නීතියට පටහැනි කියල. එයා එදා ඉඳන් කරන්නේ කාට අසාධාරණ විදියට කඩේ යනඑක තමා.
ඔයාලට ත්රෙන්නේ නැද්ද? මේ අය අර දොස්තරගේ කතාව වහන්න මේක කරනවා කියලා. මොන මොනවා කිව්වත් මෙතන වෙන දෙයක් තියෙනවද?
අතපසු වීමක් හෝ දුර්වලතාවයක් සෙවීම කළ යුතුයි. ඒවා සෙවීමට ඒ සම්බන්ධයෙන් ප්‍රවීනයන් පත්කර අවංක භාවයෙන් කළ යුතුයි. මුලු රටටම පේන්න කරන්නේ දේශපාලන නාඩගමක්... හැම රහසක්ම රටම දැනගන්න ඕනැ නෑ. වරද මොකද්ද? දඬුවම් මොනවද? පිළියම් මොනවද කියලා රට දැනගත යුතුයි..
ජනපතිඳු රටේ අාරක්ෂාව 0 කළා. ආයේ කමිටු ඕනේ නැහැ... එ්ක තහවුරුයි.
බුද්ධි තොරතුරු පිටින් දාලා පරීක්ෂණය නවත්වන්න සින්න පොර දඟලන්නේ.., අන්තිමේදී ආරක්ෂාව සමග විහිළු කළ සිරා තමයි මාට්ටු වෙන්නේ... එනිසා කොහොම හරි පරීක්ෂණය නවත්ව ගන්න ඕනෑ. පරීක්ෂණයේදී බුද්ධි නිලධාරීන්ගේ නම් ගම් කියවෙන්නෙන් නැහැ. එවැනි ප්‍රශ්න අහන්නෙත් නැහැ. එහෙනම් ඇයි සිරා දඟලන්නේ? වරද එයාගෙයි. පුද්ගලික කෝන්තර පිරිමහගන්න අවශ්‍ය අය සහභාගී කර ගත්තේ නැහැ. පින්ගුත්තරයින් ටිකක් එක්ක කජු කකා කෝපි බීලා කාඩ් ගහලා ආරක්ෂක මණ්ඩලයම හෑල්ලුවට ලක් කරේ සිරා තමයි..
රට දෙන්නම එකතු වෙලා කෑවේ ... අනේ ඡන්ද දායකයිනි ..... මින් පස්වෙත් මොලේ පාවිච්චි කරලා ඡන්දේ දෙන්න... අපේ රට ශ්‍රේෂ්ඨ අනාගතයක් තියෙන රටක්... මේ මොක්කුන්ද රට භාරගෙන කරන වැඩ.... ඇඩෙනවා
ඒ පාස්කු ප්‍රහාරයේ ගැන දැනගන්න වෙන්න ඇති රජයේ ජේෂ්ඨ නිලධාරින් ගෙන්නලා බයකරන්න හදන්නේ? එහෙම නැතිනම් ඉදිරි මැතිවරණෙදී ක්‍රියාත්මක කරන්න යන වැඩ පිළිවෙලට එරෙහි වෙයි කියලා හිතෙන නිලධාරීන් කල් ඇතුව මට්ටු කරන්නද?
පාස්කු ඉරිදා තස්ත්‍ර ප්‍රහාරයක් එල්ලවන බවට විදෙස් ඔත්තු සේවාවලින් ලැබුන තොරතුරු අඩු තරමින් මාධ්‍යයට ප්‍රකාශ කලානම් මාධ්‍ය ඕක විශේෂ ප්‍රවෘත්ති වලට දාලා ආගමික සිද්ධස්ථාන භාර පුජකතුමන්ලා ආරක්ෂාව සපයා ගන්නවා ආණ්ඩුවේ කිසි උදව්වක් නැතුව. ඒ නිසා සමහර ආරක්ෂක තොරතුරු ප්‍රකාශ කිරීමෙන් ආරක්ෂාව සැලසෙනවා. ඒකනේ අර නලා වර්ගයකුත් භාවිත කරන්නේ අනතුරු ඇඟවීමට. කොටි තර්ජන කාලේ මායිම් ගම්වලට බෙදා දිලත් තිබුන.
කොටි ප්‍රශ්න තිබුණු දවස් වල මේ විදියට කාරක සභා කරමින් හිටියා නම් මේ වෙනකොට ලංකාවේ ඇතුලේ රටවල් දෙකක්.. යහපාලන නාඩගම් තමයි මේවා.. වැඩක් කරගන්න බැරි ආණ්ඩුව !!
එළිවෙන්නට තවත් දේවල් තියෙනවද? එහෙමත් නැත්තන් හංගන්නට තවත් දේවල් තියනවද ?
මෙච්චර වැදගත් තේරීම් කාරක සභාවක් මෙහෙයවන්න රටේ මෑත කාලීන දූෂිතම ඇමතිව පත් කරාට පස්සෙ මොකක්ද ඒකට තියෙන වැදගත් කම. රවී හිස්බුල්ලගෙන් අහනව සහරාන්ව ආශ්‍රය කලේ හොයල බලල නෙමෙයිද කියලා. එතකොට රවී අර්ජුන මහේනද්‍රන්ව ආශ්‍රය කලේ සෑහෙන්න හොයල බලල වෙන්නෙ ඇති. යූන්පී එකේ හොද අය නැතිව නෙමෙයි. ඒත් මෙච්චර ජාතික ව්‍යසනයක් තමන්‌ගෙ කුනු හෝද ගන්න රවී පාවිච්චි කරනකොට නිකන් කට පියන් ඉන්න අයගෙන් ඇති වැඩේ මොක්කද.
මේ කමිටුව ගැන කිසිම විශ්වාසයක් නැහැ . බලන්න කමිටුවේ ඉන්න අය සරත් ෆොන්සේකා ඇරුනහම අනෙක් කිසිම කෙනෙක් දන්නවද ජාතික ආරක්ෂාව ගැන එහෙම නැත්නම් නීතිය ගැන දැනීමක්. රවී කරුණානායකට බොරු සාක්ෂි දීම , මුදල් අවභාවිතය, හොරකම්, වගේ නඩු කීයක් තියෙනවද, එතකොට දෙමල මන්ත්‍රී , මුස්ලිම් මන්ත්‍රී වෙනම නියාය පත්‍රයක් ගෙනියන්නේ
ගොඩක් ප්‍රතිචාර වලින් පෙනෙන්නේ රජයට කඩේ යන අය මෙම සිදුවීම අහම්බෙන් එක පාරට සිදු වූ දෙයක් ලෙස හා ඉතා හදිස්සියේ සිදු වූ සිද්දියක් ආකාරයෙන් දකින්නට කැමති බවකි. නමුත් 2015 සිට මේ දක්වා සිදු වූ පෙළ ගැසීම් දෙස බැලූ විට ආරක්ෂාව සම්බන්දයෙන් දැක් වූ ඇල් මැරුණු ක්‍රියා පිළිවෙත නිසා මෙය සිදු වූ බව ඉතා පැහැදිලිය. මේ සම්බන්දයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කිරීම ගහ දන්නා මිනිහට කොලේ කඩ පෑම හා සමානය. අහෝ අපේ රටට ගිය කල ! රට දෙවියෝ රැක දෙත්වා.
දැන් ඉතින් මොනවා උනත්. ජනාධිපතිගේ ඉඳලා අගමැති ඔය ප්‍රධාන පක්ෂ දෙකේ ඉන්න ඔක්කොම මේක දැනගෙන හිටියා... ඒ අය මේකට වග කියන්න ඕනේ. මිනිස්සු අතේ තමයි තියෙන්නේ මේ දෙගොල්ලන්ටම අහු වෙන්නේ නැතිව ... ඊලඟ ඡන්දේ කරන්න...
ඇමරිකාව වැනි ලොව ප්‍රභලම අරක්ෂක අංශ ඇති රටක පවා යම් වරදක් වූ විට අවශ්‍ය ඕනම කෙනෙක් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවකට කැදවා ප්‍රශ්න කර වරද කොතනද කියා හොයා ඒ වරද නැවත නොවන පරිදි නිවැරදි කිරිමේ සම්ප්‍රදායක් වත්මන් දියුණු ලෝකේ පවතිත්දී ඇයි මේ අපේ රටේ අවුල? වැරද්ද හොයනවිට වැරදි කල අය අකුල් හෙලීම හා විරුද්ධ වීම හා අවුල් කර වරද හොයාගන්න බැරි තත්වයට පත්කිරීම සිරිතකි. යමෙකු හෝ යම් පිරිසක් පාස්කු ඉරිදා ව්‍යසනය සිදුවූහැටි හොයන පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවට වීරුද්ධ නම් හෝ අකුල් හෙලයි නම් හෝ අවුල් කරයි නම් හෝ, ඔවුන් ඒ වරද කර හෝ සහය වී ඇති බව කාගේත් සාමාන්‍ය වැටහීමයි.රටේ බහුතරය ඉල්ලා සිටින්නේ මේ තේරීම් කාරකසභාව දිගටම පවත්වමින් සාක්කි දීමට කැදවන අයගේ ආරකෂාව රජය විසින් සැපයිය යුතු බවයි.පිරිසිදු ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය ජනතා පරමාධිපත්‍ය හිස්මුදුනේ තබා ගරුකළ යුතු බැවින් සිදුවන සියල්ල ජනතාවට මෙසේ දැනගැනීමට සැලැස්වීම අගය කලයුතුමය. ජනතාව මුළාකර රවටා ඔවුන්ගේ ඡන්දෙන් බලයට පත්ව තම බඩ වඩා ගන්නා ආත්මාර්ථ කාමීනට රැවටී සිටින ගිහි පැවිදි අයගේ ඇස ඇරෙත්වා!
ජනතාවම කියනවා ඒ ගොල්ලන්ට වෙච්ච දේ දැනගන්න ඕනේ නැතිලු . කවුද වග කියන්න ඕනේ කියල දන ගන්න ඕනේ නැතිලු . එහෙම ඕනේ නැතිනම්, ඒ රටේ මිනිස්සු නෙමෙයි ඉන්නේ . හරකෙකුට ගැහුවහම හරක දන්නේ වේදනාව විතරයි . ගැහුවේ කව්ද කියන එක අදාලම නැහැ . ලංකාවේ මිනිස්සුයි හරකුයි හඳුනාගන්න හරි අමරුයි .