IMG-LOGO

පර්ල් නෞකාවෙන් විසිවූ කොටස් මීගමුවට ගොඩ ගසයි

(යොහාන් භාසුර)

ගිනිගනිමින් තිබෙන රසායනික ද්‍රව්‍ය අඩංගු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටතට විසිවූ බහලුම්වල තිබූ පැකට් වැනි ද්‍රව්‍ය මීගමුව වෙරළ තීරයේ කොච්චිකඩේ සිට බෝපිටිය දක්වා වෙරළේ තැනින් තැනට ගොඩගසා ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පවසයි.

එම ගොඩගසා ඇති ද්‍රව්‍යවල රසායනික අඩංගු වීමට ඉඩත ඇති බවත් ඒ හේතුවෙන් ඉනතාව ආරක්‍ෂා කිීම සඳහා එම වෙරළ තීරයට නාවිත හමුදා නිලධාරීන් පිරිසක් අද පෙරවරුවේ යොමු කළ බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

(ඡායාරූප: ශාන්ත රත්නායක)

 



අදහස් (8)

පර්ල් නෞකාවෙන් විසිවූ කොටස් මීගමුවට ගොඩ ගසයි

සෙනෙවිරත්න Wednesday, 26 May 2021 10:04 AM

අයියෝ අපට වෙච්ච දෙයක්, මේ බඩකඩිත්තුවට ඈත මුහුදට ඇදගෙනයන්නෙ නැතිව දවස් හයක් මෙ සීමාවෙ තියාගෙන නටපු නැටුමක් . බෙරෙත් නැහැ නැටුමත් නැහැ

:       4       49

gamunuWednesday, 26 May 2021 10:57 AM

නැවේ සිටි කාර්ය මණ්ඩලය ඉවත් කර මෙම නැව ගැඹුරු මුහුදට ගෙනයාමට ඕනෑතරම් අවස්ථාව තිබිණි. නමුත් එය සිදු නොකළේ මන්ද?

:       0       23

sugath Wednesday, 26 May 2021 10:54 AM

දැන් ඉතින් අායේ අපේ මේවායේ විෂ තිබුණත්, නිකම් ලැබෙන නිසා අහුලාගෙන ගෙදර ගෙනිහින් තියා ගනී.

:       0       15

ලුම්බිණි Wednesday, 26 May 2021 11:15 AM

මේ ගින්න නිවාගන්න තරම් අපේ කට්ටියට බැරි වුණානේ.

:       4       17

ප්‍රසන්න ප්‍රනාන්දු Wednesday, 26 May 2021 02:06 PM

නැවේ සුන්බුන් මීගමුව වෙරළ තීරයට ගොඩ ගසනවා කියන එකෙන් ගම්‍ය වන අනෙක් කරුණ තමයි පෝට්සිටි ව්‍යාපෘතිය නිසා මුහුදු රළ පහර මීගමුව වෙරළ දිශාවට කොපමණ ප්‍රමාණයක් හැරිල තියෙනවද කියන දේ. මේ නිසා මේ වෙනකොටත් ඉතා විශාල වෙරළ ඛාදනයක් මේ තීරයට සිදුවෙලා අවසන්. මේක ආරම්භය පමණයි ඉදිරියේදී ප්‍රතිඵල මීටත් වඩා දරුණු වේවි.. මුදල් ඉදිරියේ නිවටවී නිහඬවූ මේ තීරයේ ධීවර සමිති සියල්ලම මේකට වග කිව යුතුයි.

:       1       0

vikum Wednesday, 26 May 2021 03:22 PM

මම දැක්කා සමාජ ජාලවල සංසරණය වන වීඩියෝවල මේ මුහුදු සීමා අවට ඉන්න ජනතාව මේවා එකතු කරගෙන ගෙවල් වලට ගෙනියනවා, සමහර උරවල විවිධ වර්ගයේ බිස්කටි වර්ග, නුල්ඩ් වර්ග, මේවා කෑමෙන් වලකින්න කියලා අඩුම රජයේ පුවෘර්තිවලින් වත් කිව්වනම් වටිනවා, අනික මෙවා විවිධ රසායනික කාරක සමග මුසු වෙලා. පව් දෙමව්පියො නොදැනුවත්ව පොඩි දරැවන්ට දුන්නොත්... කිසියම් දැනුවත් කිරීමක් කලොත් වටිනවා.

:       0       9

wasantha Wednesday, 26 May 2021 05:53 PM

මාළු ඇල්ලීමෙන් ජීවත් වන අයගේ ආදායමට ඇතිවන හානිය මෙම නැව් සමාගමෙන් අයකර ගත යුතුය. ඒ පරිසර හානියේ වියදමට අමතරවය

:       1       8

chandima Wednesday, 26 May 2021 08:47 PM

ඔව් ඔව් වන්දි අරන් ඒවගෙන් මන්ත්‍රිලට වාහන ගන්න එහෙම එපා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site