
(යොහාන් භාසුර)
ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිටිහි ක්‍රීඩා වැරදි වැලැක්වීමේ පොලිස් ඒකකයට අද (21) පෙරවරුවේ පැමිණි බවත් ඒ මහතාගෙන් මේ වන විට ප්‍රකාශය සටහන්කරගනිමින් සිටින බවත් එම ඒකකයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
එම ඒකකයේ අද පෙරවරුවේ පෙනී සිටින ලෙස වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබූ බව කී එම නිලධාරියා ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳව කළ හෙළිදරව්ව පිළිබඳව ප්‍රකාශයක් ගැනීමට එම කැඳවීම කළ බව ද සඳහන් කළේය.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල ලැබූ දැවැන්ත කඩා වැටීම පිටුපස කුමන්ත්‍රණයක් ඇතැයි ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය කළ පැමිණිල්ලට අනුව එම කැඳවීම කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුන් ඔක්කොම යාළුවො මල්ලි.