
(අජන්ත කුමාර අගලකඩ සහ ඩයනා උදයංගනී)
පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරයකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත්කරනු ලැබ සිටියි.
එම පත්කිරීමට අදාළ ලිපිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙත ලබා අද පෙරවුරුවේ ප්‍රදානය කරනු ලැබීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් පුෂ්ප කුමාර, මොහොමඩ් මුසම්මිල් මහජන අසංක නවරත්න යන මහත්වරු ද පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ සහකාර සංවිධායකවරු ලෙස කටයුතු කරති.
මධ්‍යම පළාතේ ක්‍රිඩා හා යෞවන කටයුතු ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය වශයෙන් මිට පෙර කටයුතු කළ ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්කෝන් මහතාගේ පුත්‍රයාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඥාති සංග්‍රහය කරකර ඉන්න. අවශ්‍ය වෙලාවට වෙන්න ඕන දේ වෙනවා වෙනවාමයි.
ඔන්න යාන්තම් මස් කට්ටක් ලැබුණා. මේකට තමයි බැසිල්ට කඩේ ගියේ.
මේවට සල්ලි තියෙනවා... මහ ජනතාවටම බර පටවන්නකෝ.
ඇත්තටම පාර්ලිමේන්තුවට පත්වෙන ජනතා නියෝජිතයින්ට වෙන්කල මැතිවරණ කොට්ඪාශයක් තියෙනවා ඒවායේ අවශ්‍යතාවන් සොයන්න එකෙක්වත් ගමට එන්නෙ නැහැනේද උන් ඒවාට එන්නෙ ඡන්දෙ කරන්න විතරයි ඇත්තටම මේ අයට ජනතා මුදලින් පඩි සහ දීමනා ගෙවන්නෙ මොකටද මෙහෙම වැඩනිසා තමා අවුරුදු හැත්තෑ ගණනක් ගතවෙලත් ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් වෙලා තියෙන්නෙ ඇත්තටම කරන්න ඕනි ආණ්ඩුපක්සය සංවිධානය කිරීමද නැත්නම් රට සංවර්ධනය කිරීමද කියල දන්න කෙනෙක් කියාදෙනවාද.