
(කාංචන කුමාර ආරියදාස)
ආණ්ඩුව ඇතුලේ ඉදගෙන කැරලි ගහන නාඩගම් කාරයන්ට අකමැත්තෙන් වුණත් ඉදිරියේදී තීරණයක් ගන්න සිදුවනවා යැයි පර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.
රටේ ආර්ථික තත්ත්වය පහළ දැමීම සඳහා වෙනත් කණ්ඩායමකගේ කුමන්ත්‍රණයක් ආණ්ඩුව ඇතුලේම ක්‍රියාත්මක වෙනවා,
ආණ්ඩුවේ දේශපාලන පක්ෂවල බෙදීම් පිළිබඳව ජනතාව දැනුවත් කරමින් ආණ්ඩුව තුළ කැරලිකාර කණ්ඩායම් සිටින බවට ප්‍රකාශ කළ ද එම පිරිස් කැරලිකාර කණ්ඩායම් නොව නාඩගම් කාර්යයන් බව ද මන්ත්‍රීවරයා කියා සිටියේය.
එම නාඩගම්කාරයන් මාස දෙකකට වරක් නාඩගමක් ඉදිරිපත් කරනවා. ආණ්ඩුව ඇතුළේ සිට එවැනි නාඩගම් නැටීමට ඉදිරියට ලබාදීමට නොහැකි බවත් තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව තුළ කිසිසිදු ඉඩක් දෙන්නේ නෑ.
එක්ව සාකච්ඡා කොට රට ගොඩ නැංවීම සඳහා ඉදිරිපත් වන ලෙස එම අයට ආරාධනා කරන කරන බව ද ඔහු කියා සිටියේය.
ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයය සමෘද්ධි මූලස්ථානය එක්ව දඹුුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බංකටුව ප්‍රදේශයේ ඉදිකරන ලද වස විස නැති බොජුන් හල විවෘත කිරීම් සහ ගොවි ජනතාවට අවැසි භාණ්ඩ බෙදා දීමේ උත්සවයකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු කැරලිකාරයින්. මොනවා කිව්වත් වල්ගෙ එල්ලීගෙන ඉන්න එක නතර කරන්නෙ නෑ. ජනතාවට මෙයාල විහිළු සපයනවා.
ඔය නාඩගම්වල පිටපත රචනා කරලා තිබෙන්නේ පොහොට්ටුවේ ලොකු මිනිස්සු... ඕකේ පොහොට්ටු නායකයන්ගේ අනුමැතිය ඇතිව නටන නාඩගමක්.... එම නිසා ඉදිරියට කිසිම පියවරක් ගන්නේ නැහැ...
අපිට ඔය කාගේ කාගේත් නාඩගම් දැන් එපා වෙලා තියෙන්නේ
පංචායුද විමලේ හූ හූ
හැම දේකටම එහෙයි කියන අය පාර්ලිමේන්තුවට වැඩක් නැහැ . එවැනි අයට මේ අවුරුදු 5න් එහාට පැවැත්මක් නැහැ .
අපි දැක්කා මේ ‘‘නාඩගම්කාරයෝ‘‘ ඔබේ පක්ෂය වෙනුවෙන් දහදිය මුගුරු හෙළමින් සිටිනවා... නමුත් ඔබ...!
වස විෂ නැති බොජුන් සදහා ඉංදියාවෙන් ගෙනා සතොසින් 98 ට දෙන නාඩු සහල් බත් ඇතිනේද.?
සියලුම විශේෂිත නාඩගම් ශිල්පීන් දන්නවා !!!!!
ජනාධිපතිව බිත්තියට හෙත්තු කරන තරම් දුරුවලද? එහමනම් දැන් තේරනව කව්ද යුද්ධය මෙහය වූයේ බව. බිත්තියට හේත්තු කරලා, කකුලෙන් අදිනවා, කරන්න දෙන්න නැහැ, බලතල මදි, මේවා විසඳුම්ද?
පොඩ්ඩක් දේශපාලන විනීත භාවය කියලා දෙයකුත් උගන්වන්න .මෙයා මේ කට මත දොඩවන්නේ පොහොට්ටුව ටෙලිපෝන් එක කියලා හිතා ගෙනද කොහෙද .පොඩ්ඩක් මොලේ පාවිච්චි කරන්න උගන්වන්න .යාළුවො හැටියට ලැජ්ජයි