
(සුමිත් ප්‍රේමතිලක සහ සමන් කාරියවසම්)
පිරමීඩ ජාවාරමට මුදල් ආයෝජනය කර සිටී බව කියන උපකාරක පන්ති පංති ගුරුවරයකුගේ මළසිරුරක් බොල්ගොඩ ජලාශයේ පාවෙමින් තිබියදී අද හමුවූ බව පානදුර උතුර පොලිසිය පවසයි .
මියගොස් ඇති පුද්ගලයා පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටී 24 හැව්රිදි මුතුතන්ත්‍රිගේ නිපුන් නවෝද් ප්‍රනාන්දු යන අයට බවට පවුලේ සාමාජිකයන් හදුනාගෙන ඇති බවද පොලිසිය කීය.
පානදුර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණයද සිදුකරන ලදී.
මියගොස් ඇති තැනැත්තා කොළඹ මරදාන ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු ලෙසින් කටයුතු කරන බවත්, පීරමීඩ ජාවාරමකට මුදල් ආයෝජනය කර සිත් තැවුලෙන් සිට ඇති බවටද තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.
මියගොස් ඇති තැනැත්තා අතුරුදන්ව ඇති බවට මොරටුව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇති බවද සදහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි උගත් පුද්ගලයිනුත් මෙවනි කූට ජාවාරම් වලට හසුවෙනවානේ