IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පිරිමි රට යාම 60% දක්වා ඉහලට

(අංජුල මහික වීරරත්න)


2024 වර්ෂයේ ගතවූ කාලය තුළ රැකියා සඳහා විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ලක්ෂ 3 ඉක්මවා ඇති අතර, මේ වන විට එම ප්‍රමාණය 300,162 ක් බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි

පසුගිය වසර 10 ක කාලයකදී ශ්‍රමිකයින් ලක්ෂ 3ක ප්‍රමාණය ඉක්මවා ගිය දෙවන  අවස්ථාව මෙයයි.

 මීට පෙර 2022 වර්ෂයේදී ශ්‍රමිකයින් 310,948 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ. 2024 වර්ෂයේ පිරිමි ශ්‍රමිකයින් 177,804 හා කාන්තාවන් 122,358 ක් රැකියා සඳහා විදේශ ගතවී තිබේ.

අදාල කාලය තුළ විදේශ ගතවූ මුළු සංඛ්‍යාවෙන් කාන්තාවන් රැකියා සඳහා විදේශ ගතවීම සියයට 40.7ක් වන අතර පිරිමි ශ්‍රමිකයින් විදේශ ගතවීම මුළු සංඛ්‍යාවෙන් සියයට 60 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙම කාලය තුළ ස්වයං මාර්ගයෙන් විදේශ ගතවූ ප්‍රමාණය 184,140 ක් වන අතර, විදේශ රැකියා නියෝජිතායතන මාර්ගයෙන් 116,022 දෙනෙකු විදේශ ගතවී තිබේ.

ශ්‍රි ලාංකිකයින් වැඩි වශයෙන් රැකියා සඳහා විදේශ ගතවී ඇත්තේ කුවේට් රාජ්‍යයටයි. එම ප්‍රමාණය 73,995 කි. දෙවනුව වැඩි වශයෙන් විදේශ ගතවී ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට වන අතර, එම ප්‍රමාණය 49,499 කි.



අදහස් (5)

පිරිමි රට යාම 60% දක්වා ඉහලට

Toni Friday, 13 December 2024 03:15 PM

කියාපු බොරුවට ඉච්ඡා භංගත්වයට පත්වෙලා රට යනවා. යන බහුතරය ජෙබයියෝ...

:       15       7

samSaturday, 14 December 2024 04:17 AM

මෙයා දෙකවත් පාස් නැති හින්දා, රට යන්න බැරි හින්දා ඉරිසියාවේ..!

:       0       1

Saman Friday, 13 December 2024 03:37 PM

රට ගොඩ නැගීමේ අවසානම බලාපොරොත්තුවද බොද වෙමින් යන නිසා ජනතාව ඉඡ්චා භංගත්වයට පත්ව ඇත.

:       9       6

prabash Friday, 13 December 2024 06:25 PM

අලුත් රජය ගෙන යන වැඩපිළිවෙළට ශක්තියක් වීම සඳහා මේ අය ක්‍රියා කරන්නේ. ජයවේවා අපේ රට විරුවන්ට.

:       5       2

Toni Friday, 13 December 2024 11:07 PM

රට යන්න බැරිව ඉතුරු වෙන ජෙබයියෝ ඩිස්ලයික් දානවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 605 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 295 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site