(හර්ෂණ තුෂාර සිල්වා)
ප්‍රභූ වාහන ගමන් කිරීම සඳහා මහජනතාවට අවහිර වන පරිදි මාර්ග වසා නොදමන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21) පැවැති කැබිනට් හමුවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය ද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
ප්‍රභූ ආරක්ෂක රථ ගමන් කිරීමේ දී මාර්ග වසා තැබීම හේතුවෙන් මහජනතාවට සිදුවන අපහසුතාව සැළකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා එම උපදෙස් දී ඇත.
ඒ අනුව අදාළ ප්‍රභූවරුන්ගේ ආරක්ෂක අංශ නිලධාරින් මේ පිළිබඳ දැනුවත් කරන ලෙසත්, සාමාන්‍ය ජනතාවට කිසිදු අයුරකින් අවහිරයක් ඇති නොවන අයුරින් ප්‍රභූ රථ ධාවනය කිරීමට ඔවුන්ට උපදෙස් නිකුත් කරන ලෙසත් ජනාධිපතිවරයා තවදුරටත් උපදෙස් දී තිබේ.
මේ අතර පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව මෙරට සිටින තානාපතිවරුන්, මහ කොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් සහ එම කාර්යාලවල ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හා..හා... වහන්ට බෑ. මීට ජනතාව...
අනේ සිරිසේන මහත්තයෝ... වෙන වැඩක් ගැන කතා කරමු.
මේ ළඟදි ප්‍රභූගේ පුතාගේ මගුල හිල්ටන් එකේ ජලප්‍රවාහන, ආරක්ෂා වැටවල් සමග පාර අවහිර කෙරුවේ කවුද? තමන් හරියට වැඩ කෙරුවොත් පොඩිඑකත් හරිමාර්ගේ තමන් ව්‍යවස්ථාවට පිටුපාමින්, වැඩ කරමින්, අනිත් අයට කියන්නේ කොහොමද? කොහොමත් ප්‍රභූ කියන හරක් රෑන යනවිට පාර වහන එක හොඳයි. අසරණ ජනතාවට ඇනගෙන යන නිසා පිංගුත්තර රැල හිඟන්නාගේ පත්තරේටත් විදින කට්ටිය...
හෝර්න් ගහනවට බයවෙලා වගේ...
මහජන ඡන්දෙන් "ප්‍රභූන්" බවට පත් වූවාට පසු, මහජනයා අපහසුවට පත්කිරීම වරදකි.
ඔය කියමන බල නොපාන්නේ කාටද?
මෙයා ඒක කියන්න ඕන නැහැ.. හෙට, අනිද්දා වෙනකොට මිනිස්සු එළිපිටම ආණ්ඩුවට විරෝධය දක්වනවා. මිනිස්සුන්ගේ ආණ්ඩු විරෝධී ආකල්ප ඇතිවෙලා ඉවරයි..!!
එතකොට පුතාගේ මගුල් උත්සවයට පාරවල් වහන්න පුළුවන්ද?
ප්‍රභූ කියන නමටත් නිගාවක්.... මේ ගොල්ලන්ට ප්‍රභූ කිව්වොත් එහෙම.
ප්රභූවරු?
ප්රභූවරු තමන්ම කියා ගන්නවා ඇරෙන්න ජනතාවට දකිනකොට පිළිකුලක් ඇතිවෙන්නේ...
අපගේ මුල් පුරවැසියාගෙන්, අපගේ නූගත්කම, නොදන්නාකම නිසා මෙම ප්රශ්නය ඇසීමට කැමැත්තෙමු. අප බලාපොරොත්තු වෙනවා ඔබ හෝ ඔබගේ උපදේශකයක් හෝ මෙම ප්රශ්නය දැක නිවැරදි පිළිතුරක් දේවි යන්න. මොහු ඇතුළු සියලුම මහජන මුදලින් නඩත්තුවන මහජන නියෝජිතයන් සියල්ලන්ටම මෙය කියැවීමට හැකිවේවා!!! ප්‍රභූවරුන් යන්නෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද? එහෙම අය අප රටේ සිටිනවාද? "බාලාංශ පන්තියට පමණක් ඉගෙනගෙන ඇති අපට" අපගේ ගුරුතුමිය කියා දුන්නේ නම් ප්‍රභූන් හෝ ප්‍රභූවරුන් යනු " ඉතාම ගෞරවාන්විත මෙන්ම ගාම්භීර " වචනයක් බවයි. "වචනය නිකං ආවට ගියාට භාවිතා නොකරන බවත් තිරිසනුන්ට, පාදඩයින්ට , රිලවුන්ට දේශද්‍රෝහීන්ට මෙම වචනය භාවිතා නොකරන බවත්ය. එබැවින් මෙම වැදගත් වචනයට " ඔහේගේ අර්ථකථනය " දැනගැනීමට කැමැත්තෙමු. අප දන්නා තරමින් දියවන්නාඔයේ ඉන්න "රිලව් 225 ටම " මෙම වචනය කිසිලෙසකවත් බාවිතා නොකළයුතු බවය.
තිරිසනුන්ට ප්‍රභූවරුන් කියන ලෝකයේ තියෙන එකම එක රට අපගේ ආදරණිය මාතෘභූමිය වීම මොනතරම් දුකක්ද? ප්‍රභූවරුන්ගේ ලඟටවත් යාමට නොසුදුසු මෙම පිංගුත්තරයින්ට, පිං මාමලට ගිය කල.. අනේ වාසනාවන් ලක්මවට...
ලංකාවේ ප්‍රභූන් කියන්නේ පට්ට හොරුන්ටනේ...
ඔව් ඔව්, මේ ගොල්ලෝ සේරම ප්‍රභූන්. ආගමේ සේරම ලොකු ලොකු ලොක්කෝ... අති උතුම් ශුද්ධෝත්තම. අනේද කියන්නේ?
මෙතුවක්කල් ඔබතුමා දැනගෙන හිටියේ නැද්ද? පාරවල් වැහුවාම මහජනතාව අපහසුතාවයට පත්වෙනවා කියලා. මම හිතන්නේ ඔබතුමා ඒකත් දැනගන්න ඇත්තේ ටීවී එකෙන් වෙන්න ඇති...
මහජන ඡන්දයෙන් පත්වූ මේ වසලයන් හට 'ප්‍රභූන්' යන වචනය භාවිතා නොකරන මෙන් ඉල්ලා සිටිමි. ඔවුන්ට 'දේශපාලුවන්' බැරිනම් අඩුම ගණනේ 'දේශපාලඥයන්' ලෙස ඇමතීම හොඳටම ප්රමාණවත්ය. ඔවුන් 'ප්‍රභුන්' කිරීම මගින් තව තවත් තම පහසුකම් අනිසි ලෙස භාවිතා කරනු ඇත. සංවර්ධිත රටවල 'ප්‍රභුන්' කියාගන්නා කොටසක් ප්‍රායෝගිකව දක්නට නැත. මිනිසා වසලයකු හෝ බ්‍රාහ්මණයකු වන්නේ ක්‍රියාවෙන් පමණක් බව බුදුන් වහන්සේත් කීවා නොවේද?
හොඳ තීරණයක්. දරුවන්ගේ විවාහ උත්සව තව නැත. ඒ වෙලාවේ වහ ගත්තා. දැන් කමක් නැහැ .
මේ ප්‍රභූ කතා තියෙන්නේ ලංකාවේ විතරයි මහා බ්‍රිතාන්‍යයේ ඇමතිලා, මන්ත්‍රීලා පාවිච්චි කරන්නේ පොදු ප්‍රවාහනය. මොවුන් තරම් මුදල් කාබිසිනියා කරන අය ලෝකෙම නෑ. ලංකාවේ අමාත්‍යංශ ලේකම්ලාගේ බිරින්දෑවන්ටත් ආණ්ඩුවේ වාහන, රියදුරුලා... ඒකනේ ලෝකෙන්ම උතුම් රට ලංකාව කියන්නේ...
අපට ප්‍රභූන් කියා ජාතියක් නැත.
ආරක්ෂාව අවශ්‍ය නැහැ කියන්නේ... මේ රටේ කුණු බිත්තරයක් වුණත් සෑහෙන්න ගණන් නිසා විය යුතුයි.
මේ අය මාර්ග නීති කඩමින් මහජනතාව කාණුවට තල්ලු කරගෙන ගමන් කීරීම හරිම පිළිකුල් සහගතයි. මාර්ග නීති කඩන්න අාපදා රථයකට ඇර අනික් කාටවත් බෑ. මේ අය යනකොට ඉස්සරහින්ම පොලිසියේ අය නීති කඩාගෙන යනවා. අනික ඔය දේශපාලකයින්ට ප්‍රභූලා කියන්නේ ලංකාව, ඉන්දියාව වගේ රටවල් විතරයි. දියුණු රටවල් වල ජනාදිපතිත්, අගමැතිත් සාමාන්‍ය මිනිස්සු. මහජනතාව මින් ඉදිරියටවත් මේකට විරුද්ධ වෙන්න ඕනෑ...
හොරුන්ට කියන සමාන පදයක්ද ප්‍රභූන් කියන්නේ?
ලංකාවේ දැන් ප්‍රබුන් නැති බව අමතක වෙළද?
ලෝකෙටම ණය වෙලා හිඟාකන ලංකාවේ කිසිම කෙනෙක් ප්‍රභූ නොවෙති ..විශේෂයෙන් පාර්ලිමේන්තුවේ සිටිනා සියලුම අයවලුන් .......විදේශගතවී තම ශ්‍රමයෙන් ජීවත්වෙන පිරිස ප්‍රභූන් ලෙස අවශ්‍ය නම් ගත හැක