
(මහින්ද නිශ්ශංක)
වැල්ලම්පිටිය සේදවත්ත ප්‍රදේශයේ පෞද්ගලික ගබඩාවක තිබී මිනිස් පරිභෝජනයට නුසුදුසු තිරිඟු කිලෝග්‍රෑම් 25 ඇසුරුම් 30000ක් ඊයේ (30) සොයා ගත් බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
අධිකාරියේ 1977 කෙටි දුරකතනයට ලැබුණු පැමිණිල්ලක් අනුව විමර්ශන නිලධාරීන් සිදු කළ වැටලීමක දී මෙම තිරිගු පිටි තොගය සොයා ගෙන තිබේ.
සත්ව ආහාර සඳහා නිකුත් කරන මුවාවෙන් මෙම තිරිගු පිටි තොගය වෙළෙඳ පොළට නිකුත් කිරීමට සූදානමින් ගබඩා කර තිබුණේ දැයි වැඩිදුරටත් විමර්ශනය කරන බව පාරිභෝගික අධිකාරිය පවසයි.
මෙයට අමතරව ආනයනික සම්බා සහල් කිලෝ 25 ඇසුරුම් 8000 ක් ද මෙම ගබඩාවෙන් සොයා ගෙන තිබේ.
මෙවර සහල් ආනයනය කිරීමට අවසර ලබාදීමට පෙර මෙම සම්බා සහල් ආනයනය කර ඇති බව විමර්ශන වලදී අනාවරණය වී ඇතැයි ද අධිකාරියේ උසස් නිලධාරියකු සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පරිභෝජනයට නුසුදුසු තිරිඟු පිටි සේදවත්ත ගබඩාවක