(යොහාන් භාසුර)
අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සැළසුම්සහගතව ඉහළ දමන සහ පාලන මිලට වඩා ඉහළ මිලකට අළෙවි කරන පුද්ගලයන් සහ සමාගම් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පාරිභෝගික කටයුතු සංශෝධන පනත ලබන සඳුදා (6) පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාරිභෝගික ආරක්‍ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
පාරිභෝගික කටයුතු සංශෝධන පනතට අනුව තනි පුද්ගලයන් හෝ තනි පුද්ගල ව්‍යාපාර සහ සමාගම් ලෙස දඩ මුදල් පැනවීම කාණ්ඩගත කර ඇති බව කී අමාත්‍ය අලගියවන්න මහතා තනි පුද්ගල ව්‍යාපාරයක උපරිම දඩය රුපියල් 20,000 සිට ලක්‍ෂ 10 දක්වා ද, සමාගමක උපරිම දඩය ලක්‍ෂ දෙකේ සිට කෝටිය දක්වා ද, ඉහළ දමා ඇති බව සඳහන් කළේය.
තනි පුද්ගලයක් සඳහා පැවැති අවම දඩය වූ රුපියල් 1000 රුපියල් ලක්‍ෂය දක්වාත් සමාගමක් සඳහා පැවැති අවම දඩය වූ රුපියල් 10,000 රුපියල් ලක්‍ෂ 5 ක් දක්වාත් ඉහළ දමා ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ සර් රට ආ පස්සට අරන් ගියා කියල නේද? පෝලිං යුගය ඇවිල්ලා.
වැට් බද්ධ ආදී බදු ඉවත් කරද එය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අඩු කිරීමට දායක වී නැති බවක් පෙනෙන්න තියෙනවා. මේ නිසා බදු ප්‍රතිපත්තිය දුප්පතාට සහන ලැබෙන සේ වෙනස් කරන මෙන් අතිගරු අගමැති තුමා ගෙන් ඉල්ලා සිටිනවා. මේ සදහා අදිකව අදායම් ලබන අයවරුන්ට අධික අදායම් බදු පනවා එම වාසිය අත්‍යාවශ්‍ය බාන්ඩ වල මිල පහත දැමීම සදහා යොදා ගන්නා ලෙස ඉල්ලා සිටිනවා.
මේවා නිසියාකාරයෙන් ක්‍රියාත්මක කොට පෙන්වන්න.
මේ සියලු වැඩ කටින් විතරයි
නීති බඩු ඇල්ලූ පසු ගෙන ඒම? කාගෙද මේ උපදෙස්? ඕවා පරණයි.