(යොහාන් භාසුර)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කුරුණෑගල දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් නාරම්මල බිහාල්පොල ප්‍රදේශයේ බිත්තර සඟවා ඇතැයි කියන ස්ථානයක් පරීක්‍ෂාවට අද (4) ගිය අවස්ථාවේදී ප්‍රහාරයකට ලක්වීමෙන් නිලධාරීන් කීපදෙනෙක් රෝහල්ගත කර තිබේ.
එම ස්ථානය පරීක්ෂා කිරීමේදී රාජකාරියට බාධා කරමින් ආයුධ සන්නද්ධ පිරිසක් නිලධාරීන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළ බවත් මේ සම්බන්ධව නාරම්මල පොලිසියට පැමිණිලි කළ බවත් එම අධිකාරිය කීය.
අදාල ආයතනයෙන් සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දිගින් දිගටම පැමිණිලි ලැබී තිබූ බවත් ඒ සම්බන්ධව උපාය දූතයන් හරහා ඒ බව තහවුරු කරගැනීමෙන් අනතුරුව වැටලීම කළ බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩි දුරටත් සදඟන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝටිපති බිත්තර මාෆියාකාරයෝ ඉන්නේ කුරුණෑගල. මුන්ගේ මාෆියාව නැත්නම් බිත්ත කිසිම ප්‍රශ්නයක් නොමැතිව 25ට දෙන්න පුළුවන්. රටින් බිත්තර ගේන එකටත් මොවුන් මුදල් බලය යොදලා බාධා කරනවා. සිස්ටම් චේන්ජ් එකක් අවශ්‍ය නම් සංවිධානය වෙලා විශාල ජන බලයක් යොදලා වටකරන්න ඕනි. මුලින්ම බිත්තර මාෆියාවට දෙවැනුව සහල් මාෆියාවට. අපේ ආහාර වලින් ගසාකාලා සුර සැප විදින හෙලිකොප්ටර්වලින් ගමන් යන කාලකන්නින්ගෙන් පරිස්සම් වෙයල්ලා.