
(සුරංග රාජනායක)
රටේ ඉහළම ප්‍රභූවරයකු ගමන් ගන්නා මාර්ගයක පෙරමඟට කොස්ගෙඩියක් ද කරේ තබාගෙන ආ පියකු සහ කුඩා දරුවකු එම ප්‍රභූවරයා යන තෙක් අතුරුමාර්ගය රඳවා ගත් පුවතක් ගම්පොළ වාරියගල ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඒ හේතුවෙන් ඔවුනට දහවල් ආහාරයට අහිමි වූ බව එම පියා කියා සිටියේය.
මහනුවර දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා මෙම ප්‍රභූවරයා මහනුවරට පැමිණ ඇති අතර පෙරහර ආරම්භවීමට පෙර කිසිවකුටත් නොදන්වා වාරියගල ප්‍රදේශයේ පිහිටි සිය ඥාතියකුගේ නිවෙසට දහවල් ආහාර ගැනීමට ගොස් ඇත.
ප්‍රභූවරයා කිසිවකුටත් නොදන්වා මෙම ප්‍රදේශයට පැමිණිය ද ඒ පිළිබඳව දැනගත් ප්‍රදේශය බාර උසස් පොලිස් නිළධාරීන් එම ප්‍රදේශයට පැමිණ තිබේ.
ඒ අතර තුර ප්‍රදේශයේ පදිංචි තිදරු පියකු සිය දහවල් ආහාරයට කොස් ගෙඩියක් සොයාගෙන දරුවා ද සමග ප්‍රභූවරයා ගමන්ගන්නා පෙර මගට පැමිණෙන අයුරු දුටු ආරක්ෂක නිලධාරීන් ඔහුගෙන් කරුණු විමසා ඇත.
දරුවන් තිදෙනා හා බිරිඳ කුසගින්නේ සිටින නිසා කොස්ගෙඩිය තැම්බීමට රැගෙන යන බවද ඔහු පොලිසියට කීවේය. පොලිසිය, කොස්ගෙඩිය රැගෙන ආ පියා හා දරුවා ඔවුන් බාරයට ගෙන අතුරු මාර්ගයට රැගෙන ගොස් ප්‍රභූවරයා ආපසු ප්‍රදේශයෙන් පිටවන තුරු රඳවා තබා ගත් බව ඔහු පවසයි. මේ හේතුවෙන් අවුරුදු 3 , 7 සහ 9 වයස්වල සිටින දරුවන් හා බිරිඳ හා තමාට එදින දහවල් කුසගින්නේ සිටීමට සිදු වූ බවද ඔහු කියා සිටියේය.
ඔවුන්ගේ නිවස ද සාරි හා තහඩුවලින් වටෙකර සැදූ එකක් වන අතර කිසිදු රැකියාවක් නොමැති ඔහු කුලී වැඩ කර ජීවිකාව ගෙන යන බවද පියා කියා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුද ඔය කාලකන්නියා
රටම හොරාකාලා වළපල්ලට ඇදලා දාපු හොර දූෂිත දේසපාලුවන්ට කවුද ප්‍රබුවරු කියන්නේ ..උන්ට වහල්කම් කරන බත් බැලයෝ තවමත් ඉන්නවා. කවුද ඔය කියන මහලොකු ප්‍රබූවරයා.
ලංකාවෙ සිටින මෙහෙම නිළධාරීන් නිසා වගකිවයුතු අයට රටේ තත්වය තේරුම් ගන්න බැහැ එම ප්‍රභූවරයාට මේ දුක්ඛිත පවුලේ අයට සෙතක් සැලසීමට සිතක් පහලවේවා
කෝ ප්‍රභූ වරයාගේ නම? කෙල්ලෙක් කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා අහු උනොත් (මොන නීතියේද එහෙම බෑ කියල තියෙන්නේ) හරි, ළමයෙක් නැති බැරි කමට පොල් ගෙඩියක් ඇහිලුවොත් හරි නම ගම එක්ක පින්තුරෙත් දානවා. එත් මේ වගේ බලු වැඩ කරන ප්ප්‍රභූ ලගේ නම දාන්න කකුල් වෙවුලනවා නේද?
ප්‍රභූ වරයෙක් ? කොහේ ඉන්න ප්‍රභුලාද ? ලංකාවේ කිසිම ප්‍රභූ වරයෙක් නැත !!! සිටින්නේ තමන් ප්‍රභූ වරයෙක්, තමන්ගේ පවුල ප්‍රභූ පවුලක් ..වශයෙන් තමන්ම කියාගන්නා " පට්ට හොරු රැලක් " පමණයි.ඔවුන්ගේ ඉඳුල්, අසුචි කෑමට ගන්නා නිලධාරීන් කියාගන්නා අන්ත දුෂිතයින් සහ උන්ගේ ඉතිරිය කෑමට ගන්නා " ආරක්ෂකයින් " යයි කියාගන්නා මිනීමරු හොර රංචුවකුත් මේ " ෆේක් " ප්‍රභූන් වෙනුවෙන් දර දිය අදිති. මෙරටේ මිනිසුන්ගේ මනසට " ප්‍රභූන් " යයි කාවද්දා ඇති උන් ගැන සොයාබලද්දී අනිවාර්යයෙන්ම පැහැදිලිවම පෙනෙන කරුණක් ඇත. ඒ තමයි උන් පැවත එන්නේ එක්කෝ ඉන්දියාවේ " වඩුග" පරම්පරාවලින්, ඒවගේම " මැලේ හෙවත් ජා " සම්භවයකින් ,එහෙමත් නැතිනම් දකුණු ඉන්දියානු සම්භවයකින් වීමයි. රටපාලනයකළ විදේශිකයින්ගේ සියලුම වහල් වැඩකරමින් ඔවුන්ගේ සිත් දිනාගත් මේ වඩුගයින් , ජාවන් වගේම ඉන්දියානුවන් , මේ රටේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ ඉඩම් බලයෙන් පවරාගත්තා.ඒ මාර්ගයෙන් ඔවුන් පොහොසත් වෙමින් රටේ ජනතාව පාගාගෙන ,තම පරම්පරාව ඉදිරියට ගෙනගියා .අන්න එහෙම තමයි අද ඉන්න ෆේක් ප්‍රභුලා හැදුනේ.හැබැයි රටේ මිනිස්සු මේ හොරුන්ව නොසලකා හරින තෙක් උන් හැමදාමත්ම මේ සෙල්ලම කරගෙන යති.
මහනුවර දළදා පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර නැරඹීම සඳහා මෙම ප්‍රභූවරයා මහනුවරට පැමිණ ඇත. ප්‍රභූවරයා කිසිවකුටත් නොදන්වා මෙම ප්‍රදේශයට පැමිණි පෙරහර ආරම්භවීමට පෙර කිසිවකුටත් නොදන්වා වාරියගල ප්‍රදේශයේ පිහිටි සිය ඥාතියකුගේ නිවෙසට දහවල් ආහාර ගැනීමට ගොස් සිදුවූ සිදුවීම දෙපාර්ශවයටම අමතක නොවන සිදුවීමක් නොවන්නට නම් එම පුද්ගලයට නිවසක් තනාදීමට, රැකියාවක් ලබාදීමට සහ දරුවන් පාසල් යැවීමට කටයුතු කර අවසන් රන්දෝලි පෙරහර දිනයේ විසල පුණ්‍ය කර්මයක් කරගැනීමටත් අවස්තවක් උදවිය. මෙවැනි අවස්ථවන් දෙපාර්ශවයටම උදාවන්නේ කලාතුරකිනි!!!
ඔය කියන ප්‍රභූවාද මොකාද කියන එකා නිසා මේ අහිංසක දුප්පත් මිනිසාව රඳවාගත් ආරක්ෂකයින් යයි කියාගන්නා උන්ගේ.. ජිවිත ගැන, ජිවත්වන ආකාරය සහ පවුල් ජීවිතය ගැන චුට්ටක් හිත යොමා බලමු.මේ මිනිස්සු සහ අර අහිංසක මනුස්සයා අතර කිසිම වෙනසක් නැහැ. ඔක්කොම " එකම පන්තියේ " කට්ටිය.අන්ත දුප්පතුන් !!! වෙනස ..අර දුප්පත් අහිංසක මනුස්සයා ජීවත්වීම සඳහා කුලී වැඩක් කොට අඹු දරුවන් පෝෂණය කිරීමත් , ආරක්ෂකයින් කියනා දුප්පතුන් " පොහොසත්,බලවත් "යයි කියාගන්නා හොරු රැලකට " කුලී වැඩ " ලෙස ආරක්ෂාව සැලසීමයි.තමන්ව ආරක්ෂා කරන කුලී වැඩ කරුවාට අවශ්‍ය " ඕනෑම දෙයක් " බලවතා සපයයි, ඒ ඔවුන්ගේ මුදල් වලින් නොව රටවැසියන්ගෙන් හොරාකන මුදල්වලිනි.ඒ ලෙස ෆේක් ප්‍රභුවාගේ ඉඳුල් ,ඉතිරි මස් කටු ආදියෙන් " සප්පායම්වන " ආරක්ෂකයින් කියාගන්නා අන්ත දුප්පතා " පිස්සු බල්ලෙක් " මෙන් රටේ වෙසෙන අන්ත දුප්පතුන්ට " රවයි ...ගොරවයි..හපාකයි ".ඒකා බලෙන් අමතකකල එක දෙයක් ඇත .. ඒ තමුනුත් අන්ත " දුප්පත් " අසරණ කරනලද එකෙක් බවයි.ඔහු මේ බව තේරුම් ගන්නාතෙක් ..මේ මිනිස් දඩයම කරගෙන යයි.නමුත් කවදා තෙක්ද යන්න තීරණය කරන්නේ කාලය සහ මිනිසාගේ චින්තනයයි.
මේකත් හොදයි කියන වැඩේ අනුමත කරන වහල්ලු සෙට් එකකුත් ඉන්නවා කියලා අමතක කරන්න එපා
ප්‍රවෘත්තියේ අඩංගු විය යුතුම කරුණක්.කන්න බොන්න නැතත් ලමයි තුන්දෙනෙක්... පවුල් සංවිධාන සංගමය නැවත පනගන්වන්න.අපේ හිඟමනටහේතුව ජනගහන බෝම්බය..
ඔය ප්‍රභූවරයා.කියන එකාට නමක් නැද්ද.සාමාන්‍ය මෙහෙම.කලා නම්.නම.විතරක් නෙවේ ලිපිනයත්.දාන ජනමාධ්‍ය දැන් මේ ප්‍රභූ වරයා කවු ද කියලා.අපි හොයාගන්න ඕන කියල ද මේ කියන්නේ.
ඔය කියන ප්‍රභූවරයා කවුදැයි කියන්න ඇයි ඔය තරම් බය? අපට නම් හිතාගන්න පුලුවනි. මේ ජඩ වැඩේ කරපු පොලිස් කාරයා ලැබූ ප්‍රතිලාභය කුමක්ද? ඒ තමයි ආසියාවේ ආශ්චර්ය්‍යය…!
ඒ උනාට ඔය ජාතියෙ අය කැමති ඔය පිළිවෙලේ ප්‍රභූවරයන්ට ,ඒක නිසා තමයි පෝලිම් ගැහිල ඔය කට්ටිය පත්කරගත්තෙ.
කව්ද මේ?
කවුද මේ මෝඩයා...?
අවසන් රන්දෝලි පෙරහැර නැරඹීම සඳහා සම්ප්‍රදායානුකුලව නම් එන්නේ රටේ නායකයායි. මේ අහිංසක පවුල පත්කළ අපහසුතාවය ඔහුට සහ ඔහුගේ ගෙදර උන්දෑටත් දැනගැනීමට ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. එහෙම උනොත් සමහරවිට ඔවුන් මේ පවුලට අලුතෙන් නිවසක් හෝ සදාදෙන්නට බැරි නැත. ප්‍රශ්නය තියෙන්නේ ලොක්කා වටේට මුරකාවල් යොදාගෙන ඉන්න සොක්කෝ මේ ආරංචිය ඔහුගෙන් වසන්කරාවිද යන්නයි.
දේශපාලකයින් නම් හැදෙන්නෙම.නෑ. මේක ඔව්න්ටම ගිය රටක් වෙලා.
දෙයියෝ සාක්කි... අම්මපා... කටට එන වචන ටිකක් මේ අයටම කියන්න ඇත්නම්...!
කාටත් නොදන්වා ආව නම් මොන හේතුවකටද පොලිසිය ගිහින් පාරෙන් මිනිස්සු එලවන්නේ? මෙතැන ප්‍රභූට වඩා ප්‍රභුලට පන්දම් අල්ලන පොලිසිය තමයි වැරදි.
සමහරවිට. ගාල ලිහාගත්තු. කුලුහරකා. කාටත් හොරෙන් එනකොට. මී හරක්. රෑනක් දැකලා පස්සෙන්. එන්න ඇති. කුලුහරකා ට. බයේ. ඉන්න ඇති. කොයි තරම් අමාරුවෙන් හොයා ගත්තු කොස් ගෙඩියද දුප්පතාගෙ දේවල් ම නෙ හොරෙන් කන්නේ. මී හරක් රෑන. ඇයි දන්නෙ නැහැ පාර හරස් කරන් හිටියේ. කුලු හරකා යනකම් උන්ට වෙන වැඩ නැතිව ඇති.
කොහොම වුනත් දුප්පතුන් තමයි තැලෙන්නෙ.
මේ "ප්‍රභූ"* පෙරහැරට ගෙනා හීලෑ නැති අලියෙක් වෙන්න පුළුවන්.එහෙම නැත්නම් ප්‍රසිද්ධියේ මගහරින්න හේතුවක් නැහැ.
ඇයි මේ ප්‍රභූ වරයගේ නම නොකියන්නෙ.
ප්‍රභූ පරිස්සම් කරන පොලීසිය . පරිස්සම් කරන්න තරම් වටිනවාද බන් ඕකුන්ලා. ඕකුන්ලාටත් ට්‍රැෆික් එකේ හිර වෙලා යන්න දියන්.
නම දාපං ප්‍රභූ කියන කාලකන්නියාගෙ සහ ඒ කාලකන්නි වැඩෙ කරපු නිලධාරීන්ගෙ.. ඒකට කොන්ද පණ නැත්තං මෙ පත්තරෙ බත් ඔතන්න විශේෂයි කියලා නමට පහලින් දාගනින්... නැත්තං මෙ පත්තෙර නම වෙනස් කරපල්ලා ඔපා දූප කියලා. බත් ඔතන්න ෙෙකොල නැද්ද ගන්න ලංකාදීප... ඔපාදූප නං ලංකාදීප...
ඇයි කොස්ගෙඩිය පොලිස් අත් අඩංගුවේද?
උත්තමයන් ගමන් ගන්නා මාර්ගයක කුසගින්නේ ගමන් ගත් මෙම නරුම පිය පුතුන් හට වහාම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනු... එයින් රටට සහ උත්තමයන් හට සිදුවූ අපහාසයට මෙන්ම පොලිස් රාජකාරියට සිදුවූ බාධාව සම්බන්ධයෙන් උත්තරීතර ජාතියෙන්ම වහාම සමාව ගතයුතු බව මෙම ත්‍රස්තවාදීන් හට දැනුම් දෙනු....
ප්‍රභූ කියන කෙනාගේ නම කියන්න... තිරිසන්නු වගේ තමයි.
පොලිසියේ අයට දරුවෝ නැද්ද? පව් අහිංසක මිනිස්සු ගැන කවුද ඔය කියන ලොකු එකා මොකක්ද එයාගෙ තියන වටිනාකම? මොවුන්ට තණකොළ කන්න දෙන්න ඕනෙ... ගොන් හරක්ට පොලිසියේ අය ලකුණු දාගන්න අර අහිංසක මිනිස්සු බඩගින්නේ තිබ්බ නුඹලාට හෙන ගහනවා පර හැත්ත....!
කාලකන්නි දේශපාලනය.
මේවා මහා පව් වැඩ.
ගොඩක් සංවේදී පුවතක්... කරුණාකර තොරතුරු එවන්න.
රටේ සංවර්ධනය යන වචනයේ සැබෑ සත්‍යය මෙයද? ජනතාවට යථාර්ථය අවබෝධ වේවා. ශ්‍රී ලාංකේය දේශපාලඥයින් සියල්ලෝම මනුෂ්‍යත්වයේ ප්‍රතිරූපය විනාශ කර ඇත...
ඔය ප්‍රභූ කියාගන්නා අපත පරයින්ටයි... ඔවුන්ගේ පවුල්වල අයටයි, ජාති ජාති පරම්පරාවලට හෙණ ගහලා, මකබෑවිලා සාප වෙන්න ඕනේ...
කවුද ප්‍රභූ පුද්ගලයා...? සම්බන්ධ වුණු පොලිස් නිලධාරියා කවුද?
මේ අයනේ එන්නේ ජනතාව රකින්න කියලා... කාලකණ්ණියෝ..!
තවත් ගොන්නු පිරිලා රටේ... !
යාළුවනේ ඔය කියන දිනේ මහනුවරට එන එකම ප්‍රභූවරයා රටේ නායකය.රටේ දේශපාලකයන් පිරිහිලා තියෙන්නේ. නමුත් ඔය කියන ප්‍රවෘත්තයට ඔහු වග කිවයුතු නැහැ. ඔය ක්‍රියාව කරන්න අනදුන්න එකාත් ඒ අන ක්‍රියාත්මක කළ එකාත් ඔය කියන සිද්ධියට වග කියන්න ඕනේ. අනෙක ප්‍රවෘත්තියක් වාර්තා කිරීමේදී සදාචාරයක් තියෙනව ලංකාදීපය එය අකුරටම කරල තියෙනවා. ඒ ගැන ප්‍රවෘත්ය ලියපු අයට දොස් කියන්න හොද නෑ. රටේ තත්ත්වය නායකයන් දැන ගත යුතුයි. ඒවා හංගන්නේ සපත්තු ලෙව කන කාලකණ්නි තවමත් පොලිස් දෙපාර්තමේන්තුව ඉන්න නිසා. අන්න ඔවුන හොයාගෙන ගිහිල් රටෙන් පන්නන්න ඔනේ.
වෙන කවුද ඉතින් බටලන්දේ තමයි ඔය , ඔය මිනිහට කැක්කුමක් තියෙන්නේ මිනිහගේ පැලැන්තියේ අය ගැන විතරයි
මිනිස්සු කුලප්පු කරන වැඩ...
ඔය කියන ප්‍රභූවරයාට සහ ඒ අසරණ පවුල බඩගින්නට හේතු වුණු සෑම පොලිස් නිලධාරීන්ටම දේව ශාප අත්වේවා ! ඔය කියන ප්‍රභූවරයාට සහ ඒ අසරණ පවුල බඩගින්නට හේතු වුණු සෑම පොලිස් නිලධාරීන්ටම සහ ඔවුන්ගේ පවුල්වල උදවියද කුසගින්නෙන් පීඩා විඳිත්වා...!
මහ රජා නෙවෙයි, මෙයා වෙනත් එක්කෙනෙක්... පසුගියදා කුඹුරක පාවඩ දමලා ඇවිදිනවා දකින්න ලැබුණා. ටිකක් නෙවෙයි, බොහෝම උද්දච්ඡ කෙනෙක්. එයාගේ බිරිඳ නම් බොහෝම නිහතමානී සරසවි ඇදුරෙක්... කැන්ටිමෙන් ළමයි සමග තේ බොනවා. ළමයින් අතර ආදරයක්, ගෞරවයක් දිනාගත්තු උතුම් කාන්තාවක්
නොදකින් මෙහෙමත් එවුන්...!
ඡන්දෙ කිට්ටු වෙනකොට හොරුන්ගේ පිටිපස්සේ යමින් ඔවුන්ට ඡන්දෙ වැඩ කරන්නෙත් මෙවැනි මිනිස්සු තමයි. හොරුන්ට ඡන්දෙ දුන්නා නම් දැන් බඩගින්නේ හිටහල්ලා.
අහිංසක ගම්වැසියාව පීඩාවට පත්කළ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් යැයි කියාගන්නා ඔය සෙරෙප්පු ලෙවකන නරුමයින්ව තලන්න ඕනේ..!
පොලිසිය මන්ද බුද්ධික වෙලා වගෙයි.
ප්‍රජාතන්ත්‍රවාදී රටක කොහේද "ප්‍රභූ" ඉන්නේ? මොවුන්ව "ප්‍රභූ" කරලා උඩ තියන්නේ රටේ මාධ්‍ය ආයතන වලින්ම තමයි.
වසල වැඩක් කළ අයට කියන්න සුදුසු නම යොදන්න. අසරණ දරුවන් පව්. කෑමට කිසිඳු දෙයක් නැතිව පාසල් නොයන දරුවන් විශාල පිරිසක් ඉන්න රටේ මොවුන් කුමක් කළයුතුද?
සකල සිරින් පිරි සිරි ලංකාවේ කසල සෝධකයින්ගේ වැඩ තමයි මේවා...!
සකල සිරින් පිරි සිරි ලංකාවේ කසල සෝධකයින්ගේ වැඩ තමයි ඒ...
මස් කන බල්ලට වඩා කටුකන බල්ලා සැරයි ආයුබොවන්ඩ...
අම්මෝ වෙලාවට තුන්වේල කන පවුලක්....
රාජකාරී අවසන්ව මිනිසුන් නිවෙස් කරා යන අධික කාර්ය බහුල වෙලාවක වුවත් එතරම් අධික රථවාහන නොමැති මාර්ගය වුවද ප්‍රබූවෙකු මාර්ගයෙ ගියහොත්, එවුන්ට යන්න ඉඩ දී අනෙක් සියලු මාර්ග කලර් ලයිට් වලින් බ්ලොක් කරනවා. එදාට කඩිමුඩියේ දුම්රිය ස්ථාන වෙත යන මගීන්ට යන්න බැරිවෙනවා. එදාට දුර බැහැර නිවෙස් වෙත යන මගීන් ට නිවසට යන්න වෙන්නේ රෑ බෝ වෙලා. එකෙකුගේ විනාඩි පහ නිසා විශාල පිරිසකට හිරිහැර වෙනවා.