IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතුයි

(අංජුල මහික වීරරත්න)

ඒකීය රටක් ලෙස ආර්ථිකය දේශපාලන හා සමාජීය දියුණුවක් ඇති කර ගැනීමට නම් පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනතා ගැටළු කඩිනමින් විසදීම සඳහා පරිපාලනමය බලය බෙදීම උපකාරී වන බවද අමාත්‍යවරයා කීය.

ඒකීය රටක් ලෙස ආර්ථික, දේශපාලන හා සමාජීය අතින් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ එවැනි පරිපාලන බලන බෙදීමකින් බවද ඇමතිවරයා සඳහන් කළේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් අමාත්‍යතුමාගේ ආරාධනය පරිදි මන්නාරම, එරුකලම්පිට්ටි "Zakath Kuwait" ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

මෙම උත්සවය මන්නාරම එරුකලම්පිට්ටි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේදී අද (06) පැවැත්වුණි.



අදහස් (7)

පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතුයි

amila Sunday, 06 November 2022 04:04 PM

එතන ඉන්නේ ප්‍රසන්න වුණාට කතා කරන්නේ රනිල්. මෙච්චර පොඩි රටක් ඒකට දියුණු කරන්න බැරුව කොහොමද බෙදිලා එක එකාට අවශ්‍ය විදියට දියුණු කරන්නේ. දැන් කෙලින්ම කබරගොයා තලගොයා කරන් ඉන්නේ මේ ගොල්ලෝ ටික. රට බෙදන්න ආවොත් අනිවාර්යෙන් මිනිස්සු පාරට බහින්නම ඔනි.

:       7       21

Bamunuarachchi Sunday, 06 November 2022 04:19 PM

ඊට පස්සේ අරාබි නම්වලින් පාරවල් නම් කරාවි. එන පොට හොඳ නැහැ. මේ අයගේ ඡන්ද බලාගෙන රට පාවාදෙන්න එපා ගොයියෝ. අපිට නුඹලා ලොකු නැහැ.

:       10       16

fairoosSunday, 06 November 2022 06:04 PM

ජාතිවාදයෙන් රට කරන්න ගිහිල්ලා නැත්තටම නැතිවෙලා.., හැබැයි කයිවාරුව නම් තාම කියනවා... මේ වගේ අයට නම් ළඟදීම සොබාදහමින් පඩිසන් ලැබේවි...!

:       8       13

BamunuarachchiMonday, 07 November 2022 06:37 AM

මුස්ලිම් කියලා ජාතියක් නැහැ තිබෙන්නේ ආගමක්. අපිට තිබෙන්නේ ජාතිවාදයක් නොවෙයි ආගම් වාදයක්.ඒක ඉස්සෙල්ල තේරුම් ගනින් එතකොට අපේ මේ විරෝධය තේරුම් ගන්න පහසුයි.

:       2       1

උතුර-නැගෙනහිර-කම්මැළි දකුණ Sunday, 06 November 2022 05:57 PM

රටේ පදින සුපරිම වාහනත් මෙරටට ගෙන්වන... නිතරම කොට කොට ඉන්න මොබයිල් ෆෝන් එකත්... ලැප්ටොප් එකත් රටට ගෙන්වන.. භාෂා තුනම [සිංහළ-දෙමළ-ඉංග්‍රීසි] හරිම ඕනි තැනේදී තම වෙළඳාම සිංහලයාට, දෙමළාට කොළඹ කඩ්ඩ කතාකරන 'සිංග්ලිස්' සිංහලයාට කරගන්නට යොදවන... සිකුරාදා දිනයට අනිවාර්‍යයෙන්ම ආගම අකුරටම අදහන ජාතියක් වන මුස්ළිම් ජාතිය රටටම ආදර්ශයකි! ඉතින් පරිපාලනමය වශයෙන් රට වටේම බලය ක්‍රියාවෙන්ම බෙදිල දිලා තියෙනකොට වෙන මොන කතාද පිනට ලැබෙනකම් බලාගෙන ඉන්න තරුණ රට වැසියෙනි..!

:       4       10

percy Monday, 07 November 2022 09:28 AM

බලය බෙදිය යුතුමයි. මෙයට බාධා කරන්නේ හාමුරුවරු පිරිසක් හැමදාම.

:       0       1

BamunuarachchiMonday, 07 November 2022 06:13 PM

අතීතයේ සිටම සොලී මරාටි ගුජරාටි දෙමල ආක්‍රමණ වලින් රට බේරා ගන්න මැදිහත් උනේ හාමුදුරුවරුය. හාමුදුරුවරුන්ට වැරදුනේ ක්‍රිස්තියානි ආගමට හා හැමබ්යිට මෙරටේ බින්න බහින්න ඉඩදීමෙන්. එමනිසා හාමුදුරුවරුන්ට රට බේරා ගැනීමට නොබෙදා තබා ගැනීමට විශාල අයිතියක් තිබෙනවා. දේශපාලුව බලන්නේ චන්දය ලබාගැනීමටයි. රනිල්, ප්‍රේමදාස, කලේ එකයි. බලය බෙදීම අති භයානකයි. පෙනෙන ආකාරය නොවෙයි අතුලේ තිබෙන්නේ. දෙමල්ලු බලය බෙදන්න කියා ඉල්ලන්නේ ඇයි?. පටන් ගන්නේ බොහොම සුළුවට කාලයාගේ අවෑමෙන් ටික ටික අටිතිවාසිකම් එකතු කර ගන්නවා ඊලනගට උතුර වෙනම රට්ක් වෙනවා . වෙනම මුස්ලිම් බල ප්‍රදේශ මඩකලපුවේ හැදෙනවා ඊලනගට තව අවුරුදු ගණනකින් අපිට නැවත යුද්දයකට අවතීරණය වෙන්න වෙනවා. සුළු ජාතීන් අපේරටට ආවා මිස අපි සුළුජාතීන්ගේ රටකට ආවේ නැත. ඒ නිසා සුළු ජාතීන්ට අපේ ක්‍රමයේ ඉන්න කැමතිනම් ඉන්න පුළුවන් නැතිනම් අකුලාගෙන ආවරටකට යන්න පුළුවන්..

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 91 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 585 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site