
(අංජුල මහික වීරරත්න)
ඒකීය රටක් ලෙස ආර්ථිකය දේශපාලන හා සමාජීය දියුණුවක් ඇති කර ගැනීමට නම් පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.
ජනතා ගැටළු කඩිනමින් විසදීම සඳහා පරිපාලනමය බලය බෙදීම උපකාරී වන බවද අමාත්‍යවරයා කීය.
ඒකීය රටක් ලෙස ආර්ථික, දේශපාලන හා සමාජීය අතින් ශ්‍රී ලංකාවට ඉදිරියට යා හැක්කේ එවැනි පරිපාලන බලන බෙදීමකින් බවද ඇමතිවරයා සඳහන් කළේය.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කියා සිටියේ ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කාදර් මස්තාන් අමාත්‍යතුමාගේ ආරාධනය පරිදි මන්නාරම, එරුකලම්පිට්ටි "Zakath Kuwait" ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙම උත්සවය මන්නාරම එරුකලම්පිට්ටි මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේදී අද (06) පැවැත්වුණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතන ඉන්නේ ප්‍රසන්න වුණාට කතා කරන්නේ රනිල්. මෙච්චර පොඩි රටක් ඒකට දියුණු කරන්න බැරුව කොහොමද බෙදිලා එක එකාට අවශ්‍ය විදියට දියුණු කරන්නේ. දැන් කෙලින්ම කබරගොයා තලගොයා කරන් ඉන්නේ මේ ගොල්ලෝ ටික. රට බෙදන්න ආවොත් අනිවාර්යෙන් මිනිස්සු පාරට බහින්නම ඔනි.
ඊට පස්සේ අරාබි නම්වලින් පාරවල් නම් කරාවි. එන පොට හොඳ නැහැ. මේ අයගේ ඡන්ද බලාගෙන රට පාවාදෙන්න එපා ගොයියෝ. අපිට නුඹලා ලොකු නැහැ.
රටේ පදින සුපරිම වාහනත් මෙරටට ගෙන්වන... නිතරම කොට කොට ඉන්න මොබයිල් ෆෝන් එකත්... ලැප්ටොප් එකත් රටට ගෙන්වන.. භාෂා තුනම [සිංහළ-දෙමළ-ඉංග්‍රීසි] හරිම ඕනි තැනේදී තම වෙළඳාම සිංහලයාට, දෙමළාට කොළඹ කඩ්ඩ කතාකරන 'සිංග්ලිස්' සිංහලයාට කරගන්නට යොදවන... සිකුරාදා දිනයට අනිවාර්‍යයෙන්ම ආගම අකුරටම අදහන ජාතියක් වන මුස්ළිම් ජාතිය රටටම ආදර්ශයකි! ඉතින් පරිපාලනමය වශයෙන් රට වටේම බලය ක්‍රියාවෙන්ම බෙදිල දිලා තියෙනකොට වෙන මොන කතාද පිනට ලැබෙනකම් බලාගෙන ඉන්න තරුණ රට වැසියෙනි..!
බලය බෙදිය යුතුමයි. මෙයට බාධා කරන්නේ හාමුරුවරු පිරිසක් හැමදාම.