IMG-LOGO

2025 මැයි මස 08 වන බ්‍රහස්පතින්දා


පර්පචුවල් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කරන්න යෝජනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ආන්දෝලනාත්මක බැඳුම්කර වැඩපිළිවෙළින් උපයා ගත් රුපියල් කෝටි 850ක් මුදලක් රාජසන්තක කිරීමට යෝජනා කරන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ලබන වසර සඳහා(2022) අයවැය යෝජනාවලිය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට විශ්‍රාම වැටුප හිමි වන කාලය වසර දහයක් දක්වා වැඩි කිරිමටද මන්ත්‍රීවරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ ඉන්ධන දීමනාව ලීටර් 5 කින් අඩු කිරීමටද යෝජනා කරන බව හෙතෙම සඳහන් කළේය.

රාජ්‍ය සේවකයන් විශ්‍රාම යෑමේ වයස 65 දක්වා දීර්ඝ කිරීමටද යෝජනා කරන බව ඔහු පැවසුවේය.

මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රජයේ දෙවෙනි අයවැය වන අතර බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමැතිවරයා ලෙස පත් වීමෙන් පසු ඉදිරිපත් කරනු ලැබූ ඔහුගේ මංගල අයවැයයි.

 

 



අදහස් (26)

පර්පචුවල් සමාගමේ කෝටි 850ක් රාජසන්තක කරන්න යෝජනාවක්

පිංහාමි Friday, 12 November 2021 04:24 PM

එම අදහස නම් හොඳයි. දුප්පතුන්ට ආච්චිගේ මැණික් මල්ලවත් නැතුව තරග කරන්න බැරිවේවිද?

:       35       88

ප්‍රේමරත්න Friday, 12 November 2021 05:00 PM

අයවැය මගින් 2015-2019 අතර දේශපාලන පලිගැනීම් සඳහා සහන දෙනවා නම් 2015 ට පෙර පළිගැනීම් වලටත් වන්දි ගෙවිය යුතුයි. ඒ කාලයේ සිටි පාලකයින් විවිධ ආකාරයට පළිගැනීමේ නිරතව සිටී අතර වැටුප් විෂමතා ඇතිකරමින්ද පළිගැනීම් කළහ. වන්දි ගෙවීමේදී එකල ඇතිකළ විෂමතා ඉවත් නොකරන්නේ නම් අපරාධයකි...

:       120       34

හොරු සමඟ ..?Friday, 12 November 2021 07:27 PM

අර්ජුන් ඇලෝසියස් වෙන නමකින් කමෙන්ට් කරලා වගේ...

:       14       67

Nuwan Friday, 12 November 2021 06:44 PM

ඔය කෝටි 850න් 10%ක් ගන්නවද?

:       48       51

Shan Friday, 12 November 2021 07:21 PM

දැන් මහලොකුවට කියන්න පුළුවන් ගිය ආණ්ඩුවෙන් ඒ මුදල් අවහිර කළ නිසා. අම්මලාට සොහොන් හදපු වගේම, සිල් රෙදි, ඇවන්ගාඩ්, සීනි, පොල්තෙල් හොරකම් වල සල්ලිත් අරගෙන පෙන්නන්න පුළුවන් නම්...

:       90       68

Sathiru Friday, 12 November 2021 07:25 PM

කෝටි 850ක්. කොහොමද ගහගත්තා නම්, කල්ල මරේනේ...!!! 

:       4       105

naamal Friday, 12 November 2021 07:35 PM

රාජපක්ෂමේන්තුවෙන් යටිමඩි ගහපුවා මීට වැඩියි නේද? ඇයි ඒවා නැත්තේ?

:       80       65

asela Friday, 12 November 2021 08:28 PM

නිරූපමාගේ බිලියන 800 රාජසන්තක කරන් නැද්ද?

:       46       61

එරන් දි Friday, 12 November 2021 08:41 PM

එතකොට මල්වානේ ගෙදරට මොකක්ද කරන්නේ...? ඒකත් ගන්නවැයි...

:       5       49

jay Friday, 12 November 2021 08:47 PM

නිරූපමා රාජපක්ෂ හොරකම් කළ සල්ලි අයකර ගන්නේ නැද්ද? 

:       32       41

මහසෙන් Friday, 12 November 2021 09:01 PM

ඔන්න ඔහොමයි බැදුම්කර නාටකේ අවසන් වෙන්නේ. හරිද? මොල 7නොවේ. මොල ගෙනාපු නැවක්...

:       17       33

Prabha Friday, 12 November 2021 09:43 PM

රාජ සන්තක කරන්න ඉස්සෙල්ලා ඒ මුදල හොයාගන්න ඕනේ නේද? 

:       37       19

පිටිගල මිලානෝ Friday, 12 November 2021 09:44 PM

සාටක බ්‍රදර්ස් ඇන්ඩ් සන්ස්ලා ගාණකට වැඩේ දෙන්න වගේ යන්නේ... ඕනේ ඔට්ටුවක් අතයටින් වැඩිකොටසක් මේ අයට ගන්නයි මේ බයකරන්නේ.... බයියන්ට නම් මාර සතුටු ඇති...

:       39       33

රුවන්තක මිලනෝ Friday, 12 November 2021 10:34 PM

කරුනාට කරපු එකේ අනිත් එක කරන්න ලෑස්තිවෙන්නේ.

:       51       14

රුවන්තක මිලානෝ Saturday, 13 November 2021 11:48 AM

සමාවන්න... කරුණා නෙවෙයි කේ.පී...

:       19       6

WijeSaturday, 13 November 2021 03:42 PM

මඩක් ගහන්න ගිහින් ඇඟේ ගා ගත්තානේ?...

:       8       12

Bamunuarachchi Friday, 12 November 2021 10:41 PM

මහජනතාවට සහන රැසක් දෙන ඉතා හොඳ රට සීඝ්‍රයෙන් දියුණුකළ හැකි හොඳ අයවැයක්...

:       42       26

ගමේ එකාලාSaturday, 13 November 2021 04:12 AM

අනේද කියන්නේ? පවුල් පාලනේ උදවිය අයවැය කරපු හැටි අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ.. සුනාමියෙන් ලැබුණු ආධාරත් තියෙන නිසා සමහරවිට සහන දෙන්න බැරියැ. සිරිලිය ගිණුම තියෙන්නේ...?

:       0       8

seneSaturday, 13 November 2021 09:04 AM

අනේ අපට ලැබෙන සහන ගැන කියා දෙන්නකෝ..! මමත් 69 බත් කන හරක්ගෙන් කෙනෙක්...

:       1       13

Indika Saturday, 13 November 2021 01:14 AM

ඒ කියන්නේ මහ බැංකු වංචාව බොරුවක්... ආණ්ඩුව ඉල්ලා අස්විය යුතුයි...!

:       1       7

lion Saturday, 13 November 2021 06:10 AM

ළමයෝ චීන සමාගමෙන් ඔහේගෙ නෝනට ආපු අර තඩි චෙක් එකේසල්ලි ටිකත් ගන්න. හැබැයි ඊට පස්සේ ගෙදර යන්න බැරි වෙයි... ඔහෙට. මේ රට උලාකෑවේ ඔහේගේ පරපුර කියන එක නම් දැන් මුලු රටම දන්නවා. ඉක්මණින් චුත වෙලා යන්න...

:       2       9

sam Saturday, 13 November 2021 08:06 AM

හොඳ පුවතක්...

:       0       2

janahitha Saturday, 13 November 2021 09:42 AM

එතකොට මැරියට් හෝටලේට මොකක්ද කරන්නේ...?

:       12       6

Nirmal Saturday, 13 November 2021 09:50 AM

රාජ සන්තක කරනවා කියලා රජපක්ෂ සන්තක කරනවා එහෙම නෙවෙයි ඔන්න.

:       8       10

විපරමා Saturday, 13 November 2021 06:38 PM

රාජසන්තක කරනවා නම් මුලින්ම පටන් ගන්න ඕනේ පවුල් රෑනේ අයගෙන්.... හෙල්පින්ග් හම්බන්තොට..., සිරිලිය, ඔය වගේ පවුලේ ගිණුම් තව කොච්චර ඇත්ද?

:       0       8

sharm warn Monday, 15 November 2021 09:04 AM

ආ එහෙමද ?එතකොට හෙල්පින් හම්බන්තොට,මල්වානේ ගෙදර ,කෝප් ,සිල් රෙදි .ඇවන් ගාර්ඩ් ,මැරියට් හෝටලය ලැයිස්තුව නම් දිගයි .ආහ් අර අම්මා තාත්තගේ කෞතුකාගාරයයි සොහොනයි හදපු සල්ලි .එතකොට ග්‍රීක බැඳුම්කර ,කබ්රාල් දාපු සෙල්ලම් .ඒවත් අල්ලනවද ?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කෙහෙළිය රිමාන්ඩි
2025 මැයි මස 07 1865 2

ජනමාධ්‍ය, පරිසර සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩල තනතුරු සඳහා සිය ඥාතීන්, හිතවතුන් සහ දේශපාලන ආධාරකරුවන් පත්කරගෙන ඔවුන් සේවයේ යොදවා නොගෙන


පාප්තුමා තෝරා ගැනීමේ ඡන්දය ඇරැඹේ
2025 මැයි මස 07 1719 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ස්වර්ගස්ථ වීමෙන් පසු හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප් වහන්සේ තෝරාගැනීම සඳහා වකිතානයේ දී මේ වනවිට ආරම්භ වී ඇත. මෙම


රිය අනතුරකින් දෙන්නෙක් මරුට
2025 මැයි මස 07 640 0

වීරකැටිය රන්න ප්‍රධාන මාර්ගයේ ගුරු ගොඩල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ලොරි රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් කළ දෙදෙනෙකු මිය ගොස් ඇතැයි වීරකැටිය පොල


ආනයන තීරුබදු යෝජනාව හෙට මැතිසබේට
2025 මැයි මස 07 1274 0

පාර්ලිමේන්තුව හෙට (8) සහ අනිද්දා (9) රැස්වීමට නියමිතය.


කෙහෙළිය අත්අඩංගුවට
2025 මැයි මස 07 3233 6

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.


සජබෙන් කොළඹ නගර සභාවට නගරාධිපතිවරයෙක්
2025 මැයි මස 07 10978 11

විපක්ෂයේ සියලු කණ්ඩායම් හා එක්ව කොළඹ මහනගර සභාව සඳහා සමගි ජන බලවේගයෙන් නගරාධිපතිවරයකු පත්කර ගන්නා බව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1054 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 253 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1295 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site