
(යොහාන් භාසුර)
ප්‍රාදේශීය ලේකම්වරු සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරු ‘අස්වැසුම’ වැඩසටහනට අදාල සියලුම රාජකාරිවලින් හෙට (8) සිට ඉවත් වන බව ශ්‍රී ලංකා ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සංගමය පැවසීය.
‘අස්වැසුම’ සුබසාධක ප්‍රතිලාභ ගෙවීම් යෝජනා ක්‍රමයේ දෙවැනි අදියරේ අයදුම්පත්වලට අදාළව නිවාස තොරතුරු සංගණනය කිරීම හා ප්‍රතිලාභීන් තෝරා ගැනීම සම්බන්ධයෙන් නිලධාරීන්ට ගෙවීම් කිරීම ඇතුළු ගැටලු රැසක් හේතුවෙන් එම වෘත්තීය ක්‍රියාමාර්ගයට යොමු වන බව එම සංගමය සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපතිවරයාට ලිපයික් යොමුකර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපුරුදු වැඩ වැරීමේ රැල්ල පටන් ගත්තා. රට යන්තම් ඔළුව උස්සන්න හැදුව විතරයි
මේ වෙලාවේ වැටුප් වැඩිකිරීම් කරන්න බැරි බව දැන දැන ස්ට්‍රයික් කරන්නේ රට බකල් කරන්න කොන්ත්‍රාත්තු ගත්ත අයයි . අපේ රටට මේ විපත වෙන්න දේශපාලකයෝ විතරක් නෙවෙයි රජයේ නිලධාරීන්ගෙන් අති බහුතරය්කුත් වගකියන්න ඕන . ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් සමහරු කරන වංචා එමටයි . සරලම එකක් තමයි නිල රථය අයුතු ලෙස භාවිතය . ඉතින් එයාල කොහොමද අනුන්ට ඇඟිලි දික්කරන්නේ . ප්‍රමාණවත් වැටුපක් දිය යුතුයි , එකේ කතා දෙකක් නැහැ නමුත් වගකිවයුතු නොලධාරින් ලෙස මෙවෙලාවේ මේ උගුලෙන් රට ඉදිරියට ගෙනයාම වෙනුවෙන් හැමදෙනාම කැපකිරීම් කලයුතුයි . ඔය ස්ට්‍රයික් මෙහෙයවන මධ්‍යස්ථාන තනිකරම කරන්නේ රට බකල් බොරදියේ මාළු බාන්න උත්සාහ කිරීමයි.
කොමෙන්ට්ස් දිහා බැලුවම තේරෙනව දැන් සියලු ප්‍රශ්න තියෙන්නේ රජයෙ සේවකයන්ට විතරයි .. අනෙකුත් සියලු දෙනාම ගොඩ කියල ... අනේ මන්ද .. රටේම තත්ත්වය ඒක ද කියල ..
මේක පුද්ගලික සමාගමකට දෙන්න, මොවුන්ට වඩා හොඳ සිස්ටම් එකක් හදලා ඔන්ලයින් කරාවි...