(ඩයනා උදයංගනී)
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල් ඇතැම් ස්ථානයන්ට මිලිමීටර 75 ට වැඩි තද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප්‍රදේශයන්‍හි උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියාකරන්නැයි එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.
ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම මේ දිනවල සිදුවන අතර අද (14) දහවල් 12.10ට චුන්නාවිල්, කිලිනොච්චි සහ වඩක්කච්චි යන ප්‍රදේශයන්ට හිරු මුදුන් වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd