IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පේරාදෙනි සරසවියේ සිසුහු 5ක් මේ වසරේ දිවි නහගෙන

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පස් දෙනෙක් මේ වසර ඇතුළත සිය දිවි හානි කරගෙන තිබෙන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරුන් වන තිලක් බණ්ඩාර, උපුල් අබෙිරත්න ,මනෝජ් ආරියරත්න මහත්වරුන් තමා හමුවේ මේ කරුණු පැවසූ බව කී බාකිර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී මේ ගැන කතා කරන්නැයි  ඔවුන් ඉල්ලා සිටි බවද කීය.

විශ්ව විද්‍යාලයේ බොහෝ දරුවන් කන්නේ එක වේලක් පමණක් බවද බොහෝ දරුවන් ගොඩක් කෙට්ටු වී ඇති අතර දේශන අවස්ථාවලදී සිසුන් කලන්තේ දමා වැටෙන බව මහාචාර්යවරුන් තමා සමග පැවසී යැයි බාකීර් මාකාර් මහතා පැවසීය.

මෙය හුදෙකලාව අධ්‍යාපන ප්‍රශ්නයක් ලෙස ගත යුතු එකක් යැයි තමා  නොසිතන බව කී බාකිර් මාකර් මහතා මාපියන්ට සල්ලි එවන්න පුළුවන් කමක් නැතැයි ද ශාස්ත්‍ර පීඨයේ දරුවන්ට මහපොළ දීමනාව තවම ලැබී නැති අතර මෙලෙස අහේනියට පත්ව දුක් විඳින්නේ  රටේ අනාගතය බවද කීය.

 



අදහස් (4)

පේරාදෙනි සරසවියේ සිසුහු 5ක් මේ වසරේ දිවි නහගෙන

City Thursday, 22 June 2023 07:50 PM

ඔවුන්ට උද්ඝෝෂණ කරන්න පුළුවන්, වීදි පෙළපාළි යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. දේශන අතරතුර පමණයි ඔවුන්ට ආහාර ප්‍රශ්න ඇති වෙන්නේ. මෙම දරුවන් කුඩා කල සිටම අධික ආතතියෙන් පෙළෙන අතර දැන් ඔවුන්ගේ ජීවන රටාව සමබර කර ගැනීමට නොහැකි වී ඇත.

:       1       0

ajith Thursday, 22 June 2023 08:11 PM

අද රටේ පවතින ආර්ථික අපහසුතා මත, බොහෝ සිසුන්ට නේවාසිකව සිට සරසවි අද්‍යාපනය ලබා ගැනීම වියදම් අධික ක්‍රමයකි. මීට විකල්පයක් ලෙස, ප්‍රයෝගික පුහුණු වීම් නැති සියලු පාඨමාලා හැකිතාක් දුරට පරිගණක තාක්ෂනය හරහා දුරස්ථව ලබා දීම කල යුතුයි. එවිට සිසුන්ට තම අධ්‍යන කටයුතු තම නිවෙස්වල සිටම කර ගත හැකි වන අතර, එය සාපේක්ෂව සිසුන්ට වියදම අවම වන ක්‍රමයකි. මෙය දුර බැහැර ප්‍රදේශවල ජීවත් වෙන සිසුන්ට මහත් සහනයක් වනු ඇත.

:       0       2

කිරිපුතා Friday, 23 June 2023 12:13 AM

ඔය සිය දිවි හානි කරගත්ත කිසිම ශිෂ්‍යයෙක් කන්න බොන්න නැති නිසා එහෙම කරගත්තා කියන්න කිසිම සාධකයක් කොතැනකවත් දකින්න නැහැ. මෙයාලා එතනම පොට වරද්දගෙන.

:       0       0

සල්ලි Friday, 23 June 2023 07:09 AM

උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ customer feedback එකට "ජීවත්ව සිටීද නැතිද" කියා එකක් දා ගන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site