( චමිල් රූපසිංහ)
පේරාදෙණිය විශ්ව විදයාලයේ සිසුන් දෙපිරිසකගේ ගැටුමකින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පිඨයේ සිසුන් තිදෙනෙකු පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පේරාදෙණිය පොලිසිය පවසයි.
සිද්ධිය ඊයේ රාත්‍රියේදී සිදුවි ඇති බවත් ඉංජිනේරු පීඨයේ සිසුන් හා දන්ත වෛද්‍ය පීඨයේ අතර සිදුවු ගැටුමකින් පහර කෑමෙන් දන්ත වෛද්‍ය පීඨයේ සිසුන් තිදෙනා මෙලෙස රෝහල් ගත කර ඇති බවද පොලිසිය පවසයි.
මේ සම්බන්දව පේරාදෙණිය පොලිසිය වැඩිදුර විමර්ශන සුදුකරනු ලබන බවද පොලිසිය පැවසිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුටි ඇන ගැනීම ඉගෙන ගන්න විෂයයන් පිළිබඳව වෙන්න ඇති.
කෝච්චියක් අරන් සිස්ටම් චේන්ජ් කරන්න ආපු ගොබිලෝ නේද මේ බෙදිලා මරා ගන්නේ දැන්...?
අමිහිරි වුණත් ඇත්ත කියන්න වෙනවා. අපේ රටේ වි වි සිසුන්ගෙන් ඇති බහුතරක් අධික හින මානයකින් පෙලෙන පුදුම මෝඩයෝ රැලක් බවට පත්වෙලා ඉවරයි. කිසිම විනයක් නැහැ මොවුන්ගෙයි, ඉස්කෝලේ 5ට වත් නොගිය මෝඩ ත්‍රාඩයින්ගෙයි ඇති වෙනස මොකක්ද? මේකට අපේ අධ්‍යාපන ක්‍රමයත් වගකිව යුතුයි. මොකද අපේ පාසල් තුළින් බිහිවන්නේ බුද්ධිමතුන් නොව ගිරවුන් රෑනක් නිසා...
ඊයෙ සෙට් එකක් කලාගාරය ඉස්සරහා හමාස් සංවිධානයට සපොට් කරනවා. ත්‍රස්තවාදීන්ට උඩ දෙන මේ වගේ කාලකන්නි හැමදාම හිටියා. ඔය දෙපාර්තමේන්තුවල එල්ටීටීයට, අයිසිස් එකට සපෝට් කරන හොරාචාර්යවරු පිරිලා...
කොල්ලෝ ඔහොම තමයි... ඕකෙ ළමයි ඉන්න ප්‍රමාණෙත් එක්ක ඕක ප්‍රශ්නයක් විදිහට උලුප්පන්න ඕනෑ නැහැ. ඔය කැම්පස් එකෙන් සමාජයට කෙරෙන හොඳ දේවල් සිය ගාණක් තියෙනවනේ...
මෙඩිකල් යන්න ලකුණු මදිවෙලා ඩෙන්ටල් යනවා. ඩෙන්ටල් යන්නත් මදිනම් සයන්ස්. ඒකත් බැරිනම් ඇග්‍රි. ඒත් මදි නම් පරීපූරක. ඒ වුණාට ගැම්ම නං ඩෙන්ටල්ම කරන්න සයන්ස්ම කරන්න ඉපදිලා ආවා වගේ. අපි නොදන්න චෙස්! අපරාදේ සල්ලි...
සරසවි මෝඩයින් බිහිකරන තිඹිරිගෙවල් නොවිය යුතුයි... දේශපාලකයින් තමන්ට බලයට එන්න හැමදාම සරසවි සිසුන් දඩමීමා කරගැනීම අවාසනාවක්...