
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍රදානය කිරීමක් අද දින ඔහුගේ කාර්යාලයෙ සංවිධානය කළේය.
අලි සබ්රි රහිම් මහතා මෙවර එක්සත් ජාතික සන්ධානය පක්ෂයෙන් පුත්තලම දිස්ත්‍රික්කයට තරග කළේය.
අවස්ථා දෙකක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අලි සබ්රී රහිම් මහතා රිෂාඩ් බදුරුදින් හිටපු ඇමතිවරයාගේ සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තරග වැදි එයින් ඉවත්ව වෙනම තරග වැදිම සිදුව තිබුනී.
ප්‍රමාණවත් මනාප සංඛ්‍යාවක් නොලැබිම හේතුවෙන් අලි සබ්රි රහිම් මහතාට මන්ත්‍රි ධුරය අහිමි විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් තේරෙනවා නේද එක්සත් ජාතික සන්ධානයේ තරම. රත්තරන් හොරෙන් ගෙනැල්ලා අඩු දඩයක් නියම කළ කෙනා නේද මේ? මොවුන් තාමත් ඡන්දේ ඉල්ලනවනේ..?
ඔබට ජනතාව ඉදිරියට ඇවිත් ඡන්දය ඉල්ලන්න ලැජ්ජාවක් නොතිබුණු එක තමයි පුදුමේ
ඔව් ඉතින්... හොරාකාපුවා ජනතාවටත් දුන්නාට කමක් නැහැ. හැබැයි මේක මේ අයගේ හෙංචයියලාට දෙන්න ඇති.. මේ අර රත්තරන්ගේ හොරා නේද?
මේ රත්රන් හොරා නේද? කරපු පව් බෙදාගන්න හදනවා නේද?
මේ වියදම පියවා ගන්න කලින් රත්තරං ඇතිවෙයිද? නැත්තං ආයෙත් ගේන්න වෙයිද?
රත්තරන් හොරෙන් ගෙනැල්ලා හම්බ කරපු සල්ලි, යන්න වෙන එකේ tax වලින් බේරෙන්න ටයර් බෙදනවා... ඔබලා හොර වැඩ කරලා තියනවා, ඒවාට වන්දි ගෙවන්න ඕනෑ.
රත්තරන් සල්ලි...!
මේ වගේ හොරු ජනතාව විසින්ම පන්නපු එක අගය කරනවා. තව හිටියා නම් හොඳට හොරකම් කරාවි.
රටට කෙළවුණත් මොකද ටයර් එක හම්බුණානේ.. මුනේ සිරියාව..
ටයර් එකක් ගන්න බැරි වෙන්න අසරණ කරලා ඊට පස්සෙ ටයර් බෙදලා ආයි ඊට වඩා අසරණ කරන්න බලය ඉල්ලනවා