IMG-LOGO

2025 අගෝස්තු මස 12 වන අඟහරුවාදා


පේරාදෙණි රෝහලේ හෙද හෙදියෝ පාරට බසිති

(සුරංග රාජනායක)

පේරාදෙණිය මහ රෝහලේ විශේෂඥ ශ්‍රේණියේ හෙද නිලධාරණීයකගේ අත්තනෝමතික ක්‍රියා හේතුවෙන් එම රෝහලේ ඇති එකම ප්ලාස්ටික් ශල්‍යකර්ම ඒකකය වැසියාමේ අවදානමක් මතුව ඇතැයි කියමින් හෙද හෙදියෝ විරෝධතාවක නිතර වුහ.

විරෝධතාකරුවන් හෙද නිලධාරිනියගේ කෲර ක්‍රියාවන් වළක්වන ඉල්ලා සිටියහ.

මෙම හෙද නිලධාරිණිය විසින් දීර්ඝ කාලයත් තිස්සේ සිදු කරන දැඩි පීඩාවන් නිසා එම රෝහලේ 700කට අධික හෙද පිරිසක් දැඩි අසහනකාරී තත්ත්වයට පත්ව ඇතැයි එම විරෝධතාවයට එක් වූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සභාපති අරුණ ශාන්ත මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පේරාදෙණිය රෝහලේ ඇතිව තිබෙන මෙම තත්ත්වය නිසා රාජ්‍යය ත්‍රස්තවාදයක් මතුව ඇති බවත් මෙම ප්‍රධාන හෙද නිලධාරිණයගේ කෲර පාලනය හා මිලේච්ඡත්වය නිසා වසර ගණනාවක් සියලු දෙනාදැඩි පීඩාවට පත්ව ඇති බවයි.

මෙම තත්ත්වය රෝහල් අධ්‍යක්ෂවරයාට හා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණිලි කර ඇති බවද ඔහු සඳහන් කළේය.

පේරාදෙණිය ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සේනක නවනැළිය මහතාගෙන් විමසීමේදී ඔහු ප්‍රකාශ කළේ මෙම ගැටලුව සම්බන්ධයෙන් රෝහල වෙත ලැබී ඇති පැමිණිලි අනුව එය සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත දන්වා ඇති බවයි.

ඒ අනුව නුදුරේම සෞඛ්‍ය අමාත්‍යංශය මගින් මෙහි පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවද නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා මෙහිදී සඳහන් කළේය.



අදහස් (6)

පේරාදෙණි රෝහලේ හෙද හෙදියෝ පාරට බසිති

ගමේ එකාලා Wednesday, 21 May 2025 02:58 PM

ඔය කියන හෙද නිලධාරිනිය පන්නන්න කොන්ද පණ ඇති අය හිටියේම නැද්ද? ඒකටත් එක්ක අපේ අරගල කාරයෝ කියලා වැඩක් නැහැ.

:       3       6

Kamal Koyrala Wednesday, 21 May 2025 03:15 PM

කොන්ද පණ ඇති අධ්‍යක්ෂකවරුන් පත්කළ යුතුයි. පරිපාලනය නොදන්නේ නම් පරිපාලන සේවයේ අය පත්කරන්න.

:       5       7

ප්‍රභාත් Wednesday, 21 May 2025 03:33 PM

මේ කට්ටිය ඒ කෙනාට කුරුරියි කිව්වට, කව්ද දන්නේ, එයා මෙයාලට 'අයිස්' ගහන්න දෙන්නේ නැතිව හොඳින් පරිපාලනය කර ගෙන ගිය නිසා , මෙයාල විරුද්ද වෙනවා ද කියල.. ? අපක්ෂපාතී පරීක්ෂණයක් අත්‍යවාශ්‍යයයි

:       3       19

Wanidu Thursday, 22 May 2025 12:18 AM

ඉස්සර නම් යාළුවො මල්ලි .දැන් තමයි මෙහෙම

:       0       0

හිරාන් Thursday, 22 May 2025 12:20 AM

විශේෂ ශ්‍රේණියේ මිසක් විශේෂ"ඥ" නොවේ

:       0       0

Bunny Preena Thursday, 22 May 2025 09:20 AM

මෙම හෙද නිලධාරිනිය විනයක් ඇතිව නීතියට වැඩ කරන අවංකව වැඩ කරන කෙනෙක්ද දන්නේ නැහැ. එහෙම අයටත් සමහර හොර වැඩ කරන අය කැමති නැහැ. ඒහෙමත් නැත්නම් එයා දැඩි මානසික පීඩාවකින් පෙලෙන තෘප්තිමත් ජීවිතයක් ගත නොකරන කෙනෙක් වෙනත් පුළුවන්. පරිපාලනයට සුදුසු නොවන පරිපාලනය මොකද්ද කියලා දන්නේ නැති පක්ෂාග්‍රාහීව වැඩ කරන පුද්ගලයින් පරිපාලනය කරන්ට ගියාමත් මෙවැනි දේවල් සිදු වෙනවා. මෙවැනි අභ්‍යන්තර ප්‍රශ්න මහපාරට එන එකත් කාටත් හොඳ නැහැ. අන්තිමට පාඩුව සිදු වෙනවා අහිංසක රෝගීන්ටයි. මෙවැනි දෙවල් සිදු නොවෙන්න වග බලා ගැනීමට කවුරු කවුරුත් අවධානය යොමු කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 44 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 651 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 347 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site