
(සුජිත් හේවාජුලිගේ)
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පරාජයට පත් වූ තවත් මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පමණ පිටව යෑමට නියමිතය.
ඒ අයට මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනටමත් දැනුම් දී ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 110 දෙනෙක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයන්හි රැඳී සිටියහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දින තෙක් රැඳී සිටීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් අවසර දී තිබිණ.
මේ අතර පාර්ලිමේන්තුවට අලුතෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට ඇති හෙයින් ඒවා පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළ බව පාර්ලිමේන්තු ප්‍රධානියෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
87
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
Asela Monday, 18 November 2024 10:53 PM
රන්ජන් රාමනායකවත් ඉවත්කරන්න...
Yass Tuesday, 19 November 2024 06:01 AM
ඕවා දෙනකොට බොන්ඩ් එකක් ගන්න .අවුරුදු 5 ඉවරවෙලා යනකොට ගෙදර යතා තත්වයේ තිබිය යුතුනිසා