
(සුජිත් හේවාජුලිගේ)
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පරාජයට පත් වූ තවත් මන්ත්‍රීවරුන් 80 දෙනෙකු පමණ පිටව යෑමට නියමිතය.
ඒ අයට මන්ත්‍රී නිල නිවාසවලින් ඉවත්වන ලෙස පාර්ලිමේන්තු ප්‍රධානීන් දැනටමත් දැනුම් දී ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 110 දෙනෙක් මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයන්හි රැඳී සිටියහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වෙන දින තෙක් රැඳී සිටීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් අවසර දී තිබිණ.
මේ අතර පාර්ලිමේන්තුවට අලුතෙන් තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට ඇති හෙයින් ඒවා පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ කළ බව පාර්ලිමේන්තු ප්‍රධානියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජන් රාමනායකවත් ඉවත්කරන්න...
ඕවා දෙනකොට බොන්ඩ් එකක් ගන්න .අවුරුදු 5 ඉවරවෙලා යනකොට ගෙදර යතා තත්වයේ තිබිය යුතුනිසා