(ෂේන් සෙනෙවිරත්න)
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති මහාචාර්ය අතුල සේනාරත්න මහතාට සහ ඔහු ගේ පුත්‍රයට පහර දීමේ සිද්ධියට විරෝධය දක්වමින් ලබන 18 වැනි දින දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ආචාර්යවරුන් දේශන කටයුතුවලින් ඉවත්වීමට පියවර ගෙන තිබේ.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උපකුලපති සහ මාධ්‍ය ප්‍රකාශක මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා පවසා සිටියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කළා පීඨයේ සිසුන් වැඩි පිරිසක් මෙම ප්‍රහාරයට සම්බන්ධ වීම හේතුවෙන් ඊට විරෝධය දක්වමින් මෙම පීඨයේ ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිතිය මෙම පියවර ගෙන ඇති බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මස් වැද්දන්ට අධ්‍යාපනයක් ලබා දෙන්න දරන ශ්‍රමයත් අපතේ.
නොමිලේ උගන්වනකොට එකේ අගයක් නැහැ. ගෙවලා ඉගෙනගන්න වුනානම් යස අගේට ඉගෙනීම් කටයුතු කරාවි මදාවිකම් පැත්තක තියලා.
උන් යන්නෙ කුමාර් ගුනරත්නම් සහ අනුර කුමාර ගෙ දේශන වලට ඵ් ඇති උන්ට. අහින්සක ඡනතාවගෙ බදු මුදල් විනාශ කරන්නෙ.
විශ්ව විද්‍යාල වල පිරිහීම පටන් ගත්තේ 1970න් පස්සේ.
එල කිරි. අඩන්න හිටිය එකාගේ ඇහැට ඇන්නා නේද? දැන් මේ සිද්ධියට සැකකරන සිසුන් පොලිසියෙන් අත් අඩංගුවට ගත්තානේ. එතන කිසිම ඇමති කෙනෙකුගේ ලමයකුත් නැතිනම් පොලිසිය වැඩේ කරාවි. දැන් මේ වැඩ වර්ජනේනෙන් දඩුවම් කරන්නේ මේ තඩි බෑමට සම්බන්ද නොවුණු ළමයිට නේද? ඒකියන්න සම්බන්ද නොවුනාට දඬුවමක්ද මේක? මුන් ඉන්නේ කොයි වේලාවේද වැඩ නොකර කර අරින්නේ කියලා බලා ගෙනයි.
සරසවි සිසුන් විසින් මීට පෙර අවස්ථා වලත් සරසවි ඇදුරන්ට යම් අඩන්තේට්ටම් කරලා තිබුණා. ඒ වගේ අවස්ථා වලත් ඔය විදියට ආචාර්යවරු එකතු වෙලා ක්‍රියාමාර්ග ගත්තා නම් මේ අයට ඕනෑ විදියට නටන්න වෙන එකක් නෑ...!