(අංජුල මහික වීරරත්න)
බාධාවකින් තොරව ගෑස් සැපයීම සඳහා රජයේ ප්‍රසම්පාදන විධිවිධාන අනුව වත්මන් සැපයුම්කරු වෙතින්ම ගෑස් මිලදී ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ලිට්රෝ ගෑස් ලංකා සමාගම වෙත එල්පී ගෑස් මෙට්‍රික් ටොන් 280000 ක් සපයා ගැනීම සඳහා වන කාලීන කොන්ත්‍රාත්තුව 2023-12-31 දිනෙන් අවසන් වීමට නියමිත අතර 2024 සහ 2025 කාල සීමාව සඳහා එල්පී ගෑස් සැපයීම සඳහා මේ වන විට ලංසු කැඳවා තිබේ.
එහෙත් ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය මේ වන වන විට ආරම්භ කර ඇති බැවින් නව ගිවිසුම්වලට එළඹීම එකී ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අහිතකර ලෙස බලපෑමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇති බව රජය පවසයි.
එබැවින් 2023-12-31 දිනෙන් පසු ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිමවන තෙක් බාධාවකින් තොරව එල්.පී ගෑස් සපයා ගැනීම පිණිස රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්හි විධිවිධාන පරිදි නැවත ඇනවුමක් වශයෙන් දැනට ක්‍රියාත්මකව පවතින කාලීන කොන්ත්‍රාත්තුවේ මුළු සැපයුමෙන් සියයට පනහක් වර්තමාන සැපයුම්කරු වෙතින් මිලදී ගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
2025 දෙසැම්බර් මස 18
358
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
214
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුරුදු තැනින් ම ගෑස් ගන්න අනුමැතිය