
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
ශ්‍රී ලංකා මහ බැංකුවේ යහපත් ප්‍රතිපත්තිමය තීරණයන්ට පක්ෂ භේදයකින් තොරව සහය ලබා දෙන්නැයි දේශපාලන අධිකාරියෙන් ඉල්ලීමක් කරන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී අද පැවසීය.
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව විමසීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ ඇතුළු එහි ප්‍රධානීන්ද මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට කැඳවනු ලැබ සිටියහ.
මහ බැංකු අධිපතිවරයා ඉහත ඉල්ලීම කළේ එම රැස්වීමේදීය.
සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අද පෙරවරුවේ රැස්විය.
මේ අතර අර්බුදය විසඳමින් මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට ගතයුතු ප්‍රතිපත්තිමය තීරණ සහා අදාළ ඉදිරි ගමන් මග පිළිබද පූර්ණ වාර්තාවක් වහාම ලබාදෙන ලෙස කාරක සභාව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට දැනුම් දුන්නේය
රුපියල් ට්‍රිලියනයක් දක්වා ණය සීමාව වැඩි කිරීම සඳහා වන යෝජනාවටද කාරක සභාවේ අනුමතිය මෙහිදී ලැබිණ.
වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ පවතින සැබෑ යථාර්ථය නොසගවා ජනතාවට පවසා දීර්ඝකාලීන ආර්ථික ස්ථාවරය සදහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ සදහා පටු දේශපාලන වාසි නොතකා පක්ෂ භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසද මහ බැංකු අධිපතිවරයා ඉල්ලීමක් කළේය.
මීට පෙර ඉන්ධන මිල සූත්‍රයක් හදුන්වා දුන් අවස්ථාවේදී ඊට එල්ලවූ විරෝධය හමුවේ එය ක්‍රියාවේ යෙදවීමට නොහැකි වුවත් අද එය නැවත හඳුන්වා දීමට සිදුවී ඇති බවද වීරසිංහ මහතා පෙන්වා දුන්නේය.
වත්මන් ආර්ථික තත්වය පිළිබද පැහැදිලි කරමින් මහබැංකු අධිපතිවරයා පැවසුවේ ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක ව්‍යාපෘති සදහා වෙන් කළ ඇ.ඩො මිලියන 600 ක මුදලක් ඉදිරි කාලය සදහා ඉන්ධන, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සදහා යෙදවීමට එකගවී ඇති බවයි.
එසේම කෙසේ හෝ ඩොලර් සපයා දුන්නද විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, ලිට්‍රෝ ගෑස් වැනි ආයතන ලබන අධික පාඩුව හේතුවෙන් ඩොලර් මිලදී ගැනීමට ඔවුන් සතුව රුපියල් නොමැතිවීමද බලවත් ගැටලුවක් බව ඔහු පෙන්වා දුන්නේය.
තවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා මේවනවිට පැවැත්වෙන බවත් පළමුවටයේ තාක්ෂණික අංශයේ සාකච්ඡාවල අවසන් දිනය ඊයේ බවත් ඔහු පැවසීය.
එම සාකච්ඡා සාර්ථක කර ණය ප්‍රතිව්‍යුහත කිරීම සහ අදාළ අයි.එම්.එෆ් ගිවිසුම් ගතවීම දක්වා ගතවන ඉදිරි මාස 3-4 ක කාලය අභියෝගාත්මක බව පැවසූ හෙතෙම ඒ සදහා හැකි උපරිමයෙන් කටයුතු කරන බවත් පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සම්පූර්ණ ඇත්ත සර්. අපේ රටේ තුප්පහි කාලකන්නි සෙට් එකක් ඉන්නවා රටට හොඳටෝම කෙලවෙනකම්. උන්ඩියල් කරන්න කිව්වෙත් ඒ අය. ඔවුන්ට බලේ ගන්න බැහැ... රට දෙයියනේ කියලා චුට්ටක් ඔලුව ඉස්සුවොත්... තාම ඔබතුමාට ගහන්න පටන් ගත්තේ නැහැ සර්...!
ඔබ රෙගුලාසි මගින් ඩොලරයේ අගය කෘතිමව කෙටි කාලයක් පහළ අගයක තියාගන්න පුළුවන් වේවි. නමුත් සංචිතවල වැඩිවීමක් වෙන්නේ නෑ. ඉන්ධන වගේ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල කිසිම පාලනයක් නැතුව ඉහළ දානවා. තවත් රුපියල් අච්චු ගහන්න සැරසෙනවා. මෙහිදී බුද්ධිමත් විදේශගත ශ්‍රමිකයන් ඩොලර් එවන එක සිදු කරන්නේ නෑ. මොකද ඩොලරයට නියමිත රුපියල් වටිනාකමක් ලැබෙන්නේ නෑ. අද සත්‍ය උද්ධමන අනුපාතිකය සීයට එකසිය තිස් දෙකක් විතරවෙනවා. ඩොලර් ඉල්ලුම හා සැපයුම මත තීරණය වන්නේ ඉඩහැරිය යුතුයි. නැතිනම් ආයිත් රුපියල් විශාල අගයකින් එකවර කඩන් වැටේවි. එම අවස්ථාවේදී දැන් ඉන්න මහ බැංකු අධිපතිතුමා ඕස්ට්‍රේලියාවට යයි.
නන්දසේන, ඇයි ඔබට රුසියාවෙන් අඩු අනුපාතයකට තෙල් ගෙන්නන්න ශක්තියක් නැත්තේ?
ඔබතුමා ඕවා වගේ කතා කියන්නේ දේශපාලකයින්ගේ හැටි හරියට දන්නේ නැතිව වෙන්න ඇති. ඔය ප්‍රතිපත්ති කියන එකේ ලොකු ගැටළු තියෙනවා. ඔබතුමා දේශපාලනයෙන් බැහැර විය යුතුයි.
කරුණාකරලා මේ මනුස්සයාට සහාය දෙන්න. මොහු වැඩ්ඩෙක් සහ අපගේ අවසාන තුරුම්පුව...
සත්‍ය වශයෙන්ම, වර්තමාන මහ බැංකු අධිපතිතුමා මේ ගන්නා උත්සාහයේ නිසි ප්‍රතිඵල ලබා ගැනීමට හැකිවෙන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය එතුමාගේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක කිරීමට සහාය ලැබුණොත් තමයි. ඒ නිසා මේ දුක්බර අවස්ථාවේදී, සියලුම දේශපාලනඥයින් තම දේශපාලන පක්ෂවල පැවැත්ම හෝ රජය වෙනුවෙන් කටයුතු නොකොට රට ගැන, රටේ ජනතාව ගැන සිතා කටයුතු කිරීම වැදගත් වේ...
ඔබතුමා නිර්දේශ කරන තීරණ ක්‍රියාත්මක කර්න ආණ්ඩුවට සහ ජනාධිපතිට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් තිබෙනවා. ඔබතුමා සහ බොහෝ දෙනෙකු පසුගිය මස කිහිපය තුළ මතුරන මන්තරය වන පාර්ලිමේන්තුවේ සියලු දෙනාම සියලු දෙනාම එකතු වෙන්න ඕනෙ කියන එකේ තේරුම රටේ මිනිස්සු බොහෝ දෙනෙකුට නොතේරේ. පාර්ලිමේන්තුවේ සියලු දෙනාම එකතුවෙලා නැවත හොරකම් කළොත්, ඒවා ගැන කතාකරන විපක්ෂයක් නොමැති වෙනවනේ...!
වීරසිංහ මහත්මයා, මේ රටේ මහජන මුදල් හොරකම් කළා අද ඉන්න පාලකයින් දෙන්නම... අනේ කරුණාකරලා ඒ මුදල් ආපහු ගන්න එකටත් උදව් කරන්න. අපිට ඩොලර් බිලියන 30ක් දැන් දීලා බලන් ඉන්න පුළුවන්කමක් නැහැ. අඩුම ගානේ බෙහෙත් සහ වෛද්‍ය උපකරණ ටිකවත් ගෙන්වා ගන්න ඕනෑ. මේ රටේ කිසිම ප්‍රතිපත්තියක් නැහැ කියලා ඔබට දැන්වත් ඇහිලා ඇති... ඒක තමයි මේ රට වැටෙන්න පළමු හේතුව...