(නිමල කොඩිතුවක්කු)
ප්‍රතිත්‍රස්ත පනත ගැන පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී සාකච්ඡා කර තීරණයක් ගත යුතු බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා පැවැසීය.
යෝජිත ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් ආණ්ඩුව පාර්ශවයෙන් විවිධ මත පළවෙන බැවින් මේ පිළිබඳ එක ස්ථාවරයක් ගත යුතු යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එමෙන්ම කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරයද ඉදිරියේදි ප්‍රකාශ කරන බවද ඔහු එහිදී පැවැසීය.
ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය මේ වනවිට විශ්වාස භංග යෝජනා කිහිපයක්ම ඉදිරිපත් කර ඇති බවත් සඳහන් කළ මන්ත්‍රීවරයා ඒ සියල්ලක්ම ආණ්ඩුව ඉතා පහසුවෙන් පරාජයට පත් කළ බවද කීවේය.
එමෙන්ම තමන්ට එරෙහිව විවිධ චෝදනා නගන ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට එරෙහිවත් ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් කිසිම ප්‍රතිත්‍රස්ත පනතක් හෝ ත්රස්තවාදීන් වෙනුවෙන් හෝ ඔවුන් විනාශ කිරීම සඳහා නව පනතක් රටට කිසිසේත් අවශ්‍ය නැත. තිබෙන පනතින් වසර 30ක යුද්ධය හා ත්‍රස්තවාදය විනාශ කළ හැකි වූවානම් වෙනකිසිම දේශයක් අවශ්‍ය නැත. මේවා ඩොලර්වලට හා ඡන්ද එල්බ ගැනීම් සඳහා යොදාගන්න සිංහලයා වැනසීම සඳහා කරන ක්රියාවන්ය.
ත්‍රස්තවාදය ගැන අපි බලාගන්නම්. ඔහේ කලබල නැතුව ඉන්නකෝ. මේක අපේ රට...
අනේ බබා, කිසිම දෙයක් දන්නේ නැහැ.
ත්රස්තවාදීන් නැවතත් පටන් අරන් තියෙන්නේ... මාසයක නිශ්ශබ්දතාවයකින් පසුව...
මෙම ප්‍රතිත්‍රස්ත පනත ගේන්නේ ජිනීවා සහ දෙමල ඩයස්පෝරාවේ වුවමනාවකට මිස රටේ ජනතාවගේ ඉල්ලීමට නොවේ. දැන්වත් රටේ ජනතාවගේ අදහස්වලට ඇහුම්කම් දෙන්න.
ත්‍රස්තවාදියෝ මැඩලන්නට පනතක් තියෙද්දී ඔය අලුත් එකක් ගේන්නේ ඒකෙන් ආණ්ඩුවට එරෙහි විරෝධතා මැඩලන්ට පුලුවන් නිසාය කියලා කවුද මහත්තයෙක් ලියලා තිබුණාලු. අනේ මන්දා ආයුබොවන්ඩ අපිට ඕවා තේරුම් ගන්ට අමාරුයි.
එ්ක අපේ අය කරගනීවි.. ඔයා පාඩුවේ ඉන්න.
ප්‍රතිත්‍රස්ත පනත ගැන සජිත් ප්‍රේමදාස මහතා කිව්වනේ .
2015 ජනවාරි 08 ආරම්භ වුනේ ශුද්ධ වන්තයින්ගේ පාලන සමයක් බව ජනතාව දනී.
ඒ ගමන්ම අගෙ ඉදන් කන කන අය ගැන බලාගන්නත් පනතක් හැදුවනම් හරි.
පාර්ලිමේන්තුවේ කොහොම හරි ගැට ගහගත්තට මැතිවරණයේදී ජනතාව හරියට පිළිතුරු දේවි!
රටේ සුළු ජාතියක් හැටියට ඉඳගෙනත් මොවුන් තුළ ඇති දේශපාලන බලය කොතරම්ද? වහාම මේ තත්වය පාලනය නොකළහොත් අනාගතයේ සිංහලයාගේ ඉරණම අතිශය ශෝකජනකයි...