(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ණය ගෙවීම ප්‍රමාද වන සහ පැහැර හරින පුද්ගලයන්ගේ දේපළ වෙන්දේසි කිරීමට බැංකු ඇතුළු මූල්‍ය ආයතන වලට බලය ලැබෙනපරාටේ නීතිය තාවකාලිකව අත්හිටුවන ‘බැංකු මඟින් ප්‍රදානය කරන ලද ණය අයකර ගැනීමේ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී හෙට(7) විවාදයට ගෙන සම්මත කිරීමට නියමිතය.
පරාටේ නීතිය ලබන දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා මෙම පනත් කෙටුම් පතෙන් ප්‍රතිපාදන සැලසේ.
පාර්ලිමේන්තුව හෙට ( 7) අඟහරුවාදා සිට 10 වැනිදා සිකුරාදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.
පාර්ලිමේන්තුව අද පෙරවරු 9.30 ට රැස්වීමට නියමිතය මෙයට අමතරව බෙදුම් නඩු (සංශෝධන) පනත් කෙටුම්පතද අද දින විවාදයට ගැනේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd