
(සුමිත් පොතුපිටිය )
පාද සම්බාහනය කරන මධ්‍යස්ථානයක් මුවාවෙන් කළුතර උතුර ගාලුපාරේ පවත්වාගෙන ගිය ගණිකා සේවා සපයන මධ්‍යස්ථානයක් වටලා කාන්තාවන් තිදෙනකු සහ එහි කළමනාකරු අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
අත්අඩංගුවට පත් කාන්තාවන් බුත්තල , බුලත්සිංහල සහ අකුරැස්ස ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් බවත්, කළමනාකරු මොරටුව ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු බවත් පොලිසිය කීය.
කළුතර මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවක් මත උපාය දූතයෙකු යොදා කල වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකාරියන් රුපියල් 4000 ක මුදලකට සේවා සපයා ඇති බවත් ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් තරුණ මෙන්ම මහළු පුද්ගලයන්ද සේවා ලබාගැනීමට පැමිණ ඇති බවද පොලිසිය සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාර්ලිමේන්තු මහාචාර්ය කට්ටලය මෙම සේවාව සම්බන්ධයෙන් කලක සිට ප්‍රවර්ධන කටයුතු කරනවා. ඒ අයගෙන් උපදෙස් ගැනීම කාලෝචිතයි.
කුඩු මුදලාලිලාගේ සපත්තු ලෙවකන අය දරුවන්ට කන්න දෙන්න තමන්ගේ ඇඟ විකුණන ගෑණු අයව හිරේ වීරයෝ වෙන්න හදනවා.
කෝ මේ ඩයනා අක්කා...
පව්. ලෝකයේ තියන පැරණිම රස්සාව. ලොකු දඩුවම් දෙන්න එපා ඒ ලමයින්ට.
බහුතරයක් ඔය රස්සාව කරන්නේ දික්කසාද වුණ අම්මලා දරුවන්ට උගන්නන්න. අනෙක් අපරාද වෙද්දි නිදා ඉන්න පොලිසිය මේ මිනිස්සු අල්ලල ඒ ළමයින්ගෙ අනාගතයත් විනාස කරනවා.