(තුසිත කුමාර ද සිල්වා)
අලුත්ගම, මොරගල්ල ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණියක පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගිය තරුණයක් තිදෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලීසිය කියයි.
මෙම තරුණිය පැහැර ගැනීමට යොදාගත් නිල් පැහැති හොන්ඩා සෙට්ල් වර්ගයේ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අලුත්ගම සහ මොරගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 25 28 සහ 21 වයස්වල පුද්ගලයන් බව පොලීසිය කීය.
ප්‍රේම සම්බන්ධතාවයක් බිඳවැටී ඇතිවූ සිත්තැවුලක් මත ඊයේ (12) රාත්‍රී පැහැරගැනීම කර ඇතැයි පොලීසිය පවසයි.
තරුණිය කාලවේල යක්වත්ත ප්‍රදේශයේ නිවසකට රැගෙන යමින් සිටියදී පොලිසිය ඔවුන් පසුපස හඹාගොස් සොයාගෙන ප්‍රතිකාර සඳහා අලුත්ගම රෝහලට ඇතුළු කර අනතුරුව එම තරුණිය රාත්‍රියේම මව්පියන්ට භාරදී ඇති බව ඇතැයි අලුත්ගම පැවසීය.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
186
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පැරණි පෙම පැටලී තරුණියක් උස්සලා