(කේ. බුද්ධික කුමාරසිරි)

දිවයිනට බලපා ඇති දැඩි වියලි කාලගුණ තත්වය මත කොළඹ තදාසන්න නගර රැසකට නල ජලය සපයන කලටුවාව ජලාශයේ ජල මට්ටම විශාල ලෙස පහත බැසීමත් සමග එම ජලාශයට යටවී ගම්මානයේ නටඹුන් මතුවී ඇත. 

පැරණි කලටුවාව ගම්මානයේ තිබූ ස්ථාන රැසක නටඹුන් දැක ගැනීමට ද අවස්ථාව උදා වී ඇත

කලටුවාව ගම්මානය හරහා ගලා ගිය කලටුවාව ඔය හරස් කර මෙම ජලාශය වර්ෂ 1948 දී පමණ  ඉදි කර ඇත

එ දවස එරත්න හරහා කලටුවාව ගම්මානයට පිවිසීමට තිබූ මාර්ගය, ගමේ විහාරස්ථානය , බේකරිය , නිවාසවල ශේෂ වූ කොටස් සහ ජලාශය නිර්මාණය කිරීමේදී වෙඩි බෙහෙත් ගබඩා කිරීමට ඉදිකර තිබූ කුඩා ගබඩා කොටස්වල නටඹුන් ජලයෙන් ඉහලට මතු වී දැක ගැනීමට හැකි ආකාරය ඡායාරූප වලින් දැක් වේ