(ඉන්දිකා රාමනායක)
කොල්ලූපිටියේ දී හා පුරහල දී විරෝධතාවේ නිරත වු පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 42 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.
පෙරටුගාමී පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම්, ප‍්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව යන මහත්වරුන් ද එම පිරිස අතර සිටි බව පොලිසිය පවසයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
පෙරටුගාමී පක්ෂයේ 42ක් අත්අඩංගුවට
තුශාර Tuesday, 09 June 2020 02:10 PM
අවශ්‍ය දේකට විරෝධතා කළානම් කමක් නෑ. ලංකාවට කිසිම අදාලත්වයක් නැති දේකටයි මේ කලබල ඇති කලේ. හොඳ වැඩේ...
සෑම් Tuesday, 09 June 2020 02:54 PM
අවශ්‍ය දේකට තමයි ඒ ගොල්ලො ඒ වැඩේ කළේ. ඇමෙරිකාවෙයි ලෝකේ රටවල් බොහෝ ගණනකයි මිලියන් ගණන් මිනිස්සු සති දෙකක් තිස්සේ පෙළපාලි ගියේ කෘෘර පොලිස් මර්ධනයට විරුද්ධව. ලංකාවෙත් ඕව ඕනතරම් වෙනවා. මොකුත් ඕන නැහැ අද කොල්ලුපිටියේ පොලිස් පහරදීම බලනවා. ඇමරිකාවේ රිපබ්ලිකන් ප්‍රාන්තයක්වත් පෙළපාලිවලට විරුද්ධව මෙහෙම උසාවි නියෝග ගත්තේ නැහැ. අපේ ටින් ටින් විරුවා ට්‍රම්ප්ට වඩා ඇමරිකන්. අද ලංකාව ඇමරිකාවට වඩා සීග්‍රයෙන් ඇමරිකන් වේගෙනයනවා.. අසාධාරණය අතින්. ළඟදීම අපිටත් කියන්න වෙයි 'we can 't breath " කියලා.
PrabhaTuesday, 09 June 2020 03:49 PM
ලංකාවේ තත්වය එච්චර දරුණු නම් ලංකාවේ මර්ධනයට විරුද්ධව උද්ඝෝෂණය කරන්න තිබුණනේ.
MD Tuesday, 09 June 2020 04:56 PM
ඔයාගේ මොලේ පසුගිය දවස්වල ගෙදරම හිටිය නිසා වෙන පැත්තකට මාරු වුණාද කියලා සැකයි. මොනවද දොඩවන්නේ?
chandimaTuesday, 09 June 2020 06:31 PM
මේ අනුන්ගේ මගුල්වලට පෙළපාලි යන්නේ... යන්නකෝ අර රනිල් මහබැංකුව හොරාකාපු එකට පෙළපාලි... ඇට්ටි හැලෙන්න දෙන්නයි තියෙන්නේ.
MaheshTuesday, 09 June 2020 04:55 PM
කලබලය ඇති කලේ පොලීසියේන් කියලා නම් පෙනුනා දර්ශනවලට අනුව... පාඩුවේ උද්ඝෝෂණ කරන්න දුන්නා නම් කිසි ප්‍රශ්නයක් නෑනේ. මොකද මෙයාලා මහලොකු දේශපාලන පක්ෂයක් නෙමේ. ලොකු ඡන්ද පදනමක් නෑ. ලොකු අවදානයක් ලැබෙන්නේත් නෑ. නමුත් පොලීසියේ අය අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කරා කියන එක බැලූබැල්මට පේනවා.
BamunuarachchiWednesday, 10 June 2020 03:37 AM
ඉදිරි උද්ගෝෂණ කරුවන්ට දැන්වීමක්. ජෙප්පොන්ගේ ඉල ඇට කඩන වෙලාවට අපිත් එකතුවෙනවා.
යාපාWednesday, 10 June 2020 06:19 AM
අනිවාර්යයෙන්ම... මිනිසුන් පීඩාවට පත්කරමින් ඕනෑ එකටයි, එපා එකටයි ඔක්කෝටම උද්ඝෝෂණ කරන එක මේ රටේ 90%ක්ට එපාවෙලා තියෙන්නේ. ඒ නිසා අපිත් අනිවාර්යයෙන්ම එනවා ගහලා එලවන්න..
ranaWednesday, 10 June 2020 04:29 AM
ලිං මැඩියෙක්, කවද හෝ පිට රටකට ගොස් සුදු ජාතීන්ගෙන් අම්බානක කාපු දවසට තේරේවි වර්ණ වාදයේ බිහිසුණු පැත්ත. එදාට " අනේ මට හුස්ම ගන්න බැහැ" මතක් වේවි .
තුශාරWednesday, 10 June 2020 09:29 AM
දැන් රනා මොන රටේ සුද්දන්ගෙන්ද ගුටි කෑවේ? එකාට තමයි හැම රටකම නීති පද්ධතියක් තියෙන්නෙ. අපිටනම් යන්න උවමනාවක් නෑ. මගේ රටේ මට ඕනැ විදියට හුස්ම ගන්න මට පුලුවන්.
ධම්ම Tuesday, 09 June 2020 02:46 PM
අප 1971ට පෙර හිටපු තැන දැන් මෙයාලා ඉන්නේ. පව්!
casmir Tuesday, 09 June 2020 02:55 PM
යන්තම් දවස් 80 කට පස්සේ මිනිස්සු පාරට බැස්සා .. මේ කාලකන්නි උද්ඝෝෂණය කරනවා. මේ අය තමයි කැම්පස් ටිකත් කන්නේ. හිරකළ යුතුමයි.
BamunuarachchiWednesday, 10 June 2020 03:35 AM
ඉදිරියේ එන උද්ගෝෂණ කරුවන්ට දැන්වීමක් මේ කලේ. ජෙප්පොන්ට ගහන වෙලාවට මමත් එකතුවෙනවා.
AthulaWednesday, 10 June 2020 09:37 AM
බමුණු කියන්නේ ගෝඨාභය හා පෙරමුනේ අනුගාමිකයෙක් ඒවගේම පොදුපෙරමුණ කරන ඕනෑම දෙයක් සාධාරණය කරන්න සැදී පැහැදී ඉන්න උන්ට සිවිල් අයිතීන් වල වටිනාකම් දැනෙන්නෙ නැහැ. ලෝකයේ බොහෝ රටවල්වල ජනතාව එම අපරාධයට විරෝධය පෑවා. එ්වගේ මනුස්සකමක් තියෙන මිනිස්සු ව්‍යවසනයකදී පාරට බහිනවා.. ළිංමැඩියන් තක්කඩි අාණ්ඩු කරතියාගෙන ඕනම ජඩකමක් අනුමත කරනවා... ඔවුන්ට දැනෙන්නේ ඒ අයගේම පවුලේ කෙනෙකුට විපතක් වුනොත් විතරයි...
දිමුත්Wednesday, 10 June 2020 04:24 AM
ඒ කතාවත් හරි.
de silva Tuesday, 09 June 2020 03:03 PM
අර අරාබිකරයේ අතරමන් වෙලා ඉන්න ශ්‍රී ලංකා පුරවැසියන් සම්බන්ධව වචනයක්වත් කියන්නේ නැති මේ කණ්ඩායම, ඇමරිකාවේ ඉන්න කළු ජාතිකයන් ගැන මෙපමණ උනන්දු වෙන්නේ... මෙහි නායකයෙකු වන කුමාර් ගුණරත්නම් කියන පුද්ගලයා ඕස්ට්‍රේලියන් පුරවැසියකු නිසාද?
දිමුත්Wednesday, 10 June 2020 04:23 AM
එතකොට දැන් මේ රට පාලනය කරන්නේ ඇමෙරිකන් ජනාධිපතිද? එම්බසිය මෙච්චර ආරක්ෂා කරන්නේ?
Champa Tuesday, 09 June 2020 03:32 PM
ලෝක විහිළුවක්. ඇමරිකාවේ සුදු ජාතික වර්ගවාදයට එරෙහිව පාරට බැහැලා උද්ඝෝෂණ කරන්න සුදු ජාතික ඇමරිකන් ආණ්ඩුවත් ඉඩ දුන්නා. ඒ මොකද කිව්වා නම්; එකක්, ඒ විරෝධතාවය සාධාරණ නිසා. අනික සුදු ජාතිකයන්ද ඇතුළුව කිසි භේදයක් නැතුව, විශේෂයෙන් තරුණ පරම්පරාව සුදු ජාතික වර්ගවාදයට එරෙහිව නැගී ඉන්න නිසා. හැබැයි දුඹුරු හමක් තියෙන ලංකාණ්ඩුව තමන්ගේම හමේ පාටට එරෙහිව ලෝකේ පුරා සිද්ධ වෙන අසාධාරනකම් වලට එරෙහි විරෝධතාවලට ඉඩ දෙන්නේ නැහැ. අපිට තියෙන්නේ අපේ අභීත කළු සිංහලයන් සුදු ජාතික අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කරපු උදාර ඉතිහාසයක්. ලෝකේ කාටවත් ඉස්සෙල්ල, 16 වෙනි ශත වර්ෂයේ මුලයි අපේ සිංහල රජවරු, අපේ මුතුන් මිත්තෝ පෘතුගීසි අධිරාජ්‍යවාදයට එරෙහිව සටන් කලේ... ඊට පස්සේ ලන්දේසි අධිරාජ්‍යවාදයට... ඊටත් පස්සේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදයට එරෙහිව. අද කොහොමද? අද රට පාලනය කරන්නේ ඇමරිකන් අධිරාජ්‍යවාදීන්ගේ ගැත්තෙක්. ඒ හින්දා තමන්ගේ හාම්පුතාට එරෙහිව කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ.
යාපාWednesday, 10 June 2020 06:36 AM
ඇමරිකාවට ඕන ඕන විදියට නටපු අවුරුදු 5ක් රට පාලනය කරපු හරක්ට කඩේ යන ඔබගේ මානසිකත්වය ගැනනම් කතා කරන්නත් ඔන නෑ ඉතින්. දුක තමයි චම්පා. අට පාස් ලොක්කට o/l ලියවන්න ඉස්සෙල්ලම..
ChampaWednesday, 10 June 2020 01:37 PM
වහල් ආණ්ඩුව තියෙන කාලේ මම කවදාවත් මෙතනට ලියලා නැහැ. ඉස්සෙල්ලා ඔබ හිටගෙන ඉන්න වල්ගෙන් අයින් වෙලා.. ඔබේ මානසිකත්වය හදාගන්න. ඔබ තාම හිතාඉන්නේ වහල් ආණ්ඩුව බලයේ ඉන්නවා කියලද? ඇමරිකන් බූට් ලෙවකාපු රනිල් සහ සිරිසේන ආණ්ඩුව එලවන්න තෝරාගත්තේ ඇමරිකාවේ බූට් හෝදපු වතුරත් බොන ඇමරිකන් ගැත්තෙක් බව මම වේලාසනම කිව්වා. ඒ හින්දා මේ වගේ වැඩ පුදුම නෙමෙයි...
Champa Tuesday, 09 June 2020 03:36 PM
පහුගිය යහපාලන වහල් ආණ්ඩුව මොන පාවාදීම් කළත් කතා කරන්න සහ අදහස් ප්‍රකාශ කරන්න දීපු අසීමිත නිදහසින් උපරිම ප්‍රයෝජන අරන් බලයට ආපු ජනාධිපතිවරයා, අද රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරාගෙන. ඔන්න වෙච්ච වෙනස...
චමින්දWednesday, 10 June 2020 12:51 AM
චම්පා ඔබගේ අදහසට කොතෙක් ඩිස්ලයික් දැම්මත් ඔබේ අදහස ඉතාම නිවැරදියි
ChampaWednesday, 10 June 2020 01:41 PM
චමින්ද - මම ඒවා ගණන් ගන්නේ නැහැ. වහල් ආණ්ඩුව ගෙදර යවලා මේ ජනාධිපතිවම ඕනේ කියල හොරණෑ පිඹපු ඔක්කොමගේ කටවල් අද සීල් තියලා.
BamunuarachchiWednesday, 10 June 2020 03:24 AM
හලෝ පිස්සු කරන්න එපා. රටේ ප්‍රශ්නයකදී කෙරෙන උද්ඝෝෂණයකදී අපිට අපේ වාහන මග නවත්වාගෙන පාරේ රස්තියාදු වුනාට මොවුන් නම් වත් නොදන්නා සුද්දෙකුගේ හා කල්ලෙකුගේ ප්‍රශ්නයකට මෙහෙ කරන උපවාසවලට අපිට පාරේ රස්තියාදු වීමට කිසිම උවමනාවක් නැත. මොවුන් පාරේ දමා යන කුණුගොඩවල් ඇදීමට පොලිසියට හෝ නගරසභාවට කිසිම වුවමනාවක් නැත. දැන් ඉතින් සියලුම උපවාස කරුවෝ "පාටි ටයිම්" ඉවරයි කියලා සිතා ගත්තාට කමක් නැත. කොහොම වුණත් උද්ඝෝෂණකරුවන්ට දෙක තුනක් ඇන වාහනයට ඔබන විදිහ බලා විනෝදයක් ලැබුවා.
BamunuarachchiTuesday, 16 June 2020 06:51 AM
අපි මේ ජනාධිපති තෝරාගත්තේ මෙන්න මේ යන ක්‍රමය හොඳයි කියලා මිස ලාබෙට කන්න බොන්න නොවෙයි. මොවුන්ගේ උද්ඝෝෂණ නිසා පාරේ රස්තියාදු වෙන්න කැමති කව්ද හලෝ? ඇමරිකාවේ කවුරු මැරුවත් අපිට තිබෙන රුදාව මොකක්ද? පාතාලයින් ආයුධ පෙන්වන්න එක්ක යන්න.. ඉදිරියට උද්ඝෝෂණය කරන්න ඉන්න අයට උණ ගැනෙන්න දැන් උද්ඝෝෂණය කරන අයට ගහන්න. අපේ කිසිම අමනාපයක් නැහැ. හලෝ හමබයින් බෝම්බ පුපුරවලා 300ක් මැරුණා නම් මේ පෙරට්ටෝ ඔවුන්ගේ අදහස් කීවද උද්ඝෝෂණ කළාද? අර කොහෙවත් ඉන්න කල්ලෙක් මරුණා නම් මේ අය මෙහෙ පාරවල් වහගෙන අපිට වදදෙනවා...
නන්නාදුනන හාදයා Tuesday, 09 June 2020 03:36 PM
මේ පටන් ගත්තා විතරයි. ඔය හොර ආඩම්බර ඇමෙරිකන් කාරයින් රටෙන් එළවිය යුතුමයි. නැත්නම් හැත්ත බුරුතු පිටින් මෙහෙට එන්න ගනීවි. වියට්නාමයෙන් කෑවා. ඉරාකයෙන් මදි නොකියන්න කෑවා. ඇෆ්ගනිස්ථානයෙන් තවමත් ඉඳහිටලා බඩ පුරා කනවා. හැබැයි ඇමෙරිකන් ආක්‍රමණිකයා ඉස්මුරුත්තාවට එන්නම කන්නේ අපේ රටෙන්... යම් විදිහකින් ආණ්ඩුවක් mcc ගිවිසුම අත්සන් කරලා රට පාවා දුන්නු දාට මේ එම්බසියට බෝම්බ ගහලා හරි බිමටම සමතලා කරනවා. ඇමෙරිකාව කියන්නේ ලෝකයට හැමදාමත්ම තර්ජනයක් වුණු පිස්සන් රැසක් ජීවත්වන රටක්.
BamunuarachchiWednesday, 10 June 2020 03:33 AM
ඔබද ඒක කරන්නේ? අපි දැක්ක එක කරන්න ආපු කොටසකට ඉල ඇටවලට දෙකක් අනලා ජීප් එකට ඔබලා රැගෙන යනවා. ඒක බලලා අපි වින්දනයක් ලැබුවා. මම මේ ඇමරිකාවට පක්ෂව කතා කොනවා නොවෙයි. ඔය මෙරටේ සමාජවාදී කියන අයට විරුද්ධව කතා කිරීමක්.
shantha Tuesday, 09 June 2020 03:37 PM
ජයවේවා සහෝදරවරුනි. අපි ඔබ සමගයි. දූෂිත ඇමෙරිකන් ගැති ආණ්ඩුව පෙරලා දමමු මේ ඡන්දෙන්.
BamunuarachchiWednesday, 10 June 2020 03:26 AM
මිනිස් ඔලු කොටුවල ගසා පාරවල් වල ප්‍රදර්ශනය කරන මීනී දණහිසෙන් ඉහළට උස්සන්න නොදෙන ආණ්ඩුවක් පිහිටුවා ගනිමු.
indika Tuesday, 09 June 2020 04:04 PM
ඔබලා ඇමරිකාවේ එකෙක් මැරිලා එයා වෙනුවෙන් කඩේ යනවා. ඒත් අපේම අය මැදපෙරදිග හිරවෙලා එන්න බැරිව තොග පිටින් එහෙ මැරෙනවා. ඔවුන්ව ගේන්න උද්ඝෝෂණය කරහල්ලකෝ. ඒ නුඹලාගේම සහෝදරයෙක්, සහෝදරියක්, අම්මෙක්, තාත්තෙක්. මැදපෙරදිග අය වෙනුවෙන් කතා කළ එකෙක් ඉන්නවද? ඔය දේශපාලන පක්ෂවල. අපේම උන් වෙනුවෙන් කඩේ පලයල්ලා. ඇමරිකාව වෙනුවෙන් ලෝකෙම යනවා කඩේ...
PrasadWednesday, 10 June 2020 01:41 AM
ඇමෙරිකන් කාරයෙක් අපේ රටේ පාලකයා කරන්න කොඩිය උස්සගෙන ඡන්දෙ දාන්න ආවේ ඔය රට විරුවන් තමයි. ඉතින් එයාලගේ සර්නේ ඉන්නේ...
saliya Tuesday, 09 June 2020 04:16 PM
රට සන්සුන්ව, තියෙනවා දකින්න බැරි මේනියාවක් මේ අයට තියෙනවා.
indika Tuesday, 09 June 2020 04:18 PM
ඇමරිකාව වෙනුවෙන් කිඹුල් කදුළු හෙලන අය, මැදපෙරදිග ලංකාවේ අය වෙනුවෙන් යමක් කරහල්ලකෝ...
සනත් ඉතාලිය Tuesday, 09 June 2020 04:32 PM
ඇමෙරිකාවේ උන් පාරට බැස්සේ කලු ජාතිකයන් වෙනුවෙන් නෙමෙයි. ඒ ට්‍රම්ට විරුද්ධ අය අවස්තාවාදි දේශපාලනය. අපේ උන්ටත් කොහෙවත් නැති වර්ගවාදී හේතුවක් අල්ලගෙන පාරට බහිනවා.. යකෝ පිටරට හිරවෙලා ඉන්න අපේම අහිංසක ශ්‍රමිකයින් ගෙන්නගන්න උද්ඝෝෂණය කරපල්ලා..
Mahesh Tuesday, 09 June 2020 04:51 PM
පෙරටුගාමී අයගේ දේශපාලන මතය ගැන එකඟ නැති වුවත්. පොලීසියේ අය ගහපු හැටි දැක්කාම හිතාගන්න පුලුවන් දුර්වලයින්ට මෙහේ පොලීසියේ සමහර මදාවියන් සලකන විදිය ගැන... මේ වගේ රටක ජීවත් වෙන්න නම් සල්ලි හෝ බලය ඕනෑවෙනවා. තොණ්ඩමන්ගේ එකට මීක් ගෑවේ නෑ.. හැබයි මේ දේශපාලන වශයෙන් දුර්වල කණ්ඩායමට නෙලුවා.. මාර නෙලිල්ලක් කියලා තමා කියන්න වෙන්නේ. අර තව කොහේද පොඩි දරුවෙක් කුදලාගෙන යනවා පොලීසියට.., තාත්තා හොයාගන්න බෑ කියලා. හැබයි අර පොලීසිය හොයහොයා හිටිය රවීලගේ එතකොට රාජිතලගේ නෝනා හෝ ළමයි උස්සන් ගියේ නෑනේ.. බලය සහ සල්ලි කතාකරන තව සිදුවීම් පෙලක් තමයි.. අපේ රටේත් පොලිසියේ නුසුදුසු මදාවියන් එලවන්න කාලේ හරි. ඔවුන් විනයගරුක නොවෙන තාක් මිනිස්සු විනය ගරුක වේවිද?
MD Tuesday, 09 June 2020 05:04 PM
යවන්න යවන්න වැලිකඩ යවන්න.. රාළහාමිලාට හුස්ම ගන්න දෙන්න... අපි වෙනුවෙන් එයාලා නිවාඩු නොගෙන වඩා එකදිගට වැඩ කළා. ඡන්දෙ ඉවර වෙනකම් ඇතුළේම තියන්න ඕනෑ...
ධනා Wednesday, 10 June 2020 01:06 AM
අත්අඩංගුවට ගත්ත ඔක්කොම පෙරටුගාමී එකේ අය වෙන්න බෑ. ඔය පක්ෂේ 42ක් නං නෑ. අනික කැම්පසුත් වහලානේ
kim Wednesday, 10 June 2020 05:23 AM
මොවුන්ගේ මානසික තත්ව පරීක්ෂාවක් කරලා, අංගොඩ නිරෝධායනය කළා නම් හොඳයි...
pradeepa Wednesday, 10 June 2020 05:33 AM
ඔයාලට ඇමරිකාවට ගිහිල්ලා උද්ඝෝෂණ කළා.. කලත් මෙහෙම ගුටිකන්න වෙන්නේ නැහැ, අපේ සර් කැමති නැහැ කලින් හිටිය රටට බනිනවට.. එ්ක වෙන්න ඇති, දැන් අපේ 69 ලක්ෂයට සැපද ඉස්සරහට ගුටි පූජාව දෙන්න පටන් ගන්න යන්නේ...
නුවන්Wednesday, 10 June 2020 07:30 AM
42යි... 69 ලක්ෂයක් ඔතන නෑ.
Lal Wednesday, 10 June 2020 06:49 AM
මෙවැනි විරෝධතා, උද්ඝෝෂන මැඬලීමට පොළීසියට බයිසිකල්චේන් පාවිච්චි කිරීමට අනුමැතිය ලබාදිය යුතුයි.